මහ බැංකුවට ණය ගැනීම සඳහා විකල්ප ක්‍රම 4ක් තිබෙන හෙයින් එවැනි විකල්පයක් තෝරාගත්තේ නම් මීට වඩා අඩු පොළියකට ණය ගැනීමට අවස්ථාව තිබූ බව ‘මහ බැංකුවේ බැඳුම්කර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා කියයි.
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව පිටු 447 ක අංග සම්පූර්ණ වාර්තාවක් සකස්කර තිබෙන අතර එම වාර්තාව පිළිබඳව අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසයි.
කෝප් කමිටුවට ගෞරවයක් තිබෙන අතර එහි රහස්‍ය භාවය ආරක්ෂා කරගත යුතු හෙයින් දේශපාලන වේදිකාවේ එම වාර්තාව මාතෘකාවක් කර නොගන්නැයි දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවද ඩිව් ගුණසේකර මහතා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් වැඩක් නෑ.(හේ)
එහෙම කළාම කොහොමද මහත්තයෝ තමන්ගේ මිනිස්සු කීයක් හරි හොයාගන්නේ.(හේ)
කොප් වාර්තාව හින්දනේ ඉක්මනට පාලිමන්ට් (ම)
ඔය සල්ලි ගත්තේ ඡන්දේට වියදම් කරන්න (ම)
මෙතෙක් කල් කෝප් කමිටු වාර්තාවලට මොකද උනේ ? (ර)
කෝප් කමිටුවෙන් මෙපමණ කාලයකට දීපු වාර්තා ,නිර්දේශ ක්‍රියාත්මක නොකර මේක ගැන විතරක් කියලා වැඩක් නැහැ .(ම)
දවස් සීයට ඔච්ච්ර නම් අවරුදු පහකට කොච්චර ගහවිද? අපිට මතකි මහවැලියෙන් ගහපු හැටි රොනී පාර්ලිමේන්තුවට කියපු හැටි.හොරා දැනටම රටින් පැනල. (අ)
දේශපාලන වේදිකාවේ එම වාර්තාව මාතෘකාවක් කර නොගන්නැයි දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවද ඩිව් ගුණසේකර මහතා කියයි. එතකොට හොරු ආරක්ෂා වෙනවනේ. (අ)
බහුබූත කියවන්නේ නැතිව වාර්තාව එලියට දාන්න. එතකොට කාටත් කියවන්න පුළුවන් හරියට ඔප්පු කරලා තියෙනවද කියලා. නිකන් "ගන්න තිබුනා" කියන එකේ තේරුමක් නෑ. (අ)