අවිස්සාවේල්ල, පුවක්වත්ත, ප්‍රගතිපුර නිවසක් පිටුපස අඩි 15 අඟල් 2ක් උසැති ගංජා ගසක් සොයාගත් බවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
සරුවට වැඩී ඇති මෙම ගංජා ගසේ අතුරිකිලිවලට පොලිතින් තබා බැඳ තිබූ බවත් දැනට බස්නාහිර පළාතෙන් සොයාගත් විශාලතම ගංජා ගස මෙය බවත් පොලිසිය පවසයි.
35 හැවිරිදි සැකකරු මීට පෙරද ගංජා ළඟ තබාගෙන අධිකරණයෙන් දඬුවම් නියමවූ අයකු බව කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලස්සනයි. ඒත් අපරාදේ. (බ)
අපරාදේ කියන්න බැහැ, ලස්සනට තිබෙනවා. (නි)
අනේ ලස්සන මල් ගහ තියෙන්න හරින්න (බ)
වවන්නෝ දිනන්නෝ (බ)
ගංජා කියන්නේ බෙහෙතක් ...ඇමෙරිකාවේ ඕන තරම් හදනවා ,පිළිකාවට බෙහෙතක් විදිහට ...අපේ පොලිසිය ඕව නම් අල්ලනවා . අනෙක් අයගෙන් ජරාව කනවා (බ)
අනේ වාසනාවන් දැක ගන්න ලැබීමත් කොච්චර වාසනාවක්ද. (බ)
මේ ගහ විනාශ නොකර තියනවානම් මම කැමති. (බ)
මේක දැනුවත්ව වවපු ගහක් නම් වෙන්න බැහැ, කොළ කඩපු බවක් පෙන්නේ නැහැනේ (බ)
අපේ ගෙදර වත්තෙත් තියෙනවා මේවගේ ගහක්. මම දැනන් හිටියේ නෑ ඒ මොනවද කියල... එ්ත් ඉතින් ඉබේ පැලවෙන ගස් වලට මට කරන්න දෙයක් නෑ. (බ)
ගස් වවන්න කියනවා. අපරාදේ කපන්නේ (බ)
අවුරුදු දෙකක් වත් යන්න ඇති මේ තරම් උසට වැවෙන්න.(හේ)
අනේ මේක නීති ගත කරන්න. පොලිසියට තව වැඩ තියෙනවා (බ)
ගංජා වලට ඕනේ තරම් පිටරට ඉල්ලුම තියෙනවා.. ඒවගේ ඒවා නීති ගත කරලා ඒවාට ප්‍රමිතීන් පනවලා අපනයනය කිරීමෙන් ගොවියාට ආදායමක් වගේම රටටත් විදේශ විනිමය උපයන්න පුළුවන්. මේ වගේම දෙයක් තමයි වල්ලපට්ට. ඒවා වවන්න එපා කියන එකෙන් වෙන්නේ අපරාධයක්.(හේ)
ගංජා කියන්නේ දිව්‍ය ඖෂධයක්. (හේ)
අපේ ගෙදරත් මේ වගේ ගහක් තියෙනවා කවුද දන්නේ මොනවද කියලා ...මම නම් ඒක ලස්සනට ගෙදර වවනවා .(හේ)
කියලා වැඩක් නෑ.(හේ)
සම්ප්‍රදාය නම් එකක් කපල දෙකක් හිටවන එක තමයි. (බ)
තේක්ක ගහක අගය වඩුවා දන්නවා වගේම මේවල අගය දන්නේ පාවිච්චි කරන අයම තමයි (හේ)
ආයුර්වේදය නිසා අපේ ලංකාව ලෝකයේ ගොඩාක් ප්‍රසිද්ධයි , ගංජා පැලය වෙදකමට අගනා වස්තුවක් මේ පැලය ආරක්ෂා කළ යුතුයි (බ)
ඇත්තටම මේ ගහ බේත් වලට හරිම ප්‍රයෝජනවත්. එ්ක මම හොදටම දන්නා දෙයක්. ගංජා වවන්නේ අක්කර ගණන් ඒවා හොයාගන යන්නකෝ. අපරාදේ මේ ගහ. (බ)