බණ්ඩරගම කිම්මන්කුඩාවේ හා පනාපේ ගංවතුරින් අවතැන් වූ 500කට පමණ බණ්ඩාරගම අටුලුගම මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ පල්ලියේ කෑම උයා ආහාර පාර්සල් 500ක් පරිත්‍යාග කළහ.
බණ්ඩරගම කිම්මන්කුඩාවේ හා පනාපේ ගංවතුරින් අවතැන් වූ 500කට පමණ බණ්ඩාරගම අටුලුගම මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ පල්ලියේ කෑම උයා ආහාර පාර්සල් 500ක් පරිත්‍යාග කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ක්‍රියාව දැනුම් දුන් ලංකාදීපයට ස්තූතියි! (නි)
කොච්චර හොඳ කටයුත්තක්ද මේ? (නි)
කෙනෙක් අසරණ වූ විට පිහිට වීම උතුම් ක්‍රියාවක්.. (නි)
දැන් ඕකටත් මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියයි. (නදී)
ඔබලාට පින් (නදී)
සහජීවනය නැත්නම් කිසිවක් කරන්න බැහැ. අන්න ඕක තමයි සමහරුන්ට තේරෙන්නේ නැත්තේත් (නි)
බොහොම හොඳ සද්ක්‍රියාවක් (නි)
අනතුරකදී ජාතිබේද නැතිව අත දීම ශ්‍රී ලාංකිකයන්ගේ පුරුද්දක් . අටුලුගම මුස්ලිම් ජනතාවට ප්‍රණාමය. (ස)
නියම මිනිස්කම කියන්නේ මේකටයි (නි)
මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕනෑ. මිනිසුන්ට උදව් කරනවා නම් ඒකයි වටින්නේ. (නි)
සහජීවනයට ඉතා හොඳ ආදර්ශයක් (නි)
සමහරුන් ජාතිවාදය අවුස්සද්දි තවත් සමහර දේශපාලුවෝ තමන්ගේ වාසියට ඒවාට ගිනි අවුලුවත්දී මේ වගේ අපි එකමුතුව සමගියක් ගොඩ නගා ගෙන මේ සියලු ජාතිවාදයන් පිටුදකිමු. එදාට අපි හැමෝටම සතුටින් හිනැහෙන ශ්‍රී ලංකාවක් දකින්න පුළුවන් වෙනවාමයි. (නදී)
මෙන්න මෙහෙම අලුත් විදිහට හිතමුකෝ (නි)
කල උපකාරය සිංහලයෙක් හැටියට නිහතමානීව අගය කරනවා. (ස)
සියලුම වදන් ලියූ අයට බොහොම ස්තුතියි (නි)
බොහොම හොඳ වැඩක්. කරදරයක් උනාම උදවු කිරීම මිනිස් ගතියයි. (ස)
කොච්චර හොඳයිද? (නි)
ජාති බේද නැතුව ඔන්න ඔහොම තමයි සියල්ලන්ම ඉන්න ඕනෑ (නි)
හොඳ වැඩක්,සිංහල මිනිස්සුත් මුස්ලිම් මිනිසුන්ට මේ වගේ දෙයක් වුණහම උදව් කරලා තිබෙනවා.මතක නැද්ද 1978 ආ සුළි සුළඟට අපේ මිනිසුන් මඩකලපුව,සමන්තුරෙයිපැත්තේ ගියේ ලොරි සිය ගණන් බඩු පටවාගෙන. (නි)
ඉතාම හොඳයි. එම මුස්ලිම් සහෝදරයන්ව අගය කරමි (නි)
හොද දේ අගයමු (නදී)
හොඳ සද්ක්‍රියාවක්. කරදරයක් වුණහම හැමෝම හැකි විදිහට උදවු කරන්න ඕනෑ (නි)
හොඳ වැඩක්. එතන මෙතන උදගෝෂණ කර කර රටේ ආපදා ගැන කිසිම තැකීමක් නැතිව ඉන්න උදවියට ආදර්ශයක්. (ස)
විපතකදී අසල්වාසීන්ට පිහිටවීම කාගේත් යුතුකමක් (නි)
බලන්න කෙතරම් අගය ඇති වැඩක්ද? අතන මෙතන සිදුවෙන දේවල් විවේචනය කරන්නේ නැතුව තමන්ට පුළුවන් දේ මේ මුස්ලිම් සහෝදරයන් කළා. (නි)
මේ සද්ක්‍රියාවට සහභාගි වූ සැමට යහපතක්ම වේවා! (නි)
බලන්න කොච්චර උතුම් කටයුත්තක්ද කියලා (නි)
