ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය හරි හැටි විමර්ශන නොකළ බව කියමින් අඟුණකොළපැලැස්ස ගම්වාසීහු 200ක් පමණ අඟුණකොලපැලැස්ස පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් ඇරැඹූහ.
අවුරුදු 12ක දැරියක අපයෝජනය කළැයි කියන සැකකරුවකු අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබීය.
පොලිසිය හරි හැටි විමර්ශන සිදු කළේ නැතැයි කියමින් ගම්වාසීහු පොලිසිය අසලට පැමිණ හූ කියමින් විරෝධතා දක්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් විරෝධතාවය කරන්න තිබුනේ අධිකරණය ඉදිරිපිට නොවේද? (නි)
ඔක්කොටම කලින් මේ ස්ත්‍රී අපචාර සැකකරුවන්ට ඇපදෙන විලාසිතාව නැතිකරන්න ඕනෑ. නැත්නම් මිනිහා ගෙදර ගිහින් එක්කෝ සාක්කි විනාශ කරනවා. නැත්නම් සාක්කිකරුවන්ට සහ අගතියට පත් පාර්ශවයට තර්ජනය කර කට වහනවා. (නි)
ඇත්තෙන්ම මේ පුද්ගලයා විසින් දැරිය අපයෝජනයට ලක්කළේ නම් ඔහුට ඇප දෙන්න පොලිසිය කැමති වුණත් අදිකරණයට ඒ ගැන යමක් කරන්න තිබුනානේ. රටේ නීතිය හැමෝටම සාධාරණ වෙන දිනයකුත් එළඹෙයිද? (නි)
එම දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත්කර නැද්ද? ඩී.එන්. ඒ. පරික්ෂාව කර නැද්ද? (නි)
අවුරුද්දකට එක දවසක් ලොකු ලොකු නෝනලා කාන්තාවන්ට ජයවේවා කියාගෙන කොළඹ සැප පහසු වීදියකට බහිනවා. එක් කෙනෙන් යනවාද මෙහෙම විපතටපත් කාන්තාවක් ගැන සොයා බලා සහනයක් සළසන්න. හැබයි අර කාන්තා දිනයේ විදි සංදර්ශනයේ පින්තුර විදේශ රටවල් වලට යවලා ලංකාවේ කාන්තා සුභසාධනයට කියලා ආධාර ගන්නවා. නමුත් ඒවාට වෙන දෙයක් නැහැ. මෙහෙම අතවරයට පත්වෙලා මානසිකව වැටුන බවලතුන්ට යම්කිසි වෛද්‍ය උපදෙස් හෝ උපදේශන සේවාවක් සඳහා යොමු කරන්න අවස්ථා තිබෙනවද? ඒ අයගේ මනස හදලා ඉදිරි ජීවිතය සුරක්ෂිතව ගෙනියන්න උදව් ලැබෙනවාද? (නි)
සුදෙල්මිගේ දැනුම ගැන නම් කියන්න තියෙන්නේ ..... කියල තම.(ම)
මොකද මම කිව්වේ ජාති වදයක් ගැන නෙවෙය. එතන කළේ වෙන සංදර්ශනයක් කියල.එක මාකටින් වලට ගත්ත කියලා.වැරදි කරනවානම් ජාතිය ආගම බලන්නේ නැතිව දඬුවම් දිය යුතුයි (ම)
ලංකාවේ ළමා අපචාර සම්බන්ධව විශේෂ අධිකරණයක් බත්තරමුල්ලේ තිබෙනවා. කොහොම වුණත් ළමා අපචාර ඔප්පුකිරීම ඉතා අසීරුයි. උසාවියේ ගරු ගාම්භීරත්වය දැක්කහම, කාකි සුට් දැක්කහම ළමයි බයවෙනවා. නීතිඥයින් අඩි හප්පලා ප්‍රශ්න අහනකොට බයවෙනවා. මේක නීති කෂේත්‍රයේ ඉන්න අය දන්නවා. වෙන රටවලදී ළමයා වෙනම තියලා සාක්ෂි ගන්නේ සාමාන්‍ය පටිපාටියෙන් තොරව. සෑම දිස්ත්‍රික්කයකම ළමා අධිකරණ පිහිටුවන්න රජය පියවර ගතයුතු කාලයයි මේ (නි)
හරි නම් ඔය ඔන්.ජී.ඕ.නෝනලා කොළඹ බංගලාවලින් ගිහින් ඔය වගේ දැරියන් මුණගැහෙන්න ඕනෑ. ඔය නෝනලා දන්නෙත් නැතුව ඇති මෙහෙම දේවල් වෙනවා කියලා. (නි)
මේ අර පහුගිය කාලෙ දේශපාලනයට සම්බන්ධ වුණ පොලිස් ලොක්ක ඉන්න පොලිසිය නේද.. අර බැනර් එහෙමත් ගහල තිබුනේ..(ම)
විකුම් ඔයා නම් කියන්නේ මාර කියුම්. (ම)
කෝ එතකොට අර යාපනයේ ළමය අපයෝජනයට ලක් වුන වෙලාවේ විශේෂ අදිකරණ, කොළොඹ පහන් පත්තු කරපු අය. ඇයි මේ ළමය ලංකාවේ කෙනෙක් නෙවෙයිද.එතනත් දේශපාලන ගන්න උත්සහ කළා මිසක ළමයින්ට ආදරේට නෙවෙයි. නිකන් මාධ්‍ය සංදර්ශන විතරයි (බ)
අගුණූකොළ පැලැස්ස පොලිසියේ හිටියා හොඳ ස්ථානාධිපතිවරයෙක්. රසික ප්‍රසන්න රත්නායක කියල. ඒ මහත්තයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අනුගාමිකයෙක්. ඒත් අගුණූකොළ පැලැස්ස ගමේ මේවගේ දේවල් ඇති වෙන්න ඉඩදුන්නේ නැහැ. මහින්ද මහත්තයාගේ ගෝලයන්වත් ඇතුලට දැම්මා. හොදින් හෝ නරකින් අපරාධ පාලනය කළා. ඒ මහත්තයා හිටියනම් ඔය කියන සැකකරැට ඇප නෙමෙයි ලැබෙන්නේ. තාමත් ඉන්නේ බන්ධනාගාර රෝහලේ. කැඩිච්ච අතපය වලට බෙහෙත් ගනිමින්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනව අධිකරණයෙනුයි ඇප දුන්නේ කියල. ඇප නොලැබෙන විදිහට බී. වාර්තාව ඉදිරිපත්කරල පරීක‍්ෂණ කළා නම් මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. පොලිසිය දැන් ඒ වැරැද්ද වහ ගන්න බොරු බේගල් ඇදබානව. වැස්සවෙලාවට මේ මිනිස්සු කොහොමද දන්නේ නැහැ පාරවල්වල යන්නේ. (බ)
කාංචන විජේසේකර දෙමළ මිනිසුන්ගේන්වත් ඉගෙන ගෙන මනුසයෙකුට විපතක් වුණාම උදව් කරන්න බලනවා ජාතිවාදය ඔලුව උඩ තියාගෙන කෑගහන ඔයාලාගේ කට්ටිය විනාශ කරපු පොලිසය හදන්න සියලු ශ්‍රී ලාංකිකයන් එකාවන්ව නැගී සිටිය ඕන (ම)
ගයාන්, සෑම්ගේ ප්‍රශ්නයට උත්තරය දීලා තියනවා වගේ (නි)
පසුගිය රජය කාලේ රට ආශ්චර්යයට ගිහිල්ලා තියන හැටි තමයි. (නි)