අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර පියදර්ශන යාපා මහතා කියයි.
අගමැතිවරයාට විරුද්ධ විශ්වාසභංගය ඉවත් කර ගැනීමට තම පක්ෂයට කිසිදු අදහසක් නැතැයි ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති වෙනුවෙන් ගෙන එන විශ්වාස භංගයට ජනතා අපේ විරෝධය!ජනතාවට අවශ්‍ය වන්නේ අගමැතිට සහ ජනපතිට එරෙහිව තම බලය රැකගැනීමට රජයේ කටයුතු අවුල් කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පම්පෝරි ගසන දූෂිතයින් රැළ මැතිවරණයේදී එළවා දැමීමයි.දූෂිතයින්ට එරෙහිව ජනතාව පාරට බසින දිනය දුර නොවේ. (නි)
කුමාරි, මහා ජාතිය, සුළු ජාතිය කියලා දෙයක් නැහැ.ඉන්නේ එකම ජාතියයි..එනම් මානව ජාතියයි.ඔය වදන් අවස්ථාවාදී පාලකයන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ට කරගැනීමට ඔබගේ මොළවලට දමපු විෂබීජයි.ඔය විෂබීජ ඔලුවෙන් අයින්කර අපි කටයුතු කරනවා වගේ සියලු දෙනා ගැන සමානව හිතන්න (නි)
යහපාල, කාටද මේ එයා එයා කියලා තිබෙන්නේ? (නි)
යහපාල,ඔබ වෘත්තිය වශයෙන් කඩේ යන කෙනෙක් නිසාත් ඔවුන්ගේ සියලුම දේ දන්නා නිසාත් මගේ මේ ප්‍රශ්නය යොමුකරමි.මමත් ඇතුළු ලෝකයේ වෙසෙන සියලුම ජනතාව විසින් ලංකාවට එවන ලද සුනාමි අරමුදලේ මුදල් ටික ගියේ කොහෙටද? (නි)
කුමාරි කියනවා..."ඒත් සිංහලයින් අන්ධයි.." මට හරියටම කියන්න පුළුවන් කීදෙනෙක්ද කියලා. ජනවාරි 8 වෙනිදා කළ සමීක්ෂණයකින් අපි සොයාගත්තා ඒ සංඛ්‍යාව ලක්ෂ 58ක් පමණ වන බව. ලස්සන වැඩේ කියන්නේ සිංහලයින් අන්ධයි කියලා කියන්නෙත් අන්ධයෝ. අන්ධයින්ගේ ඡන්දයෙන් නැත්නම් මිනිසුන් අන්ධ කරලා බලයට එන්න හදන්නෙත් අන්ධයෝ. සුළු ජාතිය ඇස් ඇරියයි කියලා මහජාතිය බය කරන්න කරන දැඟලිල්ලට කුමාරි කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)
එහෙනම් ඉතින් කමක් නැහැ (නි)
සත්‍යයා,ඔබද අසත්‍යය නම් තඩතුරාවෙන් දෑස් වසාගත් අන්ධයකු වැනිය. (නි)
පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති අයෙක් කොහොමද අගමැති තනතුරේ ඉන්නේ? එතන මොකක්ද තියෙන ප්‍රජාතන්ත්‍රවාදය?සදාචාරය? බලහත්කාරයෙන් එහෙම ඉන්න බැරි වෙන්න තමයි විශ්වාස භංග ගෙනෙන්න ව්‍යස්ථාවෙන් ඉඩ සලසා තියෙන්නේ. ඒකට මුහුණ දීලා තමන්ට බහුතර කැමැත්ත තිබෙන බව පෙන්වන්නකෝ නිකන් මාධ්‍ය සංදර්ශන තියන්නේ නැතුව.ඔය කෙනෙක් කිව්වේ 100ක් ආවත් බය නැහැ කියලා.මොකද මේ යහපාලන කට්ටිය බයේ දඟලන්නේ? ලැජ්ජයි සත්‍ය මහත්තයෝ (නි)
