‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජතික පක්ෂයේ කීප දෙනකු උත්සාහ කරන්නේ ජනතාවගේ කැමැත්තෙන් පත්වු විධායක ජනාධිපතිවරයා නිකම් පඹයකු කර ඒකාධිපති විධායක අගමැතිවරයකු බිහිකැර ගැනීමටයි.ඒවාට අපි බය නෑ ,රනිල් මහත්තයා එයාගේ පක්ෂයට කළෙත් ඔය දේමයි. අපි මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න කොහොමත් ඉඩ දෙන්නේ නෑ.‘යි විදුලිබල හා බල ශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද(6) පැවසීය.
බත්තරමුල්ලේ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන පක්ෂ කාර්යාලයයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කියන්නේ ධනපතියන්ට, තමන්ගේ නෑයන්ට, මිත්‍රයන්ට ඉඩ දෙන කෙනෙක්. මහ ලොකුවට වේදිකාවල කෑ ගැහුවට දුප්පතාගේ දුක තේරෙන්නේ නැති කෙනෙක්. දැන් යූ.එන්.පී. එකේ ඉන්‍න එයාගේ නෑයන් බැටෑලියන් එකෙනුත්, භාණ්ඩාගාර බිල්පත් එකතුවෙන් එයාගේ යාලුවෙක් කළ දෙයිනුත් තේරෙනවා රටට ආදරේ තරම. සජිත් එක්කත් එකතු වුනේ මහින්දව පරද්දන්නත්, පක්ෂය දෙකඩවීම වලක්වන්නත් මිසක්, ඒ පක්ෂයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදීකම නිසා නොවේ. (බ)
සිරිසේන ජනාධිපතිතුමා පඹයෙක් කළේ මෙයාලා. මෙයාලත් ඒවට වගකියන්න ඕනේ. දැන් බොරුවට කියෙව්වට. (දිල්)
දැන් මොනවා කිව්වත් 19 ගැන වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. (ර)
විජයබාහු මහතානනි, එහෙන් මෙහෙන් අැහිඳගන්නෙ නැතුව සම්පූර්ණ කතාව ඇහුව නම් ඔහොම කියන්නේ නැහැ ඔබතුමා. මෙතුමා කියන කතාව 100% ක් නිවැරැදියි. නිවි සැනසිල්ලෙ මේ කතාව අහලා බලන්න. (බ)
බලන් ඉන්න ආස සාකච්ඡාවක්. මේ කියන එක හරි. විධායක ජනාධිපති අයින් කරලා විධායක අගමැති කෙනෙක් ගේන්න නෙමෙයි ජනතාව ඡන්දය දුන්නේ. කළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල කප්පාදු කිරීම පමණයි. (දිල්)
වැරදි දුටු තැන එය නිවැරැදි කරගනිමින් සංවාද විසංවාද එක්ක තමයි දේශපාලනය කරන්න ඕනේ. එහෙම නැතුව අපි පත් කරපු අයයි කියලා කරන හැම වැඩේටම එහෙයි කියන්න ඕනෙ නැහැ. දියුනු රටවල එහෙමයි දේශපාලනය කරන්නේ. අපේ රටත් එහෙම විය යුතුයි. (ර)
කවුරු කිව්වත් කතාව ඇත්ත. (ර)
සිරිසේන ජනාධිපතිතුමා තවම සියළු විධායක බලතල සහිත ජනාධිපතිතුමා. විධායක බලතල දුන්නෙම රට හදන්න. හොරු අල්ලන්න. නිති හදන්න. කොමිසම් හදන්න වගේ දේවල් වලට. ඒවා නොකර විධායක බලතල නිකං තියාගෙන ඉඳලා වැඩක් නැහැ. (දී)
කියුව දේ ඒ ආකාරයෙන්ම වෙනවානම් හොදයි (දී)
ඔහු නියම ඇමති කෙනෙක් (දී)
අගමැතිට බලතල දෙනවාට චම්පික විතරක් නෙමෙයි රටේ ජනතාවත් විරුද්ධයි. අපි ඡන්දෙ දුන්නෙ මෛත්‍රිපාල සිරිසේන මහතාට මිසක් යූඑන්පී එකට නෙමෙයි. සහයෝගෙන් රට කරනවා නම් කාට කාටත් හොඳයි. (ර)
මේ මනුස්සයා කියන කතාව ඇත්ත. කවුද විධායක අගමැති කෙනෙක් හදන්න ඡන්දය දුන්නේ. (දී)
කොන්ද කෙලින් තියාගෙන කතා කරන මේ වගේ උගත් සහ දැනුම තියෙන අයයි රටට ඕනේ. නිලියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්නෙ නැතුව හඩක් නගන්න පුවළුන් අයට නාම යෝජනා දෙන්න කියලා හැම පක්ෂෙකින්ම ඉල්ලා සිටිනවා. (දී)
චන්දෙට කලින් එතුමා කියුව නේද අගමැතිට බලය දෙනවා කියලා.
