
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුළුගම අලොතියාව ප්‍රදේශයේ කුඩා කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන නිවසක් අද (1) අලුයම සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ බව බණ්ඩාරගම පොලීසිය කියයි.
ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍ය කුඩුකර විදේශ ගත කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙම නිවසේ පවත්වාගෙන යන බවත් ගින්න ඇති වන අවස්ථාවේ දී එහි කිසිවකු සිට නොමැති බවත් පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් ක්ෂණිකවම ස්ථානයට පැමිණ හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකක නිලධාරීන් කැඳවා ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක් ගත් අතර ගින්න ඊට වඩා වැඩි වේගයකින් සම්පූර්ණයෙන්ම නිවස පුරාම පැතිර ගිය බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
විදුලිබල මණ්ඩලයේ සේවකයන් ද කැඳවා ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබේ.
ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැති අතර ගින්න ඇති වීමට හේතුව හෝ සිදු වූ අලාභය මෙතෙක් අනාවරණය වී නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම වෙන්නේ අටලුගමට...