ජනපතිවරණයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්වෙන බවත් වැඩිම ආසන ගණනක් දිනන පක්ෂයට අගමැතිකමද, ඊළඟට ආසන හිමිකරගන්නා පක්ෂයට නියෝජ්‍ය අගමැති පදවියද පිරිනැමීමට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගනු ඇතැයි එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විල්ගමුවේදී අද (16) සවස ප්‍රකාශ කළේය.
සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව ඇති කැරෙන සංශෝධන යටතේ නියෝජ්‍ය අගමැති පදවියක් ඇති කරන බව වික්‍රමසිංහ මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ.ජා. ප යට ගිය කලක්! කොහොම තිබුන පක්ෂයක්ද? නැත්තට නැතිවෙන්නම ගිහින්. (නි)
ජාතික රජයක් කෙසේ හෝ බිහිවේවා! (නි)
එතකොට ඇමති මණ්ඩලය කීයක් වේවිද? කොහොම ගියත් යන්නේ කලින් තිබුණ පාලනයක්ම තමයි. කවුරුත් මිනිස්සුනේ. තාන්න මාන්න ලබාගන්න තමයි කැමති (නි)
පාකිස්තානේ දරුවන් 130 ක් මරලා. දැන්වත් කල්පනා කරන්න. අදක්ෂ නායකයන් හිටියා නම් අද අපේ දරුවන්ටත් මේ දෙයම වෙන්න තිබුනා නේද? (නදී)
මේ දකින්නේ දවල් හීනද? අනේ පව්. දුක හිතෙනවා අපිට (නි)
අපේ රටේ අතීත දේශපාලනය බැලුවම පෙනෙනවා කවදාවත් මේ වගේ හවුල් හරිගියේ නැහැ කියලා. මෙහෙම හවුල් ආවම වෙන්නේ රටේ ආර්ථිකයට ප්‍රශ්න එන එකයි. (නි)
ඒ ඉතින් දිනුවොත්නේ (නි)
මෙන්න බොලේ තවත් අලුත් වැඩ පිළිවෙලක්? එතකොට අර කලින් කිවුව දින 100? එක්කෙනෙක් දන්නේ නැහැ අනිත් කෙනා කියන්න යන දේවල්. (නි)
අට වෙනිදාට පසුවවත් ගෙදර ගිහින් විවේක ගන්න.ඔබතුමාට ආයෙමත් වාරයක් එන්නේ නැහැ. (නි)
හරි හරි. ඒකට ඉතින් දිනන්න එපායැ (නි)
දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැති බවට පත්වන්නේ පාර්ලිමේන්තුවේ වැඩි දෙනාගේ විශ්වාසය ඇතැයි බලයේ සිටින විධායක ජනාධිපතිවරයා හිතන කෙනාය. වැඩිම ආසන දිනන පක්ෂයට අගමැතිකම දියයුතු වගක් ව්‍යවස්ථාවේ නැත. තවද විධායක ජනාධිපතිවරයාට 2016 තෙක් පාර්ලිමේන්තු මහා මැතිවරණයක් කැඳවා නොසිටීමටද පුළුවන. (නි)
මේ ඔක්කොම එකතු වෙලා හොද දේවල් කලොත් හොදයි. (හේ)
නියෝජ්‍ය අගමැතිකම කාටද?(හේ)
හොඳයි. අපිත් කැමතියි තරුණ අකිල විරාජ් නියෝජ්‍ය අගමැති වෙනවා නම්. (නදී)
සජිත්ගේ හිත සතුටු කරන්න වෙන්න ඇති. (නදී)
කීර්ති, 1956 මහජන එක්සත් පෙරමුණෙන් තමයි හවුල් ආණ්ඩු මුලින්ම ඇරඹුනේ. ඊටපස්සේ ආණ්ඩු සියල්ලම වාගේ හවුල්. හැබැයි සමහර පක්ෂ තනියම ඉල්ලුවොත් 12.5%ක්වත් ගන්න බැහැ. කතාව දෝලාවෙන් ගමන පයින් (නි)
කමල්, රේණුලාට දැනුත් ලැම්බෝගිනියේ නැත්නම් ලිමෝසීන් එකෙන් මඟුල් දවසට යන්න පුළුවන්. (නි)
ගොඩක් බඩගිනි වෙලා වගෙයි (නදී)
ලනු කෑමෙන් වලකින්න (නදී)
ඉතා හොඳ අදහසක් ඔබ කවදත් බුද්ධිමත් (නදී)
එකනම් හොද අදහසක්. එතකොට නිදහස් පක්ෂයටයි එක්සත් ජාතික පක්ෂයටයි දෙකටම තැනක් හම්බෙනවා. කව්රු කිවත් හොද දේ හොදයි කියල කියන්නම ඕන. (ර)
මේ සමගිය සදාකල් පවතීවා.! (ර)
දිනන්න ඕනා නේද අගමැති වෙන්න. තව දවස් කියද මේ වගේ සුන්දර සිහින දකින්නේ,(හේ)
