කටුනායක ගුවන්තොටුපළ පිරිසිදුකරන කොන්ත්‍රාත් සමාගමක සේවකයන් සිය අඩු පඩියට එරෙහිව අද (20) වැඩට නොපැමිණි බව ගුවන්තොට ආරංචි කියයි.
වෙනත් සමාගමක සේවකයන් යොදා වැඩ පිරිමසා ගත් බව දැනගන්නට ඇත. අද උදේ 9 වැඩමුරයට සේවකයන් 90 දෙනකු නොපැමිණි බව කියති. ඔවුන් පවසනුයේ එක් අයකුට දිනකට ලැබෙන වැටුප රුපියල් 235ක් බවයි. එම වැටුප දෙවරකදී ගැනීම සඳහා දින 26 ක් වැඩට පැමිණිය යුතු බවත් ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් කොල්ලයක්. මිනිස්සුන්ගෙන් මෙහෙම අමානුෂික විදිහට වැඩ ගන්නේ කොහොමද?. (බ)
සහගහනවා තොපිට අහිංසක මිනිස්සුන් වහල්ලු කරලා බඩට කන්නවත් හරි යමක් නොදෙන්නේ. අන්ත අසරණ දුප්පත්ම මිනිස්සු දිහා බලන්න කවුරුවත් නැති හැටි. වගකිවයුත්තන්ගේ ඇස ඇරේවා. (බ)
ඔව් ඕක කරන්නේ ඔය පිරිසිදු කරන කොන්ත්‍රාත් සමාගම් තිබුණා. අඩු පඩි ගෙවලා සේවකයන්ට හොදට හම්බ කරනවා එයාලා (බ)