කවුද හරි කවුද වැරැදි කියලා දැන් හිතා ගන්නවත් බෑ.(හේ)
යහපාල,මම නම් හිතන්නේ මොන පක්ෂයක වුණත් ප්‍රබුද්ධ දේශපාලනයක නොයෙදෙන අයට පැන්ෂන් දෙන්නත් කොච්චර සල්ලි විසිකළත් මනාපය තරුණ උගත් කොටස් වලටත් දෙන්න ජනතාව උනන්දු කිරීමත් දැනුම්වත් කිරීමත් අද දවසේ කාර්යය වී තිබෙන බවයි. (නි)
ලංකාවේ දේශපාලනය අංක එක වෙලා සංවර්ධනය අංක දෙක වෙලා. කවදා අපේ මේ ලංකාව හැදෙයිද.කවුරු කොහොම කිවුවත් අන්තිමේදී රැවටෙන්නේ අපිම තමයි. (නි)
මේගොල්ලෝ වයසත් එක්කම මානසික අබාධ වලට ලක්වෙලා වගේ. (ම)
කවුරු කොහොම කිවුවත් අන්තිමේදී රැවටෙන්නේ අපිම තමයි (නි)
සත්‍ය මහත්තයලගේ ලොක්ක අන්ධයින්ගේ ඇස් අරවන්න වෙන්න ඇති තමන්ට අයිති නැති ඒ අන්ධ ලක්ෂ 58 ක ජන මතය අමු අමුවේ මංකොල්ල කන්න හදන්නේ.(ම)
අගමැති ඉවත් කරන්න අවශ්‍ය වන්නේ එකම එක අත්සනයි. ඒ ජනාධිපතිවරයාගේ අත්සන පමණයි. ඇයි මෙච්චර දඟලන්නේ. (ම)
ජනපති සිරිසේන මහතා දේශපාලන අත්දැකීම් තියෙන ප්‍රවීනයෙක්. වත්මන් අගමැති පත් කිරීමට ඔහු පොරොන්දු වුවා සේ ඔහුව එම තනතුරින් ඉවත් කිරීමට හෝ ඉවත් කරවන යෝජනා වලට හරස් වීමට හෝ පොරොන්දු වී නැතැයි අපි විශ්වාස කරමු. ඉදිරි මහා මැතිවරණයේදී බහුතර බලයක් පිහිටුවන බවට එජාප කියන නිසාත් විශ්වාසභංග යෝජනා 100 ක් ගෙනාවත් බය නැතැයි කියන නිසාත් ජනපතිතුමා දැන් කළයුත්තේ එවන් ආත්ම විශ්වාසයකින් සිටින එජාපයට හැකිනම් ජයගන්නට ඉඩදී නිහඬව සිටීම බව බහුතර ජනතා අදහසයි. (බ)
පිවිතුරු. ඇයි ඔබ කලබලවෙන්නේ.? සත්‍යා යනු මේ තීරුවට කාලයක් තිස්සේ කොමෙන්ට්ස් යොදන්නෙකි. ඔහු ගැන ඔබට තාම හරි වැටහීමක් නැතිද.? සත්‍යා යනු පැසිස්ට්වාදී අදහස් දරන්නෙකු මෙන්ම කලබල වූ විට වැල්වටාරම් සහිත අරුත්සුන් සටහන්ද යොදන්නෙකි. මට නම් ඔහුගේ අදහස් වල විනෝදාත්මක බවක් ඇත.(ම)