හරි මහත්තයෝ ඉස්සරවෙලා මේ වැදගත් වැඩේ කරලා හිටිමුකෝ ,නිකම් කට වරද්දා ගන්නේ නැතිව (නදී)
රනිල් මහත්ත්යා කියන්නේ බුද්දිමත් ලෝකේ පිළිගත් නායකයෙක්. එතුමා අවංක නීතිගරුක පුද්ගලයෙක් හොරකම් වංචා දුෂන චෝදනා මෙතුමාට නැහැ. (නදී)
ඔබ තුමා ඔය දේ දන්නේ අදද? හැම පාර්ලිමේන්තු මැතිවරණයේදීම වැඩිම ආසන දිනන පක්ෂයේ කෙනෙක් තමා අගමැති උනේ. (නදී)
ඔව් කෙලින්ම ඡන්දෙන් එන්න බැරි හින්ද රනිල් ගැහුවා ගැටයක්. අනේ මන්දා චන්ද්‍රිකා නෝනගේ ගැටේට අහුඋනාද මන්දා. ඉස්සරහට කව්රු කව්රු එකතුවෙලා රට කයිද කියලා වෙලාවකට හිතෙනවා (නදී)
අවුරුදු ගණනාවකට ඉස්සර රනිල් මංගල එක්ක ගිවිසුම් ගැහැව්වේ රනිල් අගමැති වෙලා මංගලට උප අගමැතිකම දෙන්න නේද ? (නදී)
මේ වගේ දුර්ලභ අනගි අවස්ථාවක් ආයේ ලැබෙනේ නැහැ. හැම පක්ෂයටම අයිති සමගි ආණ්ඩුවක්! ඒ වගේම හොර බොරු වංචා සහ මැරකම් කිරීමට බැරි, පවුල් වාදයක් නොමැති, පක්ෂ භේදයක් නොමැති, ආණ්ඩුවක් ඇති වෙනවනම් මේක ශ්‍රී ලාංකිකයන්ගේ වාසනාවක්! (අ)
හොඳ යෝජනාවක්. (අ)
එ.ජා.ප ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර, ලංකා දේශපාලනයේ මහගෙදර, කියල තමයි විය පත් වූ මගේ සීයා කියන්නේ. එයා බලාගෙන හිටියේ රනිල් හාමුට ඡන්දෙ දීල දිනුවහම සන්තෝස වෙලා මැරෙන්නයි. මට නම් තාම ඡන්දෙ නෑ. (නදී)
සමගි වෙනවට සේරම කැමතියි. රට දිනන්න සමගි වන්න. (හේ)
කට ඉස්සර කර ගන්න එපා .(හේ)
නැතුව,,,නැතුව,(හේ)
නියෝජ්‍ය අගමැති පදවියට අමතරව උප අගමැති පදවියකුත් හඳුන්වා දුන්නොත් ඉතාම වටිනවා. මොකද හෙළ උරුමයටත් තැනක් දිය යුතු නිසා.(හේ)
දැන් විපක්ෂයක් තියෙන නිසා ආණ්ඩුවේ හොර අල්ලලා දෙනවා. දෙකම එකතු වුනොත් ජනතාවට මොනා වෙයිද?(හේ)
අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනි. ලැබෙයිද සැනසීමක්.(හේ)
ඔබ සැවොම, අනෙකුන් මෙන්ම, මේ රටට ජාතියට කළ වින්නැහියට සදා පව් කාරයෝ වන්නේය.(හේ)
අනේ බලාපල්ලා මේ වගෙත් හැටි (නදී)
මහත්තයෝ ආස නැද්ද අගමැති වෙන්න.(හේ)
මොන විදියකින් වුණත් කමක් නැහැ. දුප්පත් මිනිසුන්ට තුන්වේල කාලා ඉන්න රටක් හදමු (අ)
කීර්ති , දැන් තියෙන්නේ එතකොට හවුලක් නෙවෙයිද ? හවුලේ පක්ෂ කිහිපයක් එක්ක පිල්ලයාන් කරුණා පවා ඉන්නේ. මුස්ලිම් කොන්ග්‍රසය විපක්ෂයේද ඉන්නේ ? ඔයගොල්ල කැමති අයට විතරද හවුලේ වැඩ කරන්න පුළුවන්. ? (බ)
රේණුල හීන දකිනවා ලම්බෝගිනියේ නැගිලා ගිහින් ආකේඩ් එකෙන් කාලා , කැසිනෝ පාරක් එහෙම ගහලා හවසට ගෙදර යන්න. අනේ හොඳයි. (බ)
දෙවන ඡායාරූපයේ හිස් පුටුව ප්‍රමාදවෙලා එන කෙනෙකුට වෙන්න ඇති (නි)
එවන් පාලනයක් තමයි අපේ රටට අවශ්‍ය. ජය නියතයි. ජය ශ්‍රී! (නි)
හරි හරි අපි බලමුකෝ... (නි)
ඉතාමත් යහපත් බුද්ධිමත් අදහසක්. සියල්ල මල්ඵල ගැන්වේවා! (නි)
ඒ කියන්නේ ඔයාලා දිනන බව ස්ථිරද? (නි)
එහෙම වෙන්න දිනන්න ඕනෑනේ (නි)
රනිල් කවදත් මොළකාරයා! (නි)
බලමුකෝ වැඩිම ආසන දිනන්නේ කවුද කියලා (නි)
මෛත්‍රී කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා මම හොඳට දන්නවා. එයාගේ අමාත්‍යංශයක මම වැඩ කරලා තියෙනවා (නි)
සූ ගාලා සෙනඟ... (නි)