
(සුජිත් හේවාජුලිගේ )
අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා ඩුබායි රාජ්‍යය බලා ලබන මස 2 වැනිදා පිටත්ව යෑමට නියමිතය.
එක්ස්ෆෝ ප්‍රදර්ශනයේ(2022) ගෝලීය උත්සවය ඩුබායි රාජ්‍යයේදී ජනවාරි 3 වෙනිදා පැවැත්වෙන අතර එහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගීවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා ලැබී ඇතැයි අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සංචාරයේදී අගමැතිවරයා සහ ඩුබායි රාජ්‍යයේ නායකයන් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ළඟදී සැන් මැරීනෝ ගියා.. දැන් ඩුබායි, ඊළඟට යයි සීෂෙල්ස්.... අන්තිමටම යන්නේ... එක්කෝ එ්ක මෙතැනට අනවශ්‍යයි..
දැනට අගමැති පමණයි මේ සංචාරයට.... යනකොට පවුල් පිටින්ම මේ දූත පිරිසට එක්වනු ඇත.
ඩොලර් නෑ කිවුවට ඔය ඕන තරම් තියෙන්නේ රෝන්දේ ගහන්න
ඒ ගමන් කීයක් හරි හිඟා කාලා එන්න බලන්න. දැන් හිඟාකන එක සාමාන්‍ය දෙයක් වෙලානේ. ගෙවා ගන්න බැරි නම් ඉඩම් කෑල්ලක් සින්නක්කරේට දෙන්න පුළුවන්නේ. මේවා අම්මගේ අප්පගේ දේපළනේ...
රට්ටු හාමතේ හිටියට, ප්ලේන් එකත් දැන් තියන එකේ, ඩුබායි හෝටලේ වැඩ කටයුතු කොහොමද කියලා බලලා එන්න ගියාට කමක් නැහැ
විශ්වාස කළ නොහැක්කේ ජාත්‍යන්තර උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ කෙසේද යන්නයි. හො....හො...හෝ....
ඔය තියෙන්නේ ඩොලර්.ගිය සත්යේ ප්‍රයිවට් ජෙට් එකකින් තිරුපති වඳින්න ගියා පුතයි ලේලියි එක්ක,ලබන සතියේ ඩුබායි යනවා. නාමල් බේබි ඔලිම්පික් වලට ජපන් ගියා.අර වරායේ කන්ටේනර් ටික නිදහස් කරන්නත් ඩොලර් කීයක් හරි ඉල්ලගන්න බැරි වෙයිද මේ පවුලෙන්.ඒගොල්ලන්ට නම් ප්ලේන් වලට ගෙවන්න ඩොලර් හිඟයක් නම් නෑ
ප්‍රධාන ආරාධිතයා -(හ හා)කීයක් හරි ඉල්ලගන්න එන්නේ
ආරාධිත හිඟන්නා යනුවෙන් වෙනස් විය යුතුයි.
එහෙම නැවතුනා නම් නේද හොඳ?ජෝඩුවම .මුදල් ඇමති එනවනේ එයාගේ තැන ගන්න .බායි මෙයාලා.අපිට එයාලගේ ඩොලරුත් එපා.ගෑසුත් එපා
මේ වගේ නිවුස් දැක්කම ලේ රත්වෙනවා..
අනේ යනකොට අපේ බමුණු ආරච්චි වත් එක්කන් යන්න බැරිද?හැමබයන්ගෙන් හිඟා කන්න
මිනිස්සු මෙහෙ වේලක් කන්න නැතිව ඉන්නකොට, මෙයා ලෝක සවාරි යනවා. එයා හරි ශක්තිමත් කියලා පෙන්නගන්න. ඇවිද ගන්නවත් හයියක් නෑ.. කාවද රවටන්නේ...?
රටට කියන්නේ නම් රාජ්‍ය ආරාධනා කියලා. ඒ වුනාට කිසිම රාජ්‍ය නායකයෙක් හම්බවෙලා නැහැ .අප්‍රිකාවේ මුසවේනි සහ ගඩාෆි හැරුනාම. ඉතාලියට දෙපාරක් ආවා නගර සභා මන්ත්‍රී කෙනෙක් වත් ගියේ නැහැ හම්බවෙන්න. සෙනග නම් සීයක් විතර ආවා. අපිටත් ලැජ්ජයි.
තවත් නොගිය රටවල එහෙම තියෙනවා නම් ඒවායෙත් ගිහිල්ලම එන්න. අවුලක් නෑ... අපි හොඳින්... හැමදේම හොඳම එකෙන් කෙරෙනවා...
හැමෝම අන්තිමට යන ගමන යන්න කළින් පිටරටවල තියෙන දේපළ පිළිවෙළක් කරන්න යන්නේ.. බොරුවට අන්දන කතා දාලා ඒ ගමනත් අපේ සල්ලිවලින් යන්නේ...
මෙයාගේ පවුලේ සියලු දෙනාමත් එක්ක යයි.. මහ මුහුදටම වැටුණානම් හරි..
මේ වැඩේ කෙරෙන්නේ නෑ. එතුමාට වැඩ වැඩියි.. නැත්නම් ලෙඩ වැඩියි. දැන් ප්‍රමුඛතාවය දෙන්නේ දේවාල වන්දනාවට. ඔන්න අර අප රටේ ඉන්න එකම අජටාකාශ විද්‍යාඥයා ඇතුළු පවුලේ කට්ටිය එක්ක ගුවනෙන් ගිහින් ශිව දෙයියන්ගේ මොකද්ද එකක් එළ කිරෙන් සෝදලා අපු ගමන්ම රත්නපුර මහ සමන් දෙවාලෙටත් ගියාලු. මට ඇහුණා කවුදෝ කියනවා බලය නැති වුණුගමන් හිස් අතින්ම දුවගෙන ගියේ පන්සලටලු. බලය ලැබුණාට පස්සේ රටට නැති ඩොලර් පොදි බැඳගෙන දුවගෙන යන්නේ ශිව දෙයියෝ ළඟටලු. අනේ මන්දා...
ඩේසි ආච්චිට මැණික් මල්ලක් දුන්නා. දුන්න කෙනෙකුගේ නමක් ගමක් නෑ. මල්වානේ සුපිරි බංගලාවක් හැදුවා. හදපු කෙනෙකුගේ නමක් ගමක් නෑ. තිරුපති යන්න ජෙට් යානාවක් එව්වා... එවපු කෙනෙකුගේ නමක් ගමක් නෑ. මාර වැඩක් ලංකාවට වුනේ.
ඩුබායි ගියාට පසු යන්න වැලිගම්පිටියටම..., ආයේ නම් අපේ රටට පයගහන්න නොලැබේවා මේ ගසාකාපු අපරාධවලට....