ගුණවන්ත මිනිසුන්,අසල්වාසීන් විපතට පත්වුණ වෙලාවේ යුහුසුලුව අවශ්‍ය දේ සපයන්න ඉක්මන්වෙලා.... (නි)
හරිම සතුටුයි. මේ සහෝදර ජනතාවට යහපතක්ම වේවා ! (නි)
සමහරුන් ජාතිවාදය අවුස්සද්දි තවත් සමහර දේශපාලුවෝ තමන්ගේ වාසියට ඒවාට ගිනි අවුලුවත්දී මේ වගේ අපි එකමුතුව සමගියක් ගොඩනගාගෙන මේ සියලු ජාතිවාදයන් පිටුදකිමු. එදාට අපි හැමෝටම සතුටින් හිනැහෙන ශ්‍රී ලංකාවක් දකින්න පුළුවන් වෙනවාමයි.(නදී)
කළ කාර්යය ඉතා වටිනා දෙයක් (නි)
පොඩි පොඩි දේවල් වලටත් 500 ක් විතර කොටුවට, ලිප්ටන් වටරවුමට ගෙන්න ගෙන උද්ඝෝෂණ කරන අපේ මල්ලිලට බැරිද මේ වගේ වෙලාවක මේ මහත්වරු කලා වගේ හොඳ දෙයක් කරන්න.(නදී)
ගොඩක් පින්. ගම් වල මිනිසුන්ගේ හිත් වල කහටක් නැහැ. (නි)
කෝ අර සෑම දෙයකටම කෑගහන කට්ටිය? (නි)
විපතක් වූ වෙලාවේ උදව් කිරීමයි මනුස්සකම. හැමදාමත් මේ එකමුතුව තිබෙනවා නම් කොච්චර හොඳද? (නි)
අපි සියල්ලෝම එකම ජාතියකි (නි)
මෙම කාර්යය ඉතා ඉහළින් අගය කරමි (නි)
මේ ක්‍රියා හෙලා දකින අයත් ඉන්නවා.(නදී)
අපි ගාව භේදයක් නැහැ සමහර අය අපිව අවුස්සනවා ජාකි භේද ඇතිකරන්න.(නදී)
හදවතින්ම සුභ පැතුම් ! (නදී)
ලස්සන වැඩක්. ගොඩක් සතුටුයි. හැමෝම සහයෝගයෙන් ඉන්නවා නම් අපේ රට දිව්‍ය ලෝකයක්. බොහොම පින්.(නදී)
ඕක තමයි කියන්නේ ඕනෑම දෙයකදී අපිට අසල්වැසියාව අවශ්‍යයි කියලා. එකම රටේ, එකම අහසක් යට , එකම හුස්ම බෙදාගන්නා මිනිස්සුනේ. ගංවතුර පහව ගියාමත් මේ විදිහටම ඔබලාගේ ජීවිතය බෙදා හදා ගන්න. (නදී)
ඔන්න ඕක තමයි කියන්නේ ජාති බේද නැතිව සමගිව ඉන්ඩ ඕනා කියලා.(නදී)
ලංකා දීපයේ උතුම් වැඩක්, ලාංකීය මුස්ලිම් ජනතාවගේ හිතේ ජාතිබේද කියන දෙයක් කවදාවත් නැහැ. කව්රු අපිට අපහාස කලත් අපි අපේ සහෝදර ශ්‍රී ලංකික ජනතාවට පුළුවන් උදව්වක් කරනවා.එහෙම අපි කලේ නැත්නම් මේ පුන්‍ය ශ්‍රී ලංකික භූමියේ ඉපදිච්ච භාග්‍යට අපහාස කරනවට සමානයි. (ස)
ඉතාමත් හොඳ සත් ක්‍රියාවක්...... (ස)
මුස්ලිම් සහෝදරයිනි. ඔබලාට ගොඩක් පින්! ළඟ එන පොසොන් මංගල්ලයේදී අපේ පොසොන් දන්සල් වලටත් ගොඩ වැදී අපි අතර බැඳීම ලොවට පෙන්වමු.ලංකාදීපයට ස්තුතියි. (ස)
ජාති, ආගම් වැනි පටු ආකල්ප වලින් හිස පුරවාගෙන ලෝකය ගිනි තියන ඇතැමුනට ඔබ පෙන්වා ඇති ආදර්ශය ඉතා අගනේය. ඔබලාට ජය වේවා ! (නදී)
අපිත් දර්ගා නගරයෙන් කෑම පාර්සල් 400 ක් පමණ දුන්නා. ඒ මතුගම ප්‍රා.ලේ. කොට්ටාශයේ එක් පන්සලකට. එහි විහාරාධිපතියෝ අපට ගොඩාක් ස්තුති කලා. උන් වහන්සේ අපගෙන් තවත් ඉල්ලීමකුත් කලා. ඒ උන් වහන්සේගේ ස්තුතිය පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාවට දැනුම් දෙන්න කියා. හැබැයි මේවා පත්තර වල ප්‍රචාරය වුනේ නෑ. පන්සලට යෑමට මුලින් අප යම් බියකින් පසුවුවත් විහාරාධිපති හිමියන්ගේ ගතිගුණ දැක්කම අපි මහත් පුදුමයට පත්වුණා. උන් වහන්සේට දීර්ඝායුෂ වේවා.(නදී)
