අඟුලානේ දී 2009 අගෝස්තු මාසයේ දී දිනේෂ් තරංග ප්‍රනාන්දු (21) සහ ධනුෂ්ක අපොන්සු (26) වෙඩි තබා ඝාතනය කළ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු පිරිසට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය යළි ස්ථිර කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය විත්තිකරුවන් ඉදිරිපිට ප්‍රකාශ කළාය.

අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති පී ඩී නිව්ටන්, කොස්තාල්වරුන් වන ඉන්ද්‍රවංශ කුමාරසිරි, ධම්මික නිහාල් ජයරත්න සහ ග්‍රාමාරක්ෂක ජනප්‍රිය සේනාරත්න පෝරකයට නියම වූ සිව් දෙනාය.