අග්‍රවිනිශ්චයකාරවරයා පිළිබඳ කඩිනම් තීරණයකට එළැඹිය යුතු බවත්, විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු දින සියයේ වැඩපිළිවෙළ ජාතික විධායක සභාවෙන් අධීක්ෂණය කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණු නායක සහ ජාතික විධායක සභාවේ සාමාජික අනුර කුමාර දිසානායක මහතා කියයි.
‘‘තොරතුරු දැන ගැනීමේ පනත ඉක්මනින් නීතියක් බවට පත් කිරීම, පසුගිය කාලයේ සිදුවූ ඝාතන, පැහැරගැනීම්, අතුරුදන්වීම් ඇතුළු අපරාධ ගණනාවක අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට විශේෂ ඒකකයක් පිහිටුවීම, ජනතාවට සහන ලබාදීමට අතුරු අය වැයක් ඉදිරිපත් කිරීම හා දින සියයේ වැඩපිළිවෙළ අධීක්ෂණය කරමින් ඉදිරියට ගෙන යනවා‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති නිසා අහන්නේ. දැන් එතකොට මේ රටේ සෑම දෙයක්ම වෙන්න ඕනෑ එතුමාට ඕනෑ විදියටද? (නි)
කාගේ කාගේත් වැරදි තිබෙනවා මහත්තයෝ. (නි)
මේ ඇමැතිලාට දින සියයේ වැඩපිළිවෙළ ගැන වගේ වගක් නැති ගානයි. ජනතා විමුක්ති පෙරමුණ පමණයි ජනපතිතුමාට ක්‍රියාකාරී සහයෝගය දෙන්නේ.(දිල්)
රටකට ඕනෑ මේ වගේ මිනිසුන්... (නි)
අනෙක් උදවිය ගැනත් මිනිස්සු තීරණයක් ගනීවි ළඟදීම (නි)
ඉතා හොඳයි. (නි)
අගවිනිසුරු ගැන විතරක් නොවෙයි අනිත් අය ගැනත් ඉක්මනට තීරණයක් ගන්න. (ර)
මා ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි.... (නි)
අනුර දිසානායකට, ජය වේවා.! (ර)
ඡන්දයක් ආවහම බලන්න පුළුවන් වෙන දේ.... (නි)
නියමයි, හොරු එලවන්න තමයි ඡන්දෙ දුන්නේ. ඉක්මනින්ම විසඳුමක් දෙන්න අපි බලා ඉන්නවා. ඔබට ජය. ඔබ ජාතික වීරයෙක් (නදී)
හුළං පුම්බපු බැලුන් වගේ බලනකොට සමහරු නම්. (නි)
ඉතින් කොහොමද යහපාලනය ගැන මෙයාලා උපදෙස් දෙන්නේ? (නි)