ශ්රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට ඇතිවී තිබෙන දෙකඩ වීම සමතයකට පත්කිරීම සඳහා එම දෙපාර්ශවයටම එකඟ විය හැකි අයෙකු වන කතානායක චමල් රාජපක්‍ෂ අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂක ලෙස නම් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.
පක්‍ෂයේ බොහෝ දෙනෙකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන වෙනත් පක්‍ෂ නියෝජිතයන් ද චමල් රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කර ඇතැයි ඇමතිවරයා ස`දහන් කළේය.
මේ යෝජනා පිළිබඳව ජනාධිපතිවරයාට ද දැනුම් දී ඇති බව අමුණුගම මහතා කීවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන වෙනත් පක්‍ෂ සම`ග සාකච්ජා කර තීන්දු තීරණ ගැනීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට බොහෝ දෙනෙක් මෙම යෝජනාව කළ බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
අමාත්‍ය සරත් අමුණුගම මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මීට අමතරව පක්‍ෂයේ දෙපාර්ශවයටම එකඟ විය හැකි පිරිසකට ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීම කෙරෙහි පක්‍ෂ නාමයෝජනා කමිටුවේ අවධානය යොමුව ඇති බව ද ඇමතිවරයා කීවේය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා කතානායක චමල් රාජපක්‍ෂ මහතා පසුගිය 30 වැනිදා මුණගැසී සාකච්ඡා කර ඇති අතර එය ඉතා සාර්ථක වී ඇති බවයි.
දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට චමල් රාජපක්‍ෂ මහතා ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙස මෙන්ම ඉදිරි මහ මැතිවරණය සදහා තරග කරන ලෙසද ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති බව ද සුමතිපාල මහතා කීවේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන ගේම් ගැහුවත් මහින්ද රාජපක්ෂ එන එක කට්ටියට නවත්වන්න බැහැ, ඒක ජනතා තේරීම නිසා. (ර)
අගේ ඇති තීරණයක්. (ර)
කොහොමද මෛත්‍රීපාල ජනාධිපති තුමාගේ ගැටය, (අ)
හොද තීරණයක් අතේ ඇගිලි පහම එක වගේ නෑ. කාව පත් කරත් මේ රජය සංවර්ධනය පටන් ගන්න ඕනේ ගමෙන්. (ර)
සියලු බෙදීම් ඇතිවී තිබෙන්නේ බලයට ඇති දැඩි ආසාව නිසයි (ම)
දේශපාලනයෙන් අයින් වෙන්න ඉන්න මොහොතක තමාගේ ගරුත්වය නැති කරගන්න තරම් චමල් මෝඩ නැහැ. මේ මහත්වරු ගහන්නේ තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීම පිණිස අසාර්ථක තුරුම්පුවක් (ම)
මේ පවුල් ගහේ අතු විතරමද ශ්‍රී ලංකා එකට තියෙන්නේ. තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා.. (බ)
මේ කට්ටියට කවුරු ආවත් කමක් නැහැ. ලැජ්ජ නැහැනේ. (බ)
අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ- අයියා මල්ලී වාගේ (ම)
රාජපක්ෂලා තවත් එපා...!! ලංකාව රකින කුමන හෝ දෙවි කෙනෙක් රාජපක්ෂ අයින් කළා.නැවත කවදාවත් එපා (බ)
යහපත් හොඳ අදහසක් (ම)
අමිත් මහත්තයෝ මහින්දව හොයාගෙන ජනතාව ගියා මිසක් මහින්ද ජනතාව පස්සේ අාවේ නැහැ ඵ් ගරුත්වය තවමත් ලක්ෂ 58ක් වු ජනතාව ගාව තිබෙනවා... (ම)
අපි බලමු එහෙමවත් කරලා... (නි)
චමල් කියන්නේ හොඳ කෙනෙක්. අපි බලමු (නි)
මේ තීරණය සම්බන්ධයෙන් යටි අරමුණක් තිබිය හැකිද?(හේ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
නිරන්ජන්, පුදුමය කියන්නේ ඒ ලක්ෂ 58 ට බලෙන් රිංගාගත් අයිතිකාරයොත් ඉන්නවනේ දැන්. පටන්ගැන්මේ සිටම ඔවුන් කළේ බලය අයුතුලෙස පාවිච්චි කිරීමයි. (නි)
ජයවේවා! (නි)
මම හිතන්නෙත් මේක හොඳ තීරණයක් (නි)
තව රාජපක්ෂ කෙනෙක්නේ! (නි)
ඇමෙරිකාවේ ජීවත්වෙන මම යූඑන්පී පාක්ෂිකයෙක් වෙලත් මහින්ද මහතා මගේ රට වෙනුවෙන් කළ මෙහෙවරට ණයගැතියි (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පද්මිණි නංගි හරියටම හරි (නි)
මේ තීරණයට මම නම් අකමැතියි. රාජපක්ෂලා තවත් එපා...!! (නි)
ඔය මොන ගේම් ගැහුවත් මහින්ද රාජපක්ෂ එන එක කට්ටියට නවත්වන්න බැහැ, ඒක ජනතා තේරීම නිසා.(ම)
ඒ අදහසත් නරකම නෑ.(හේ)
අපෙන් සුබ පැතුම්! (නි)