අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම චීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය. රටවල් 30ක සහභාගීත්වයෙන් චීනයේ බීජිං නුවර දී පැවැත්වෙන එකම තීරයක් -එකම මාවතක් යන තේමාව යටතේ පැවැත්වෙන සමුළුවට සහභාගි වීමට වික්‍රමසිංහ මහතා මෙසේ පිටත් විය. චීන ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව මෙම සමුළුව පැවැත්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන දෙයක් දීල , ගන්න දෙයක් අරගෙන ඉක්මන්ට අලුත් රක්ෂා ටිකක් දෙන්ඩ ඕනේ.
මොකුත් බලාපොරොත්තු වෙන්න එපා. චීනෙට ඕන දේවල් අපිට දෙන්න විදියක් නැහැ. අපිට ඕන දේවල් චිනේ දෙන්නේ නැහැ. රට යන විදියට මෙහෙ ඉන්වෙස්ට් කරන්න රටකට ගොඩක් දේවල් ඕන....
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
දැන් කී සැරයක් ඔහේ ගියාද ?එක සැරේටම කතා කරල ඉවරයක් කර ගත්ත නං ඉවරයි නේ .වරින් වර ගිහින් නිකං අපරාදෙ අහස්යාත්‍රාවට ගහන තෙල් ටික පුච්ච්න්නෙ මොකටද ?
අපරාදෙ ඇයි ඇමරිකාව ,යුරෝපය පැත්තෙ යන්නැත්තෙ. එහෙනෙ ඔයාලගෙ උදවුකාරයො ටික ඉන්නෙ.
ඔය රටවල් දෙකේම ශ්‍රමය ලංකාවට වැඩිය ඉතා ලාභය , කර්මාන්ත ඇතිකිරීමේදී අනුගමනය කලයුතු පාරිසරික නීති රිතිද අවමය , එමනිසා ඔය රටවල ආයෝජකයන් මෙහෙ ආයෝජනය කර කර්මන්ත් ශාලා ඇතිකරන්නේ නැත , ඔවුන්ට එම නිෂ්පධන එහෙ කර මෙහෙට අලෙවි කිරීම ලභාධයක වේ , දැන් ආණ්ඩුව කල්යූත්ථෙ ශ්‍රී ලංකික කුඩා සහ මධ්‍යම පන්තික වියපරිකයන් දිරිමත් කිරීමය උදාහරණ -කර්මාන්ත සදහා දෙන බැංකු නය පොලි අනුපාත අඩු කිරීම , ශ්‍රමිකයන්ට හොඳ වුර්තිය පුහුණුවක් දීම , ඉදිකිරීම් ශේත්රයේ වැලි , ගඩොල් , දැව , පස් වැනි අමුද්‍රව්‍ය ඉල්ලුමේ ප්‍රමාණයට සැපයුම නැත මිල ඉතා ඉහලය මෙවැනි ප්‍රශ්න වලට විසදුම් දීම , කෘෂි සහ මත්ස්‍ය නිෂ්පාදන රට තුල ක්‍රමවත්ව බෙදාහැරීම , රට වල සමුළු වලට සහභාගී වුන කියල අපේ ප්‍රශ්න විසදෙන්නේ නැත , දිනෙන් දින කඩාවැටෙන ආර්ථිකය ගොඩ ගන්න නම් නිසි තීන්දු ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමය , එහෙම බැරිනම් පුළුවන් කෙනෙකුට වගකීම් පවර ගෙදරයන එකය ,
ගිහිල්ලා එන්න සර්.
කතාව නම් ජනතාවට වේල් තුනම කන්න දෙන හැටි. ජීවිතයෙන් වැඩි දින ගානක් ගුවනේ. ඔරලෝසු බට්ටෙක් මෙන් වරක් ඉන්දියාව දෙසටත් වරක් චීනය දෙසට පැද්දෙනවා. ඔරලෝසුවේ වෙලාව දක්වන්නේ බට්ටා හෝ කටු දෙක නොවෙයි නොපෙනී ඇතුලේ නිරන්තරවම කැරකෙන දැති රෝදයි. මේ දැති වගේ වූ ජනතාව මහන්සියෙන් උපයන මුදල් කාබාසිනියා කරමින් ලෝකේ වටේ කරක් ගහන යමෙක් ඇත්නම් ඔහු නිකම්ම නිකම් බට්ටෙක් පමණයි.
එහෙත් උපාධි දෙනවද?
අද චීනයට හෙට ඉන්දියාවට, ඊට පස්සේ ආයෙත් චීනයට ආයෙත් ඉන්දියාවට, ඊට පස්සේ ............. දැන් ඉතින් වෙන කොහේ යන්නද?
පසුගිය දවසක ඇමති මඬුල්ල ඇතුළු මන්ත්‍රීන්ට විදේශ ගතවීම සීමා කලා. එත් මෙතුමා හැමදාම විදේශ ගතවයි නේද ඉන්නේ? මේකත් හරියට මට හොඳයි, අනිත් කෙනාට නරකයි නියාය නේද?