(සුජිත් හේවාජූලිගේ)
අගමැතිවරයාට වෙන් කෙරෙන මුදල් කපා හැරීමේ යෝජනාව හෙට (29) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ලංකාදීපයට පැවැසීය.
හෙට දිනට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පළමු හා එකම යෝජනාව ලෙස දැක්වනුයේද මේ යෝජනාවයි.
එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක කොලොන්නගේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි හා චතුර සේනාරත්න යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව මෙම යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ඉකුත් දා භාරදෙනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලයට ආපුවාම රිටර්න් එක දෙන්නම්... ඔහෙලා දන්නවනේ ඔහේලාගේ දින නියම කරලා තිබෙන බව. මහජන ඡන්දෙකින් පස්සේ ඔහෙලා හිටපු තැනුත් හොයන්න බැරිවේවි..!!!
මොකද මේ පිස්සු වැඩ කරන්නේ කෙලින්ම විශ්වාස භංගයක් ගෙනැල්ලා ජනාධිපතිව ඉවත් කෙරුවා නම් මේ සේරම ප්‍රශ්න ඉවරයිනේ. බහුතරයක් තියෙන නිසා ලේසියෙන්ම කරන්න පුළුවන්කම තියෙද්දී මොකද මේ? සත්යග්රහ කරනවා, පෙළපාලි යනවා අහිංසක මිනිස්සුන්ව ගෙනැල්ල දුක්දෙනවා...
අවුරුදු 3ක් අගමැති කෙනෙක් බහුතරයක් තියාගෙන ජනතාවට කළේ කුමක්ද? පුළුවන් තරම් වැට් ගැහුවා.. ජනතාව අසරණ වුණා. මේ කරන දේවලට.
ජනතාව සම්මත කරලා ගෙදර යවන්න.
මේ මිනිස්සු ඇත්තට මුහුණ දෙන්න කැමති නැති හැටි.. තවත් අහනවානේ කළේ මොනවාද කියලා? පොහොට්ටු වහල්ලු...
දැන් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එමු.
ගුණරත්න ජනාධිපතිට ගෙන ආ හැක්කේ දෝෂාභියෝගයක් මිස විශ්වාසභංගයක් නොවේ. එයද සරල බහුතරයකින් නොව 2/3 සම්මත විය යුතුය. දැත් තමන්ගේ දේශපාලන මතය අනුව ව්‍යවස්ථාව අර්ථ දක්වා ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න හැකි බව කියන අය තේරුම් ගන්න ඕනැ අනාගතේ දවසක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) අනුව දුෂිත ජනාධිපතිවරයෙකුට එවැනි යෝජනාවක් පැමිණි විගස ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවන බව. රට පිටරටකට විකුණලා දුන්නත් මොන දුෂිත වැඩේ කරත් කරන්න දෙයක් නැහැ එතකොට
අගමැති කෙනෙක් නැත්නම් අගමැතිගේ වැය ශීර්ෂය කපන්න යෝජනාවක් සම්මත කරන්න පුළුවන්ද? මේක හරියට උපන්නේ නැති මිනිහෙකුට නඩුවක් දානවා වගේ මෝඩ වැඩක්. යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවා නම් ඒකේ තේරුම අගමැති ඉන්නවා කියන එකයි. එහෙනම් ඔහුට වැයශීර්ෂයක් තියෙන්න ඔනේ. අපිට තේරෙන්නේ නෑ මේ දේශපාලනය
එතකොට අරලියගහ මන්දිරයේ වියදම් ගෙවන්නේ මහ ජනතාවද?