ඇමරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම්කර තිබු කාලයට ප්‍රථමයෙන් නැවත ආපසු පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
මේවනවිට වෛද්‍ය ප්‍රතිකාර අවසන් අධියරේ පවතින බැවන් ඉතා ඉක්මණින් ආපසු ලංකාවට පැමිණීමට හැකියාව ලැබෙනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
අග්‍රාමාත්‍යවරයාගේ ඇමරිකා සංචාරය සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් අනුව සිදුවුණ දෙයක් බවත් එය කල්දැමීමට අග්‍රාමාත්‍යවරයා උත්සහ කළද එය සිදු කළ නොහැති වු බවත් කියති.
(044)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පොඩියට හරි හෝදලා දාන්නම තමයි හදන්නේ නේද?
එහේ ගිහින් පරික්ෂා කරගත්තු එක හොඳයි. අපේ රටේ ඉන්නේ හෘදවස්තුව මැෂිමට හයිකරලා වැඩ වර්ජනයට යන දොස්තරලානේ. ඔය පරික්ෂාවට සිහි නැති කරලා ඉන්න අතරේ දොස්තර මහත්තයාට සතෙක් හරි කෑවා නම් මලා තමයි. අලුතින් පුටුවක් දෙනකල් සිහි නැතුවම තමයි ඉන්න වෙන්නේ...
ඒක හොඳයි එතුමන්ලා පිටරටින් බෙහෙත් ගන්න එක. මෙහෙ දොස්තරලා තරහින්නේ ඉන්නේ....
අගමැතිතුමා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතවීම ගැන විවිධ මත පල වුණත් එතුමා ගත් තීරණය සම්පුර්ණයෙන්ම නිවැරදිය. එතුමාට පෙර තවත් දේශපාලන නායකයන් හෝ වෙනත් අය වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ ගතවී නැද්ද ? සල්ලි ඇති අය වෙද හෙදකම් සඳහා පිටරට යති. එපමණ වාසනාවක් නැති අය, අපේ රටේ දොස්තරලා නලාව බෙල්ලේ එල්ලාගෙන, සුදු කබායෙන් සැරසී වීදි සංචාර නොකරන දිනයක් බලා, ලඟම ඇති රජයේ රෝහලට එක්වෙති. මේක තමා "සකල සිරින් පිරි සිරි ලංකාවේ" වර්තමාන සත්‍ය තත්වය !!!
රටේ අගමැතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමා වගේ අයට මෙහෙ බෙහෙත් හරියන්නේ නැහැ වගේ... එ්කනේ හැම අමාරුවකටම පිටරට දුවන්නේ.... මොවුන්ට ඡන්දය දුන් ජනතාවට අබ සරණයි.
ඔහේටම වෙලා ඉන්න එක ලොකු දෙයක්...
ඒ කියන්නේ බයිපාස් එක කරල ඉවරද? අපි හිතුවේ ඔය කරන්නෙ අවසාන සැත්කම කියලා.
දැන් ලෙඩ සනීප නම් යහපාලනය යළි පටන් ගන්න තව අවුරුදු 2 ක් තියෙනවනේ....
නන්දලාල්, ප්‍රංශයේ ඉදන් ලංකාවේ දොස්තරලා ගැන දන්නා දේවල්. අහිංසක මිනිස්සු වෙනුවෙන් කැපවෙලා ඉන්න දොස්තරලා බලන්න අවුරුද්දට ගමේ ආවම එන්නකෝ රජයේ රෝහලකට.