(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පවුල් ආර්ථික අපහසුකම් නිසා බව කියමින් බාල වයස්කාර සිසුන් තිදෙනකු රැකියා සොයා නිවෙස්වලින් පලාගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි.
නිවෙස්වලින් පලාගොස් සිටින මෙම සිසුන් තිදෙනා අවුරුදු 14 – 15 යන වයස්වල පසුවන අතර වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබති.
ඔවුන්ගේ මවුපියන් කම්කරුවන් ලෙස සේවය කරන අය බවද කියති.
ආර්ථීක අපහසුතාවලින් පෙළෙන නිසා රැකියාවක් සොයා යෑමට අවශ්‍ය බව එක් සිසුවකු නිවෙසින් පලා යෑමට දින කිහිපයකට කලින් ඔහුගේ කිරි අම්මා සමග පවසා ඇතැයි පොලිසිය කියයි.
අනෙක් සිසුන් දෙදෙනා නිවෙස්වලින් පිටව ගොස් ඇත්තේ සංගීත සංදර්ශනයක් නැරඹීමට යන බව කියමින් යැයි පොලීසිය සඳහන් කරයි.
රැකියාවක් සොයා යන බව පැවසූ බව කියන සිසුවා, මිතුරු සිසුන් දෙදෙනාද ඔවුන්ගේ නිවෙස්වලින් පිටමං කරගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.
එම බාල වයස්කාර සිසුන් දෙදෙනාද රැකියා සොයාගෙන යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
මෙම පාසල් සිසුන් තිදෙනා ඉකුත් 14 වැනිදා නිවෙස්වලින් පලාගොස් ඇති අතර, ඔවුන් ගැන තවම කිසිදු තොරතුරක් ලැබී නොමැති බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩේ සිටින දරුවො ,උපන් අලුත දරුවො පෙර පාසල් දරුවො පාසල් දරුවො ලෙසට විවිධාකාරයෙන් බලන්න නිළධාරින් හැටහුටහමාරක් ඉන්නවා .ඒත් මෙහෙම දේවල් වෙනවා .ගමකට එකෙක් සංවර්ධන නිළධාරින් සිටිද්දී සමුර්ධිමත් කරන්නනත් එකෙක් ඉන්නවා. එහෙම තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද .ඒ අතර සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම මසකට වරක් සම්බන්ධීකරණ රැස්වීමක් පවත්වනවා .ඒ එකම වෙලාවකවත් මෙහෙම ඒවා හසුවෙලා නැහැ කියන්නෙ නිළධාරින් රාජකාරි කිරීමේ දක්ෂතාවයද නැත්නම් කලයුතු රාජකාරි හදුනාගෙන නැතිවීමද කියලා තේරුම් ගන්න බැහැ .මේක හරියට පුබ්බෝවෙ කලුබණ්ඩා තමන්ගෙ හරකා හංවඩු ගැහුවා වගේ කියලා තමයි කියන්න වෙන්නෙ
අතීතයේ මෙහෙම සිදුවීම් අනන්ත වෙලා තියෙනවා උදාහරණයක් හැටියට ආචාර්ය පබිලිස් සිල්වා මහතා දක්වන්න පුළුවන් ඒත් දැන් කාලයේ සමාජය ඉතාමත් විෂමයි නීති වැඩියි ඉතින් පබිලිස් සිල්වා මහතා වගේ අය හැදෙන්නේම නැහැ අන්තිමට මේ දරුවො රැදවුම් නිවාස ගතකර අනාතයෝ කරාවිද කියලා හිතෙනවා
අවුරුදු හැත්තෑ. පහක් හොදටම කෙරුව කටිටිය රට පත් කරලා තියෙන තත්වය තමයි මේ. දැන් මෙයා 2040 වෙනතුරු කරන්න හදන්නේ රට තවත් අගාධයට දාන්න හදන එකයි.
ආසියාවේ ආශ්චර්ය ?සෞභාග්‍යයේ දැක්ම ?
අපේ රට තව දරටත් බංකොලොත් රටක් නෙමෙයි කියල සුත්තර පුංච කියනව. අනේ මන්ද මුන්ට පිස්සු ද කියල.
අනේ කමක් නැහැ රනිල් රට ගොඩ දානව...... මීට බයියෙක්
මේව දකින කියවන අපි පාලකයින්ට හෙන ඉල්ලන්නේ නැහැ ! ඒත් රටට ජාතියට හිතකර රජයක් ගොඩනැගීමට කලයුතු හැම දෙයක්ම කිරීමට , අපි තරයේ බලාපොරොත්තු වෙමු !
ඵලදායී වෙනසක් අනිවාර්ය වේ!
ඵලදායී වෙනසක් අනිවාර්ය වේ!