මීගමුවෙන් මුහුදු ගිය 5 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් ගාල්ලේ පෝද්දල කඩා වැටුණු විදුලි කම්බියක් පෑගීමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් අවිස්සාවේල්ලේ පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් දැරියක ආගිය අතක් නැති බවත් පොලිසිය කියයි.
මේ පළාත් වල අදත් වැසි පවතී. මේ අතර අයහපත් කාලගුණය නිසා රත්මලානේ ගුවන් පුහුණුවීම් ද අත්හිටුවා ඇත.
තද වැසි නිසා කොළඹ නගරයේත් ශ්‍රී ජයවර්ධනපුර අගනුවරත් තැන තැන යට වී ඇත. නුගේගොඩ වැලි පාර්ක් අසල හරස්පාරද වතුරින් යට වී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර අවිදින මංතීරු පිහිටි පෙදෙසේ මහ පාර දක්වාම ගං වතුරින් පිරී ඇත. ළමා ක්‍රීඩාංගනය අඩි 2ක් 3ක් පමණ යට වී ඇත.
අයහපත් කාලගුණය නිසා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් යානා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හරවා යවන බවද ගුවන්තොටුපොළ ආරංචි කියයි.
දැදුරු ඔය ජලාශය වාන් දොරටු විවෘත කිරිමත් සමඟ රිදිබැදීඇල්ල, අයියනායක දේවාලය හා අවට ප්‍රදේශය අඩි 4 ක් පමණ යටවිය.
මහ වැසි හේතුවෙන් අනුරාධපුර පුජා නගරයේ මල්වතු ඔය පාලමද ජලයෙන් යටව තිබේ.තද වර්ෂාව සමග මල්වතු ඔයට එකතුවන ජලය හේතුවෙන් මේ තත්වය මතුව තිබේ.
ජායාරූප - ලාල් එස් කුමාර (කැළණිය)
ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව (බත්තරමුල්ල)
ඡායාරූප - ඩයනා උදයංගනී
ජායාරූප - ළහිරු හර්ෂණ
ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ජායාරූප - ශලිනි දිල්තාරා (කුරුණෑගල)
ඡායාරූප - කිත්සිරි වනසිංහ
ජායාරූප - ප්‍රසාද් රුක්මාල් (බදුල්ල)






























![IMG_9102(1)_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_91021_resized1.png)
![IMG_9108(2)_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_91082_resized1.png)
![IMG_9089_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_9089_resized1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයහපත් කාලගුණය නිසා මිනිස්සු කී දෙනෙක්ටනම් කරදරද.? (ර)
පාරවල් හදන්න ඕනි එත් ක්‍රමයකට වතුර බහින්න ක්‍රමයක් හදලා. (ර)
මහින්ද සර් මත්තල හැදුවේ නැත්නම් අද කොහෙටද ෆ්ලිඝ්ට් හරවන්නේ.? (ර)
මත්තල ගුවන් තොට අනවශ්‍යයි කියන්න බැහැ.(ර)
අපේ අයට තියෙන අමාරුව රටට මොනවා වුණත් පක්ෂයට දොස් කියන එක. එ්ක පේනවා මෙතන අදහස් වලින් (නි)
මත්තල ගුවන් පොටුපළ අනවශ්‍ය කිව්වා නේද අපේ කුහක මිනිසුන්ගේ කතා (ම)
වැස්සක් එන්නම ඕනෑ මත්තලින් වැඩක් ගන්න (නි)
දමිත් මහත්තයො, ෆ්ලයි ඩුබායි සහ රොටානා ජෙට් විතරයි මත්තලට එන්නෙ. නැත්නම් ඉතින් අනිත් ගුවන්යානාත් යවන්න තිබුනනේ. දන්න තරම පේනවා (නි)
කෝ දැන් ජලය බැසයන ක්‍රමවේද තියෙනවද? කට්ටිය දැන් කටින් බතල හිටවන පාලනයක් තියෙන්නේ (නි)
වත්තල පැත්තෙන් යන්න හිටපු අය මත්තල ගියා නම් වැස්ස පායනතුරු මොණර නැටුම් බලබලා ඉන්න තිබුණා (නි)
අයහපත් කාලගුණයට විතරක් ගොඩබාන්න මත්තල මොකටද? (නි)
දමිත්, ජාත්‍යන්තර ගුවන් තොටුපලක් අවශ්‍යයි. නමුත් මත්තල වගේ දුෂ්කර පළාතක නෙමෙයි. (නි)
හැමදාම මේ වගේ දරුණු වැහි නැනේ දමිත්. අවුරුදු කීපයකට එක පාරයි (නි)
මත්තල අවශ්‍ය වෙන්නේ මේ අවුරුද්දකට සැරයක් ගුවන් යානයක් හරවලා යවන්නද? ඒ සඳහා ඉන්දියාවේ ගුවන් තොටුපළවලට සුළු මුදලක් ගෙවලා වෙන් කරගන්න පුළුවන්. එ්කට සුදු අලියෙක් වගේ මත්තල තියාගන්න ඕනෑ නැහැ. (නි)
දුප්පත් මිනිසුන්ටමයි හැම කරදරයක්ම (නි)
දමිත්, මත්තල ගුවන් තොටුපල භාවිතා කරන්නේ විකල්පයක් විදිහට විතරද? මේ වෙනකොට ඒ සඳහා පමණක් මත්තල වාර කීයක් ප්‍රයෝජනයට අරන් තියෙනවාද? දැනට හරවා යැවූ ගුවන් යානා තුනෙන් දෙකක්ම යවලා තියෙන්නේ ඉන්දියාවට බව ඔබ දන්නවද? (නි)
මහින්ද රාජපක්ෂ මහතා නම් ඒ කාලේ මේවා ගැන කලින් ඉඳලම සැළසුම් හැදුවා (නි)
ඔය දැන් හිතන්නේ කාලගුණ විපර්යසයක් වුණ වෙලාවට ගුවන් යානා ගොඩබැස්සවීමට කෝටිගණන් වියදම් කරලා ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හදන්න අවශ්‍යයි කියලද? කෝ හෘද ශාක්ෂිය? (නි)
මත්තල ඉඳලා කොළඹට එන්නේ කොහොමද එතකොට? (නි)
පාට කන්නාඩි ගලවල බලන්න රටක වුණ සංවර්ධනය දැන් තියෙන කඩාකප්පල් වැඩ ගැන හිතන්න (ම)
දමිත්ගේ ටිකිරි මොළේ නියමයි (නි)
දැන් මත්තල වටිනවා සමහරුන්ට (නි)
ලංකාවේ මාසