(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අරගලයේ මුවාවෙන් අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපළවලට අලාභහානි සිදු කොට අගල් 54 ස්මාර්ට් වර්ගයේ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරාගෙන ගිය සූපවේදියකු (28) දා අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.
ඒ සමග සොරාගත් රූපවාහිනී යන්ත්‍ර දෙකෙන් එක් රූපවාහිනි යන්ත්‍රයක් සැකකරු තාවකාලිකව පදිංචි කොල්ලුපිටිය ධර්මකීර්තියාරාම පාරේ පිහිටි බෝඩිමක තිබී සොයාගත් අතර අනෙක් රූපවාහිනි යන්ත්‍රය රුපියල් 10000 අලෙවි කර තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට ආරබොක්ක පාර ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ඇතුළු පිරිසක් ඉකුත් ජූලි 09 දා අරගලයේ මුවාවෙන් අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපළවලට අලාභහානී සිදුකොට එහි තිබූ භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් තිබුණි.
ස්ථානීය හා බාහිර ආරක්ෂිත කැමරා පද්දති පරීක්ෂා කොට විමර්ශන සිදු කරමින් සිටියදී පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර මහතාට ලද තොරතුරක් අනුව කොල්ලුපිටිය ධර්මකීර්තියාරාම පාරේ පිහිටි බෝඩිමක් පරීක්ෂා කරන ලදී. එහිදි අරලියගහ මන්දිරයෙන් අස්ථාන ගත වු බවට සැකකෙරෙන සොෆ්ට්ලොජික් ප්‍රීසම් වර්ගයේ අගල් 54 ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක් සොයා ගැණිනි.
සොයාගත් රූපවාහිනී යන්ත්‍ර දෙකෙහි වටිනාම රුපියල් ලක්ෂ හයකට ආසන්න බව පොලිසිය පවසයි .
සැකකරු මෙරට චීස් නිෂ්පාදනය කොට විදේශ රටවලට අපනයනය කරන සමාගමක සූපවේදියකු බවත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේදී ඔහු අධික ලෙස අයිස් පානයට ඇබ්බැහි වූවකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ .
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු නීති විරෝධී රැස්වීමක සාමාජිකයකු වෙමින් අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී සාපරාධී බියගැන්වීම් සිදුකොට එහි දේපළ වලට අලාභ හානි සිදුකොට භාණ්ඩ සොරාගැනීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා කොටුව පොලිසියට භාර දීමට නියමිතව තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා රිමාන්ඩ් කරනකොට මර්දනය කරනෝ කියලා බෙරිහන් දෙන්න නම් එපා
බැලුවහම ජූලි 9 තිබිලා තියෙන්නේ අරගලයක් නෙමෙයි, මහා මංකොල්ලයක්. ඕක මෙහෙයවපු රතු නායකයන්ට රටේ පාලනය ගියොත් මුලු රටම ගිනි තියලා මංකොල්ල කන්න මාස හයක්වත් යන එකක් නෑ.
බිලියන ගණන් හොරකම් කල උන් අල්ලන්න උනන්දුවක් නම් නැහැ නේද?
අරගලයේ මුවාවෙන් නෙමෙයි අරගලය කියන්නේ ඒක...
කුඩ්ඩන්ගෙයි, මංකොල්ලකාරයින්ගෙයි, රස්තියාදු කාරයින්ගෙයි, අසීලාචාර මිනිසුන් ගෙයි, කාගෙන් හරි මුදල් ලැබෙනවා නම්, අසූචි වුවද බුදින මිනිසුන්ගෙයි මහා අරගලයක ලක්ෂණ...!
බඩුත් හම්බන්තොට.... හොරුත් හම්බන්තොට... නඩුත් හම්බන්තොට...
මේවා ගත්තේ මහජනයාගෙන් හොරකම් කරපු සල්ලි වලිං නෙමෙයි වෙන්න ඇති...
ඔය හැම හොරකමක්ම කරලා තියෙන්නේ, අරගල කරුවන් විදිහට වෙස්වලාගෙන පැමිණ අරගලය අල කරන්න ආපු සාටක පවුලේ සාටක නාමල්ලාගේ ගෝලබලයෝයි..!