IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘අගමැතිකම වැඩිම ආසන දිනන පක්ෂයටයි‘

ජනපතිවරණයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්වෙන බවත් වැඩිම ආසන ගණනක් දිනන පක්ෂයට අගමැතිකමද, ඊළඟට ආසන හිමිකරගන්නා පක්ෂයට නියෝජ්‍ය අගමැති පදවියද පිරිනැමීමට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගනු ඇතැයි එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විල්ගමුවේදී අද (16) සවස ප්‍රකාශ කළේය.

සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව ඇති කැරෙන සංශෝධන යටතේ නියෝජ්‍ය අගමැති පදවියක් ඇති කරන බව වික්‍රමසිංහ මහතා කීවේය.

web2 web1

 

 



අදහස් (0)

‘අගමැතිකම වැඩිම ආසන දිනන පක්ෂයටයි‘

ඇසළ Wednesday, 17 December 2014 02:54 AM

එ.ජා. ප යට ගිය කලක්! කොහොම තිබුන පක්ෂයක්ද? නැත්තට නැතිවෙන්නම ගිහින්. (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 17 December 2014 03:05 AM

ජාතික රජයක් කෙසේ හෝ බිහිවේවා! (නි)

:       0       0

විපුල Wednesday, 17 December 2014 03:09 AM

එතකොට ඇමති මණ්ඩලය කීයක් වේවිද? කොහොම ගියත් යන්නේ කලින් තිබුණ පාලනයක්ම තමයි. කවුරුත් මිනිස්සුනේ. තාන්න මාන්න ලබාගන්න තමයි කැමති (නි)

:       0       0

උක්කුන් බංඩා Wednesday, 17 December 2014 03:30 AM

පාකිස්තානේ දරුවන් 130 ක් මරලා. දැන්වත් කල්පනා කරන්න. අදක්ෂ නායකයන් හිටියා නම් අද අපේ දරුවන්ටත් මේ දෙයම වෙන්න තිබුනා නේද? (නදී)

:       0       0

නිරෝෂ Wednesday, 17 December 2014 03:49 AM

මේ දකින්නේ දවල් හීනද? අනේ පව්. දුක හිතෙනවා අපිට (නි)

:       0       0

කීර්ති Wednesday, 17 December 2014 03:58 AM

අපේ රටේ අතීත දේශපාලනය බැලුවම පෙනෙනවා කවදාවත් මේ වගේ හවුල් හරිගියේ නැහැ කියලා. මෙහෙම හවුල් ආවම වෙන්නේ රටේ ආර්ථිකයට ප්‍රශ්න එන එකයි. (නි)

:       0       0

යසින්ත Wednesday, 17 December 2014 10:29 PM

ඒ ඉතින් දිනුවොත්නේ (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 17 December 2014 03:59 AM

මෙන්න බොලේ තවත් අලුත් වැඩ පිළිවෙලක්? එතකොට අර කලින් කිවුව දින 100? එක්කෙනෙක් දන්නේ නැහැ අනිත් කෙනා කියන්න යන දේවල්. (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 17 December 2014 10:32 PM

අට වෙනිදාට පසුවවත් ගෙදර ගිහින් විවේක ගන්න.ඔබතුමාට ආයෙමත් වාරයක් එන්නේ නැහැ. (නි)

:       0       0

යමුනා Wednesday, 17 December 2014 04:00 AM

හරි හරි. ඒකට ඉතින් දිනන්න එපායැ (නි)

:       0       0

රකිත් Wednesday, 17 December 2014 04:03 AM

දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැති බවට පත්වන්නේ පාර්ලිමේන්තුවේ වැඩි දෙනාගේ විශ්වාසය ඇතැයි බලයේ සිටින විධායක ජනාධිපතිවරයා හිතන කෙනාය. වැඩිම ආසන දිනන පක්ෂයට අගමැතිකම දියයුතු වගක් ව්‍යවස්ථාවේ නැත. තවද විධායක ජනාධිපතිවරයාට 2016 තෙක් පාර්ලිමේන්තු මහා මැතිවරණයක් කැඳවා නොසිටීමටද පුළුවන. (නි)

:       0       0

කුමාර Wednesday, 17 December 2014 04:25 AM

මේ ඔක්කොම එකතු වෙලා හොද දේවල් කලොත් හොදයි. (හේ)

:       0       0

අජිත් Wednesday, 17 December 2014 04:39 AM

නියෝජ්‍ය අගමැතිකම කාටද?(හේ)

:       0       0

ලසන්ත නැලිගම Wednesday, 17 December 2014 04:44 AM

හොඳයි. අපිත් කැමතියි තරුණ අකිල විරාජ් නියෝජ්‍ය අගමැති වෙනවා නම්. (නදී)

:       0       0

නිල්මිණි Wednesday, 17 December 2014 04:47 AM

සජිත්ගේ හිත සතුටු කරන්න වෙන්න ඇති. (නදී)