මේවා කියන්න තිබ්බේ චන්දෙට කලින්. (දී)
විධායක ජනාධිපති අයින් කරලා විධායක අගමැති කෙනෙක් ගේන්න නෙමෙයි ජනතාව ඡන්දය දුන්නේ. (දී)
මමත් විරුද්දයි මේ වෙන වැඩේට නමුත් මම නම් ඉවර වෙනකල් මොකුත් කියන්නේ නැහැ (දී)
කරුණාදාස , ඒක නිවී සැනසිල්ලේ කියවන්න දෙයක් නැහැ. මෙයාට දැන් තේරුනාට අපිටනම් චන්දෙට කලින්ම වෙන දේ තේරුණා.(දී)
දේශපාලනය වැඩක් නැහැ (දී)
මොලයක් නැති මිනිස්සු නොවෙයි රට කරන්නේ ඒ නිසා අපිට මොකුත් කියන්න බැහැ (දී)
විධායක අගමැති ධූරය නැතුව මෙහෙම ඩබල් ගේම් ගහනවා නම්, ලැබුණහම කොහොම වෙයිද කියලා හිතාගන්න පුලුවන්. රනිල් හොර නොකළට එයාගේ කීමට පත් කරන එයාගේ යාලුවෝ 'පුදන කොටම කාපි යකා' විදියේ වැඩක් කරලා තියෙන්නේ. එක අතකට මේ කාල ගෝට්ටියට ජනාධිපතිතුමාත් වගකියන්න ඕනේ. එතුමාට ඔතනට එන්න උදව් කල අනිත් පක්ෂ වලටත් ඉඩ දෙන්න ඕනේ. එතුමා හරි කෙලින් හිටියා නම් වටේ ඉන්න නිලධාරීන් එතුමාව 'අන්දන්න' යන්නේ නෑ. එතුමා දැනටම 'නාම මාත්‍රික' ජනාධිපතිකමට ඇඳ ගෙනනේ. (බ)
අපි ඡන්දෙ දුන්නෙ මෛත්‍රිපාල සිරිසේන මහතාට මිසක් යූඑන්පී එකට නෙමෙයි. (දී)
අපි මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ (දී)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලොත් රට විනාසයි (දී)
අනෙ මේ අයට දැනුයි තේරුම් ගිහිල්ල තියන්නේ (දී)
ජනාධිපති තුමාට අපි වරදක් කියන්නේ නැහැ (දී)
අගමැතිතුමාගෙ වැඩ දැන් තමයි එලි වෙන්නේ. ඒකට දැන් තමයි ප්‍රතිචාර දක්වන්න ඕනේ. කලින් කරන්න බැහැනේ. (ර)
තාම මුකුත් වෙලා නැහැ. වෙනන් කලින්නේ මේ කියන්නේ. සාමාන්‍යයෙන් හැමෝම වගේ කරන්නෙ වුනාට පස්සෙ අපිනම් දැනගෙන හිටියා කියලා කියන එකනේ. නමුත් මෙතුමලා වෙන්න කලින් වෙන දේ කියලා ඒක වලක්වන්න හදන්නේ. ඒක තමයි හරි දේශපාලඥයෙකුගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ. (ර)
විධායක ජනාධිපතිතුමා රටට අවශ්‍ය දේවල් වලටවත් විධායක බලය පාවිච්චි කරන්නෙ නැති බවත් මටනම් පේනවා. හොරු තාම නිදැල්ලේ. විධායක බලය පාවිච්චි කරලා හොරු ඇඅල්ලනවට ජනතාව නම් අකැමැති නැහැ. ඒක නොවන එකට අපිනම් අකැමැතියි (දී)
ජනමතය ලැබුණේ විධායක ජනපති කම නැතිකරන්න බව අමතකද? නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටියක් ඕනද ?(දිල්)
මම නම් දැන් මෙයා කියන කතා විශ්වාස කරන්නේ නැහැ.අද එකක් හෙට තව එකක් කියන කෙනෙක් (නි)
දේශපාලනයේ අනාගතය අපිට කියන්න බැහැ (දී)
කතා කරලා වැඩක් නැහැ (දී)
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨය වුයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යන්නයි. යු.එන්.පිය මේ සටනට එකතුවුයේ සද්භාවයෙන් නොවන බව අගමැතිට විධායක බලතල පවරා ගන්න කරන උත්සාහයෙන් හා තනිවම බලයට එන්න යු.එන්.පිය මැත දොඩවන ආකාරයෙන් දැන් අපිට පැහැදිලිවෙනවා. මේ තත්වය ජනාධිපතිවරයා පමණක් නොව ජනතාවත් පැහැදිලිවම තේරුම්ගත යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මහතා අතීතයේ දුෂිතයෙක් නොවීම නිසා ඔහු සතුව වැදගත් විධායක බලතල කිහිපයක් රැඳී තිබීම මේ අවස්ථාවේ හැටියට අත්‍යාවශ්‍යයි. ඔහු කෙරෙහි තබන විශ්වාශය මත බොහෝ ගැටලුවලට විසඳුම් සොයාගත හැකිවනු ඇත (නි)
