මත්ද්‍රව්‍ය පිටුදැකිමේ කාර්යභාරය යටතේ කතෝලික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් රටපුරා පුළුල් ලෙස ක්‍රියාත්මක කිරිමට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ජවසම්පන්න ක්‍රියාදාමයක් සකස් කර දුන් බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
ඒ යටතේ කතෝලික සභාවෙන් පාලනය වන පාසල් කතෝලික දේවස්ථාන කතෝලික සංවිධාන දහම් පාසල් යනාදි සියලු අංශ සමඟ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ජාතික අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය එක්වෙයි.
මෙම කාර්ය සම්බන්ධීකරණයට ඒ සඳහාම වෙන්වු බිෂොප්වරුන් පත්කිරිමටත් අගරදගුරු හිමිපාණෝ කටයුතු යොදා ඇත.
මහජන සම්බන්ධතා සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමති ජෝන් අමරතුංග අමාත්‍යංශයේ ලේකම් ටි.එම්.පී. තෙන්නකෝන් මහත්වරු ඇතුළු ජාතික අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරින් හමුවේ පැවති සාකච්ජාවේදී කාදිනල් තුමෝ මේ අදහස් දැක්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක් (නි)
ආගමික නායකයන් හැමෝටම ආදර්ශමත් වැඩක් අනුන්ට කඩේ යන අයට අතුල් පහරක්, මේවගේ හොද දේවල් නේද වෙන ඕනේ අඩුතරමින් අපේ ඊළඟ පරම්පරාවටවත් මේ කුඩු වලින් මිදෙන්න පුළුවන්. ඔබතුමාට ජේසු පිහිටයි. (බ)
විකුම් රංගන, මෙතුමා කවදාවත් ජාතිවාදය අවුස්සලා නැහැයි කියන ඔයා නං හරිම ෆේස්බුක් බබෙක් තමයි (බ)
දැන් එතකොට මෙයා අර පුල්ලි තියෙන කට්ටියට කඩේ යන එක නවත්තලද බොලල්ලා ? (බ)
ඉතාම ආදර්ශවත් වැඩපිළිවෙලක්. මව්බිමට, ජනතාවට මානව සංස්කෘතියට සැබෑ ලෙස ආදරය දැක්වීම යනු මෙයයි. ඔබ වහන්සේලාට ජේසු පිහිටයි! (ම)
කොච්චර හොඳ දෙයක්ද? (නි)
ජාතිවාදය අවුස්සා දේශපාලනයේ යෙදෙන සමහර අයට හොඳ ආදර්ශයක්. දෙවි පිහිටයි!!! (නි)
ඉතාම හොද වැඩක් කාලෝචිත ක්‍රියාවක් ඔබතුමාට ජේසු පිහිටයි (ම)
දෙවිදුන්ට සමීපවීමක් වැනිය (ම)
ඉතාම සතුටුයි. හොඳ වැඩක් (නි)