ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයින් සඳහා ආචාර ධර්ම මාලාවක් සැකසු බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම් ජයන්ත මහතා (04) පැවසීය.
කරුණු 10 කින් යුතු එම ආචාර ධර්ම මාලාව මධ්‍යම කාරක සභාවෙන් අනුමත වී ඇති බවත්,පළාත් පාලන,පළාත් සභා හා පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝතයින් සියලු දෙනා ඊට ගරු කළ යුතු බවත් ඔහු පවසයි.
මෙම ආචාර ධර්ම කඩ කරනවුනට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයා ඉවත් කලොත් අචාර ධර්ම මාලාව සහ බංකොලොත් මැති ඇමතිවරු පිරිසක් විතරක් ඉතිරිවේවි සමාජිකයන් නොමැති පක්‍ෂයක.(නදී)
මෙයාට නිදහස් පක්ෂයේ තීරණයට විරුද්ධව ගිහින් විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා වෙලා පක්ෂයේ නායකයා වෙන්න පුළුවන්. අනිත් අයට මීටීන් එකකට ගියාම විනය විරෝධීයි (නදී)
බුලත් කොලයටවත් පුටුවටවත් අතටවත් නෙවෙයි අපි ඡන්දෙ දුන්නේ රට නිදහස් කරපු ජාතියේ නායකයට. (නදී)
හෝ ගාලා කඩේ යනවා(නදී)
ඔබ කියන ආචාර ධර්ම පද්ධතිය, ඡන්දය දෙන අප ඉදිරියට ප්‍රසිද්ධ කල යුතුය. මෙවර අලුතින් මහජනයා පිළිගන්නා නාම ලේඛනයක් නාවොත්, 1994 සිට චන්ද්‍රිකාට ආවතේව කළ අයනම් ගෙදර යවන්න මහජනතාව බලාගෙන ඉන්නේ. ඒ බව නුගේගොඩ රැළියෙන් පෙන්නුවා.(නදී)
අලුත් ආචාර ධර්ම හඳුන්වා දීමට අවශ්‍ය නැහැ. මේ ශිෂ්ට මානව සමාජයේ සියලු දෙනා විසින් කෙනෙකුගේ බලපෑමකින් තොරව අධිකරණයට යාමට අවශ්‍ය නැති ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කරනවා. දේශපාලකයා යහපත් ප්‍රිය වචන කතා කරනවද? නැහැ, ඒ සදහා නීතියක් අවශ්‍ය නැහැ. ඔවුන්ට අද්‍යාපනය ලබාදිය යුතුයි. එසේ නැතිනම් හොද අධ්‍යාපනයක් ඇති අය ඒ සදහා යැවිය යුතුයි.(නදී)
අපිව ඔය කොළ කෑලි පෙන්නලා රවටන්න බැහැ. ඔය ආචාර ධර්ම ගැන කතා කෙරිල්ල පැත්තක තියලා අවංකව ආචාරශීලීව හැසිරිලා වැඩක් කරලා පෙන්විය යුතුයි. පාර්ලිමේන්තුවේ බල්ලෝ බළල්ලු වගේ පොරකාල, කුණුහරුප කියල, අපිට ආචාර ධර්ම ගැන කියවනවා. (නදී)
ආචාර දර්ම අර ගස් බැන්ද කෙනාට වලංගුද ? ඕවා මහජනයා රවට්ටන්න කියන ඒවා . වසර 20 පමණ බලයේ ඉදලා කරන්න බැරි උන ආචාර දර්ම දැන්ද මතක් උනේ. (නදී)
ඡන්දයක් කිට්ටුවෙනකොට මොකක්හරි ඉදිරියට ගෙනෙනවා. "සුබ අනාගතයක්, මහින්ද චින්තනය, යහපාලනය, ආචාර ධර්ම".... අනේ අපිට දැන් හොඳටම මහන්සියි. කරුණාකරලා රටේ අනාගතය වෙනුවෙන් මොනවාහරි කරන්න. (නි)
මේ කෙනෙහිලිකම් සියල්ල කරන්නේ රට දිනවාදුන් අපේ නායකයාණන්ටයි. ඔය කට්ටියටම අපි හොඳ පාඩමක් උගන්වන්නම් (නි)
ආචාර ධර්ම කියමින් කරන දේශපාලනය ගැන අපි දන්නවා (නි)
එහෙත් ලංකාවේ දේශපාලනය කරන්න "ආචාර ධර්ම පද්ධතියක් " අවශ්‍ය නැහැ නේද? (නි)
ලොකු ලොක්කන්ටත් ආචාර දර්ම අදාලද (නදී)
කෝ ඔය ආචාර ධර්ම පද්ධතිය.(හේ)