පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා එහි සිටි පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොම්පඤ්ඤවීදිය දෙස සිට බොරැල්ල, වේළුවන ප්‍රදේශයේ හරහා ධාවනය වූ  ත්‍රිරෝද රථයකට නවතන ලෙස පොලිසිය අණ කළත් පොලිස් අණ නොතකා ත්‍රිරොද රථය ඉදිරියට ධාවනය කළ බව පොලිසිය කියයි.  

ඒ අවස්ථවේ පොලිසිය ඊට වෙඩි තබා නතර කරගෙන ඇති අතර එහි ගමන් ගත් පුද්ගලය න් 5 දෙනකු , කඩු 3ක් ද සමග පොලිස් භාරයට ගෙන ඇත.

එම පුද්ගලයින් කොළොන්නාවේ පදිංචිකරුවන් බව ද පොලීසිය සඳහන් කරයි.