ජනතා විරෝධය දැඩිවම (දී)
බලය පමණක් තකන රටට ආදරයක් නොමැති සැබෑ ජාතිකත්වයක්ද නොමැති සමහරු මේ කැසකවන්නේ කුමටදැයි කියා අපි දනිමු (නි)
අගමැතිතුමා වෙනමම න්‍යය පත්‍රයකට යනවා වගේ මේ වෙන වැඩ වලින් පේන්නේ. ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, බහුතර බලයත් තාම සංධානයේ. මේ ගැන තීරණයක් ගන්න වෙයි වගේ නේද? (බ)
ඈන්ගේ කතාව සහතික ඇත්ත. (නි)
චම්පික මහත්තයෝ ඔබට බයක් කියල දෙයක් දන්නෙම නැද්ද? කලින් මහින්දට එරෙහිව ප්‍රබලම ප්‍රහරය දියත් කරේ ඔබයි. දැන් රනිල්ට එරෙහිව කථා කරනවා. වංචාවට එරෙහිව හඩ නගලා කථා කරන ඔබ වගේ ඇමැතිවරු රටට සම්පතක්. (බ)
ඇමතිකම් ගන්න දඟලනකොට ඕව වෙයි කියල හෙව්වේ නැද්ද? අපේ ඡන්ද ටික ආයෙමත් කඩා ගන්න පොටක් වගේ. (ර)
මෛත්‍රීගේ පොරොන්දුව අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට. මේකේ කොමෙන්ට්ස් දාන අය එක කියවලා බලලා ඇත්ත දැන ගන්න. විධායක අගමැතිල ලෝකේ නෑ. (ර)
නියම ඇමති කෙනෙක්. ඔබට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා. හැබැයි පරිස්සමින්. ලංකාවේ දේශපාලනය ජරා ගොඩක්. (ර)
අපිටත් ඕනේ අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට. එහෙම නැතුව ඒ ඒකාධිපති බලතල ටික අගමැති කෙනෙකුට හෝ වෙනත් කෙනෙකුට දෙන්න නෙමෙයි. ඔබතුමා කතා කරන්නේ හදවතට එකගව කියලා අපිට දැනෙනවා. අපි එයට ගරු කරනවා. (ර)
මේ වගේ තව දහ දෙනෙක් හිටියොත් අපේ රට ගොඩගන්න පුළුවන්. පක්ෂය කුමක් වුවත් එය අමතක කර අවංක දක්ෂ උගත් අය එකට එකතු වෙලා වැඩ කරනවනම් කොච්චර දේවල් කරන්න පුළුවන් වෙයිද? (ර)
මෙයාට මොනවා වෙලාද මන්දා? අගමැති නැතුව කවුද ඇමතිලා තෝරන්නේ....? (නි)
අනවශ්‍ය බලතල කප්පාදුකර විධායක ජනාධිපතිධූරය තබාගත යුතුයි (නි)
ඉතින් එතුමාට අගමැතිකම දුන්නා නම් හරිනේ! (නි)
ජනතාව දෙනු ඇත නිසි පිළිතුරක් (බ)
අපි ඡන්දෙ දුන්නේ යූඇන්පී එක ගැන හිතල.(බ)
දුරදිග නොබලා තීරණ ගෙන මේ අය දැන් හූල්ලනවා. (නි)
සමහරු තවමත් රැවටෙනවනේ මෙයාලට. කපිලගේ කතාවේම තියනවා ඇත්ත. (නි)
දිනේෂ්ගේ කතාව හරි. මේ ඇත්තත් ගැන හරියට දැනගන්න ඊළඟ ඡන්දෙ වෙනතුරු ඉන්න වෙනවා. (නි)
මම නම් දැන් මෙයා කියන කතා විශ්වාස කරන්නේ නැහැ (නි)
ජනාදිපති බලතල අඩුකරලා අගමැති සහ කැබිනට් එකට දෙන්නේ නැතුව වෙන කාටද දෙන්න කියන්නේ? අගමැති සහ කැබිනට් එක කියන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය.මොකක්ද මේ විකාරය? ප්‍රශ්නය තියෙන්නේ මෙතන "රනිල් " අගමැතිවීම. මොකද හොරකම් වලට ඉඩක් නැතිවීම. (නි)
හේමාල්, එතකොට මේ ළඟදී නිකුත්කළ භාණ්ඩාගාර බිල්පත් එකතුවෙන් බිලියන ගණනක වංචාවක් වෙලා තියෙන්නේ කොහොමද? (නි)
දැන් එයා මොනවා කරන්න කියලද කියන්නේ? (නි)