:       0       0

සමන්ති Thursday, 18 December 2014 12:48 AM

කීර්ති, 1956 මහජන එක්සත් පෙරමුණෙන් තමයි හවුල් ආණ්ඩු මුලින්ම ඇරඹුනේ. ඊටපස්සේ ආණ්ඩු සියල්ලම වාගේ හවුල්. හැබැයි සමහර පක්ෂ තනියම ඉල්ලුවොත් 12.5%ක්වත් ගන්න බැහැ. කතාව දෝලාවෙන් ගමන පයින් (නි)

:       0       0

සමන්ති Thursday, 18 December 2014 12:54 AM

කමල්, රේණුලාට දැනුත් ලැම්බෝගිනියේ නැත්නම් ලිමෝසීන් එකෙන් මඟුල් දවසට යන්න පුළුවන්. (නි)

:       0       0

නලින්ස වික්‍රමආරච්චි Wednesday, 17 December 2014 05:22 AM

ගොඩක් බඩගිනි වෙලා වගෙයි (නදී)

:       0       0

ඩබ්ලිව් මහින්ද Wednesday, 17 December 2014 05:25 AM

ලනු කෑමෙන් වලකින්න (නදී)

:       0       0

කමල් Wednesday, 17 December 2014 05:35 AM

ඉතා හොඳ අදහසක් ඔබ කවදත් බුද්ධිමත් (නදී)

:       0       0

නවීන් Tuesday, 16 December 2014 03:12 PM

එකනම් හොද අදහසක්. එතකොට නිදහස් පක්ෂයටයි එක්සත් ජාතික පක්ෂයටයි දෙකටම තැනක් හම්බෙනවා. කව්රු කිවත් හොද දේ හොදයි කියල කියන්නම ඕන. (ර)

:       0       0

කටුගස්තොට Tuesday, 16 December 2014 04:07 PM

මේ සමගිය සදාකල් පවතීවා.! (ර)

:       0       0

රේණු Wednesday, 17 December 2014 06:32 AM

දිනන්න ඕනා නේද අගමැති වෙන්න. තව දවස් කියද මේ වගේ සුන්දර සිහින දකින්නේ,(හේ)

:       0       0

බණ්ඩා Tuesday, 16 December 2014 04:38 PM

හරි මහත්තයෝ ඉස්සරවෙලා මේ වැදගත් වැඩේ කරලා හිටිමුකෝ ,නිකම් කට වරද්දා ගන්නේ නැතිව (නදී)

:       0       0

සිල්වා Tuesday, 16 December 2014 04:47 PM

රනිල් මහත්ත්යා කියන්නේ බුද්දිමත් ලෝකේ පිළිගත් නායකයෙක්. එතුමා අවංක නීතිගරුක පුද්ගලයෙක් හොරකම් වංචා දුෂන චෝදනා මෙතුමාට නැහැ. (නදී)

:       0       0

අනිල් රෝහණ Tuesday, 16 December 2014 05:01 PM

ඔබ තුමා ඔය දේ දන්නේ අදද? හැම පාර්ලිමේන්තු මැතිවරණයේදීම වැඩිම ආසන දිනන පක්ෂයේ කෙනෙක් තමා අගමැති උනේ. (නදී)

:       0       0

හරිත Tuesday, 16 December 2014 05:06 PM

ඔව් කෙලින්ම ඡන්දෙන් එන්න බැරි හින්ද රනිල් ගැහුවා ගැටයක්. අනේ මන්දා චන්ද්‍රිකා නෝනගේ ගැටේට අහුඋනාද මන්දා. ඉස්සරහට කව්රු කව්රු එකතුවෙලා රට කයිද කියලා වෙලාවකට හිතෙනවා (නදී)

:       0       0

වික්ටර් Tuesday, 16 December 2014 05:10 PM

අවුරුදු ගණනාවකට ඉස්සර රනිල් මංගල එක්ක ගිවිසුම් ගැහැව්වේ රනිල් අගමැති වෙලා මංගලට උප අගමැතිකම දෙන්න නේද ? (නදී)

:       0       0

කේ පෙරේරා Tuesday, 16 December 2014 05:34 PM

මේ වගේ දුර්ලභ අනගි අවස්ථාවක් ආයේ ලැබෙනේ නැහැ. හැම පක්ෂයටම අයිති සමගි ආණ්ඩුවක්! ඒ වගේම හොර බොරු වංචා සහ මැරකම් කිරීමට බැරි, පවුල් වාදයක් නොමැති, පක්ෂ භේදයක් නොමැති, ආණ්ඩුවක් ඇති වෙනවනම් මේක ශ්‍රී ලාංකිකයන්ගේ වාසනාවක්! (අ)

:       0       0

ඉඳුනිල් Tuesday, 16 December 2014 05:45 PM

හොඳ යෝජනාවක්. (අ)

:       0       0

අනුරාධ Wednesday, 17 December 2014 08:34 AM

එ.ජා.ප ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර, ලංකා දේශපාලනයේ මහගෙදර, කියල තමයි විය පත් වූ මගේ සීයා කියන්නේ. එයා බලාගෙන හිටියේ රනිල් හාමුට ඡන්දෙ දීල දිනුවහම සන්තෝස වෙලා මැරෙන්නයි. මට නම් තාම ඡන්දෙ නෑ. (නදී)

