ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි චේතියගිරි විහාරයේ තැන්පත් කර ඇති සාරිපුත්ත මොග්ගල්ලාන අගසව් දෙනමගේ ධාතූ ප්‍රදර්ශනය අද(26) අලුයම සිට ආරම්භ විය.
චේතියගිරි විහාරයේ විශේෂ ගර්භයක තැන්පත් කර ඇති අගසවු ධාතුන් වහන්සේලා , ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති චේතියගිරි විහාරාධිපති හා ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්ස, විහාරධිකාරි බානගල විමලතිස්ස හිමිවරුද ඇතුළු ශ්‍රී ලංකා, වියට්නාම් ඇතුළු රටවල් රැසක භික්ෂු භික්ෂුයෝද සඳහා විශේෂ මණ්ඩපයක තැන්පත් කළහ.
මධ්‍යම ප්‍රදෙශ් පොලිසියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා ශංකර් සිංද පොලිස් නිලධාරියෝද පෙරවරුවේ පැමිණ ධාතූන් වහන්සේලා වන්දනාමාන කර ගත්තාය .
ධාතූ ප්‍රදර්ශනය අද 27 සවස 5 අවසන් වන බවත් සඳුදා (28) අලුයම 6ට නැවත ආරම්භ කරන බවත් ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන දින දෙකෙහිම බෞද්ධ නාට්‍ය හා සංස්කෘතිකාංග ඇතුළත් නාට්‍ය මධ්‍යම රාත්‍රිය වන තෙක් පැවැත්වෙන බව විහාර ප්‍රකාශකයෙක් කියයි.
ධාතූන වහන්සේ වැඳ පුදා ගැනීමට සාංචියේ පාසල් සිසුහු ඉන්දීය බෞද්ධයෝද, ශ්‍රී ලංකා, වියට්නාම්, තායිලන්ත ආදී රටවල පිරිසක්ද එක්ව සිටියහ.
සාරිපුප්ත මහ රහතන් වහන්සේගේ ධාතු වහන්සේ
මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ
විශේෂ ගර්භයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේ බානගල උපතිස්ස නා හිිමියන් ඇතුළු භික්ෂූන් වහන්සෙ විශේෂ මණ්ඩපය වෙත වැඩම කරවන අයුරු
විශේෂ මණ්ඩපයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේ
චේතියගිරි විහාරය



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය ඇතිවීම සදහා බලපාන එක කරුණක් තමයි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. ඒ සඳහා එක මාර්ගයක් තමයි ශාරීරික ධාතුන් වන්දනාව. අනික සම්මා දිට්ඨියේ පිහිටන්න නම් අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටියාය කියලා විශ්වාස කරන්න ඕනෑ. බැහැරව මෙතන තර්ක කරලා පව් පුරවා ගන්න එපා. (නි)
සාදු සාදු සාදු ....!! (නි)
සාදු ..සාදූ ..සාදූ ....දෑසට කදුළු පිරුනා, මගේ හදවතට දැනුනු භක්තියේ බර උසුලා ගන්න බැරුව. ඒ අප ගෞතම බුදුන්වහන්සේ සරණ ගිය බුදු සසුන බැබළවූ ඒ උතුම් අගසව් දෙනමගේ ධාතුන් වහන්සේලා තම දෝතට ගත් අද අප අතර සිටින මේ බුද්ධ පුත්‍රයින් කොතෙකුත් පින් ලබා උපන්නේද? (නි)
සාධු සාධු සාධු!!! (නි)
කුමාර්ගේ ප්‍රශ්නයට පහන් හොඳ උත්තරයක් දීලා තියෙනවා. උතුම් අගසව් දෙනම වහන්සේලාගේ ශාරීරික ධාතූන් වහන්සේ දැක වැඳපුදා ගන්නා සැදැහැවත් කුල පුත්‍රයෙක් එයින් පැහැදී ප්‍රභල කුසල රැස් කරගෙන තමන්ටත් නිවන් දකින්නට ප්‍රාර්ථනා කරනවා. සමහරෙක් තමන්ටත් මෙබඳු උතුම් සේවයක් කිරීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් අවස්ථාව ලබාදුන් ලංකාදීපයටත් ගොඩක් පින්. (නි)
සාදු සාදු සාදු! (නි)
ඇසින් දැකගන්න පින් මදි අපිට (නි)
සාදු සාදු සාදු!!! සදාකාලික පාරිශුද්ධත්වයට පත් වූ ඒ සම්බුදුරජාණන් වහන්සේගේ හදපතුලේ උපන් පුතනුවන් වහන්සේලාට, මගේ නමස්කාරය වේවා!
සාදු සාදු සාදු!!! (නි)
පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් බව අපිට කියාදුන්නෙත් සර්වඥ රජොත්තමයෝයි , ගෞතම බුදු සසුන බැබලවූ අග සවු දෙනමට මගේ උත්තම දණ්ඩ නමස්කාරය වේවා !. (හේ)
සාදු සාදු සාදු (හේ)
මේ කාලයේ සිදු කෙරෙන වැදගත් පින්කමක්.(හේ)
සාදු සාදු සාදු (හේ)