ඉතාමත්ම අගෙයි (නි)
පේනවා නේද, කොච්චර කිවුවත් අන්තිමේදී තමන්ට ඉන්නේ මොන ජාතියේ වුණත් අසල්වැසියා හරි රටවැසියා හරි විතරයි. ඔව් සහෝදරවරුනේ, අපි අනිවාර්යෙන්ම ඔයාලගේ පොසොන් දන්සල් වලට එනවා. (නි)
ඔබට අපගේ ආචාරය! වැඩි වැඩියෙන් ලැබේවා! (නි)
අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ. කරදරයක් උනාම උදව් කිරීම මිනිස් ගතියයි. (නදී)
ඇන්ඩර්සන්, හිතේ කුහකකම තියාගෙන කතා කරන්න එපා. කළ හොඳ දේ ඇගයීම හොඳයි (නි)
මොනවා උනත් අපි ලාංකිකයෝ කියලා හිතනවානම් ප්‍රශ්නයක් නෑනේ. මොන ජාති වුණත් මොන ආගම උනත් අපින් ලාංකිකයෝ නේ. අපි ඉපදුනේ මේකේ මැරෙන්නෙත් මේකේ ඉතින් මොකටද අපි රණ්ඩු වෙන්නේ (දිල්)
මේ වගේ එකට ඉන්න එක එකාගේ දුක හඳුනාගෙන පරිත්‍යාග කරන එක ජාතියක් වගේ සහෝදරත්වයෙන් ජීවත් වෙන්න කැමති ශ්‍රී ලංකික ජනතාවගේ එකට බැඳීම තමා මේ පෙන්වන්නේ මුස්ලිම් සහෝදරවරුනේ ඔබ සැමට අපේ ප්‍රණාමය. (දිල්)
සොබා දහම සිංහල,දමිල,මුස්ලිම්, බලන්නේ නැත. යට වෙනකම් වහිනවා. නමුත් අපි තුන් සිංහලයම නෑදෑයෝ (නදී)
මොහොමඩ් - පන්සලකට යන්න කවදාවත් බය වෙන්න එපා.. කුරා කුම්බියෙකුටවත් හිංසාවක් නැති එකම තැන තමයි පන්සල. ඔබ සැමට මගේ ප්‍රණාමය..(දිල්)
කොච්චර ලස්සන වැඩක්ද ස්තූතියි අපේ මුස්ලිම් සහෝදරයින්ට (දිල්)
ඔබට ස්තූතියි සහෝදරයිනේ! (නි)
ඔතන බත් පාර්සල් 100ක් වත් නැතුව ඇති. වටිනාකමත් අඩු ඇති. හැබැයි ඒ දුප්පත් මිනිස්සුන්ගේ චේතනාව කෝටියක් වටිනවා. මේවා පළකරලා අපි අතර සහෝදරත්වයක් ඇතිකරන ලංකාදීපයටත් ගොඩක් පින්. (නි)
කොච්චර ලස්සන වැඩක්ද? එක ජාතියක්, එක මව්බිමක්. ස්තුතියි අපේ මුස්ලිම් සහෝදරයින්ට. (නි)
ජාති ආගම් බේද අවුස්සන උදවියට මෙන්න කදිම පාඩමක්. තවම ලංකාවේ අය ළඟ එකමුතුබව තිබෙනවා කියලා ලෝකයටම කියන්න පුළුවන් ආදර්ශමත් ක්‍රියාවක් (නි)
කොච්චර හොඳ වැඩක්ද? දෙන්න අත නුඹගේ... සිප වැළඳ මගේ ප්‍රණාමය පුද කිරීමට......!! (නි)
මේක තමයි මනුස්සකම... අද මට නම් හෙට ඔයාට (නි)
ගං වතුරට සිංහල දෙමළ මුස්ලිම් කියල බේදයක් නෑ. මිනිස්සුන්ට ඒක තේරෙනවනම් එච්චරයි. (දිල්)
සහතික ඇත්ත නසාර්, අපි සියල්ලෝම එක මවකගේ දරුවන්. ඔයාලට ගොඩක් ස්තූතියි (නි)
ඉතා විශිෂ්ට කාර්යයක් (නි)
මට නම් හිතෙන්නේ බොර දියේ මාළු බානවා වගේ කියලා (නදී)
මෙතන ප්‍රතිචාර දාපු සහෝදර සහෝදරියන්ට ස්තුතියි. අපි සියලු දෙනා එක මවකගෙ මෙන් ජාති භේදයකින් තොරව ජීවත් වෙමු. (නදී)
අගය කල යුතු වැඩක්. (නදී)
ඇත්තටම අගය කළ යුතු දෙයක් මේක.(නදී)
ඉතා උතුම් ක්‍රියාවක්. මේ රට අප සැම දෙනාගේමයි. අපි සැම එකමුතුයි. (නදී)