තාමත් පිවිතුරු යහපාලගේ රෙදි ටික හෝදලා දෙන්න කවුරු හරි හොයාගෙන නැහැ වගේ. අනික කවුරුවත් කැමති නැහැ ඔයාගේ රෙදි හෝදලා දෙන්න. යහපාල මහත්තයෝ. රටේ යහපාලනයක් ඇති කරන්න දුෂිත ආණ්ඩුව ගෙදර යවන්න ලක්ෂ 62ක් ඡන්දෙ දුන්නේ විශ්වාස භංග ගෙන්න නෙමෙයි. විශ්වාසභංග ගෙන්න හදන අය තමන්ගේ ආසනේවත් හරියට දිනාගන්න බැරි පස්ස බිම ඇනගත්ත අය. යන එනමන් නැතුව දේශපාලනිකව අනාත උන කට්ටිය. අනිත් එක තමයි ඔය කියන නඩය පාර්ලිමේන්තුව විසුරුවනවටත් බයයි. බොරුවට "අපි බය නැහැ ඡන්දෙට" කියල වීරයා වගේ කිවුවට ඔය කියන කට්ටිය හිතෙන බයේ ඉන්නවා කියල මහා ජනතාව දන්නවා. මෑතකදී කෙනෙක් කිවුවේ ගල් ගහල පොලිසියේ අය මරනවා කියලා පුලුවන්නම් එයාගෙත් රෙදි ටික හෝදලා දෙන්නකෝ යහපාල මහත්තයෝ. එයත් හොදටම මඩ නාගෙන. නාවලම ගත්තත් අවුලක් නැහැ යහපාල මහත්තයෝ. හිතන්න එපා අයෙත් ඔය නඩය පාර්ලිමේන්තුවට මහා ජනතාව පත් කරලා එවයි කියලා. විශ්වාසභංගය ගෙන නඩයට මහා මැතිවරණයෙන් නැති භංග වෙන්නම විශ්වාසභංගයක් මහා ජනතාවම දෙයි කියලා අපිට ෂුවර් යහපාල මහත්තයෝ. (බ)
රොහාන් දුනුවිලගේ අදහස විශ්වාසභංග යෝජනාවේදී ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකුලව පාර්ලිමේන්තුවට ඉඩ දී සිදුවන දේ බලා සිටීම නේද.? මගේ අදහසත් එයමයි. ජනාධිපති වීමේ මැතිවරණයේදී එජාපය උදවු කළා සේම ජනාධිපතිතුමා එජාපයට සාධාරණයක් ඉටුකර තිබෙනවා. ජනාධිපතිතුමනි, ඔහු ලබාගත් අගමැතිකම විශ්වාසය පිටුදැක ඇත්නම් ඔහුට එල්ලවන චෝදනා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවෙන් තීරණය කිරීමට ඉඩ හරින්න. (බ)
ඔබට ජය වේවා රනිල්' විශ්වාස භංග 100 අාවත් ඔබම තමයි එන අවරුදු 5 අගමැති' (බ)
මම ජාතිවාදයක් කියනවා නෙමේ. ඒත් මහින්ද මහත්තය කාලේ බලයේ හිටපු සුළු පක්ෂ නියෝජනය කරන අය දැන් කතා කරන හැටි දැක්කම ඇයි අපේ මිනිස්සු සිංහලයින් වශයෙන් හිතන් නැත්තේ, එකතු වෙන් නැත්තේ කියල දුකයි. මොකද මේ සිංහල රටේ සිංහලයින් සුළු ජාතිය බවට පත්වීම දැන් අත මානයේ. ඒත් සිංහලයින් අන්ධයි.(අ)
මේක අත්සන් කළේ මෛත්‍රී මහත්තයාගේ කැමැත්ත ඇතුව නෙමෙයිනේ..එයාගෙන් ඒකට කැමැත්තක් ලැබෙන්නේ නැති බවත් කට්ටිය දන්නවනේ..එහෙනම් ඉතින් එයා එපා කිව්වට විශ්වාස භන්ගේ ඒවි..එයාට පාලනය නොවන බහුතරයක් අත්සන් කරලා තියෙද්දී එයාගේ වචනෙට ඒක නතර කරන්න තරම් චීත්ත රෙදි ඔතන නැහැ.. (බ)
යහපාල කියලා තියනවා සත්‍යගේ ලොක්ක කියලා.මොකක්ද ඒකේ තේරුම?බහුතරයකගේ ඡන්දෙන් තේරීපත් වුණ නායකයෙක් කොහොමද එක්කෙනෙකුගේ ලොක්කෙක් වෙන්නේ?යහපාල තමුන්ගේ මෝඩකම ලොවට නොපෙන්වන්න. (නි)