:       0       0

පද්මිණි Tuesday, 16 December 2014 06:14 PM

සමගි වෙනවට සේරම කැමතියි. රට දිනන්න සමගි වන්න. (හේ)

:       0       0

මනෝජ්- සාජා Tuesday, 16 December 2014 06:19 PM

කට ඉස්සර කර ගන්න එපා .(හේ)

:       0       0

ඇසිලින් Tuesday, 16 December 2014 06:19 PM

නැතුව,,,නැතුව,(හේ)

:       0       0

ධම්ම Tuesday, 16 December 2014 06:21 PM

නියෝජ්‍ය අගමැති පදවියට අමතරව උප අගමැති පදවියකුත් හඳුන්වා දුන්නොත් ඉතාම වටිනවා. මොකද හෙළ උරුමයටත් තැනක් දිය යුතු නිසා.(හේ)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 17 December 2014 08:59 AM

දැන් විපක්ෂයක් තියෙන නිසා ආණ්ඩුවේ හොර අල්ලලා දෙනවා. දෙකම එකතු වුනොත් ජනතාවට මොනා වෙයිද?(හේ)

:       0       0

සිසිර -පැරිස් Wednesday, 17 December 2014 09:01 AM

අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනි. ලැබෙයිද සැනසීමක්.(හේ)

:       0       0

අල්විස් Wednesday, 17 December 2014 09:04 AM

ඔබ සැවොම, අනෙකුන් මෙන්ම, මේ රටට ජාතියට කළ වින්නැහියට සදා පව් කාරයෝ වන්නේය.(හේ)

:       0       0

දයානි Tuesday, 16 December 2014 07:45 PM

අනේ බලාපල්ලා මේ වගෙත් හැටි (නදී)

:       0       0

අසංක Wednesday, 17 December 2014 09:25 AM

මහත්තයෝ ආස නැද්ද අගමැති වෙන්න.(හේ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 16 December 2014 08:54 PM

මොන විදියකින් වුණත් කමක් නැහැ. දුප්පත් මිනිසුන්ට තුන්වේල කාලා ඉන්න රටක් හදමු (අ)

:       0       0

උමේෂ් Wednesday, 17 December 2014 10:17 AM

කීර්ති , දැන් තියෙන්නේ එතකොට හවුලක් නෙවෙයිද ? හවුලේ පක්ෂ කිහිපයක් එක්ක පිල්ලයාන් කරුණා පවා ඉන්නේ. මුස්ලිම් කොන්ග්‍රසය විපක්ෂයේද ඉන්නේ ? ඔයගොල්ල කැමති අයට විතරද හවුලේ වැඩ කරන්න පුළුවන්. ? (බ)

:       0       0

කමල් Wednesday, 17 December 2014 10:22 AM

රේණුල හීන දකිනවා ලම්බෝගිනියේ නැගිලා ගිහින් ආකේඩ් එකෙන් කාලා , කැසිනෝ පාරක් එහෙම ගහලා හවසට ගෙදර යන්න. අනේ හොඳයි. (බ)

:       0       0

රොබින් Wednesday, 17 December 2014 12:29 AM

දෙවන ඡායාරූපයේ හිස් පුටුව ප්‍රමාදවෙලා එන කෙනෙකුට වෙන්න ඇති (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 17 December 2014 01:02 AM

එවන් පාලනයක් තමයි අපේ රටට අවශ්‍ය. ජය නියතයි. ජය ශ්‍රී! (නි)

:       0       0

නුවන් Wednesday, 17 December 2014 01:13 AM

හරි හරි අපි බලමුකෝ... (නි)

:       0       0

සෙනිත් Wednesday, 17 December 2014 01:25 AM

ඉතාමත් යහපත් බුද්ධිමත් අදහසක්. සියල්ල මල්ඵල ගැන්වේවා! (නි)

:       0       0

වීරසිංහ Wednesday, 17 December 2014 01:30 AM

ඒ කියන්නේ ඔයාලා දිනන බව ස්ථිරද? (නි)

:       0       0

නලීන් Wednesday, 17 December 2014 01:34 AM

එහෙම වෙන්න දිනන්න ඕනෑනේ (නි)

:       0       0

දයාන් Wednesday, 17 December 2014 01:36 AM

රනිල් කවදත් මොළකාරයා! (නි)

:       0       0

අශාන් Wednesday, 17 December 2014 01:38 AM

බලමුකෝ වැඩිම ආසන දිනන්නේ කවුද කියලා (නි)

:       0       0

ඩිලාන් Wednesday, 17 December 2014 01:41 AM

මෛත්‍රී කියන්නේ මොනවගේ ‍කෙනෙක්ද කියලා මම හොඳට දන්නවා. එයාගේ අමාත්‍යංශයක මම වැඩ කරලා තියෙනවා (නි)

:       0       0

ඉන්දික Wednesday, 17 December 2014 01:43 AM

සූ ගාලා සෙනඟ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site