සහල් කිලෝවකින් හය දෙනකුට ප්‍රමාණවත් පිරිසුදු ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී 25 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව එහි සහන සේවා සංවිධානය කියයි.
ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ අදහසක් අනුව මෙය ක්‍රියාත්මකවේ.
මාර්තු 25 වැනිදා දස දහසකට දිවා ආහාරය නොමිලේ ලබා දීමෙන් ඇරඹෙන මෙම වැඩසටහන යටතේ පසුදින සිට දහවල් 11 සිට සවස 6 දක්වා සාධාරණ මිලකට ආහාර වේලක් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත.
ගංගාරාමය අනුබද්ධ බේරේ වැව සීමාමාලකය සහ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාල භූමි පරිශ්‍රයේදී බත් පැකට් ලබාදීම සිදු කෙරෙන අතර මිල පාලනයක් නැති අසාධාරණ වෙළඳුන්ගෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කරදීමටත් සෞඛ්‍යයට හිතකර සාධාරණ මිලකට බත් පැකට්ටුවක් ලබාදීමත් මෙම වැඩසටහනින් අපේක්ෂා කෙරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කාලෝචිත, හැමෝටම සෙත සැලසෙන, බොහොම පින්වත් සත් ක්‍රියාවක්!! (ම)
ඉතාමත් හොදයි. ඔය හරියේ සාමාන්‍ය ජනතාවට කෑම එකක් කන්න තැනක් තිබුනේ නෑ. (ත)
බොහොම හොඳයි. (ත)
පොඩි හාමුදුරුවනේ බොහොම හොඳ ක්‍රියාවක් (ත)
අගය කලයුතු පින්වත් කටයුත්තක් වගේම සහන මිලක් යටතේ බෙදාදීම සාධාරණයි නොමිලේ දෙනවට වැඩිය. (ත)
ඔබ වහන්සේ බොහෝ සත් ක්‍රියාවන් කරනවා. ඒ වගේ මෙයත් උතුම් ක්‍රියාවක් .මේ පින් බලෙන් ඔබ වහන්සේට බුදු බව අත්වේවා. හිමියනි, මෙය තවත් ප්‍රදේශ වලට ව්‍යාප්ත කරන්න. (ත)
ඔතනින් අරගෙන එළියෙන් විකුණලා ගානක් හොයා ගනී අපේ අයියල අක්කලා.. (ත)
උතුම් දාන පාරමිතාවක්. (ත)
ඔබ වහන්සේට මෙය දාන පාරමිතාවක් වේවා (ත)
හොඳ වැඩක්. (ත)
හරිම අගේ කල යුතු සත්කාරයක්. (ත)
අඩු මිලට දීම මහජන සේවයක්. සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ ආහාර සකස් කළ යුතුයි. (ම)
ඉතාම හොද වැඩක් මෙහෙම තමයි වැඩ ප්‍රයෝගික වෙන්න ඕනි !!(ම)
අපිට නිකම් බත් පැකට එපා , පිරිසිදුව සාධාරණ මිලකට ලබාදෙන්න , මේවා නියම පිංකම් (ම)
නායක ස්වාමින්වහන්සේ ඇතුළු මේ සත්කාරයට දායක වෙන අනිකුත් සියලුම දෙනාටත් අනෙක වාරයක් ස්තුති වෙන අතරම ,මතු ආත්මයේදී නිවන් දැකීමට හේතු වසන වේවා ......(ම)
ගංගාරාමයේ නායක හිමියෝ කවදත් රට, ජාතිය ගැන සිතන සම්බුද්ධ ශාසනයේ චිරස්තතිය වෙනුවෙන් අනුපමේය සේවයක් කරන දුප්පතාට ජාති ආගම් කුල භේදයකින් තොරව සේවය කරන ශ්‍රේෂ්ට හිමිනමක්. දීර්ඝායුෂ ලැබේවා! (අ)
තැරැව්කාරයන් ගෙන් බේරගන්න එක තමයි අමාරු, මෙතනින් අරන් ගිහිල්ල එළියේ විකුණන එක්කෙනාට 2 කට වැඩිය දෙන්න හොඳ නෑ (බ)
වෙළෙඳුන්ගෙන් සිදුවෙන අසාධාරණය වැලක් වීමට ගත් ඉතා වැදගත් ක්‍රියාවක්. අනෝජ් තෙන්නකෝන් කියන දේ හරි. මේ හිමිනම මගෙත් අතේ පිරිත් නුලක් බැඳලා සෙත් පැතුවා මා පොද්ගලිකව දන්නේ නැතුව. (අ)
තුරුණු බෙලෙන් මෙය ධාන පාරමිතාවක්ම වේවා (ම)
ගංගාරාමය වගේ මේවගේ සේවාවන් ඉටුකරන පන්සල් අප රට පුරා පිහිටු වුවොතින් මහා වෙනසක් අපට කරන්න පුළුවන්.පොඩි හාමුදුරුවන්ගෙ සේවය රටටම ආදර්ශයක්.රටේ පුංචි නොදියුණු පන්සල් වලට ආධාර කිරීම දැන් කලක පටන්ම සිදුකරන බව පසුගියදා එහි ගිය මට දැනගන්න ලැබුනා.සියලුම දේ මෙහි නොලිඉවට නිහඬව පොඩි හාමුදුරුවන් කරන සේවාව අපි ඉහලින්ම අගය කල යුතුයි. (අ)
මෙන්න පැහැදිලි වෙනසක්. පක්ෂ පාට මාරු කරන අනෙකුත් ස්වාමීන් වහන්සේලාට අාදර්ශයක්ම වේවා (නදී)
ඉතාමත් ඉතාමත් හොද සත් ක්‍රියාවක් , අපේ ගංගාරාම පොඩි හාමුදුරුවෝ බුදු වේවා. අපේ ලංකාවේ ප්‍රධාන පෙලේ පන්සල් දොළහක් පමණ තියනවා. මොන පන්සලේද ලොකු හාමුදුරුවෝ දවසේ ඕනෑම වෙලාවක ඕනෙම බැතිමතෙකුට පිරිත් නුලක් ගැට ගහන්නේ කිවූ පමණින්. ඒ අපේ පොඩි හැමදුරුවෝ පමණි. (ත)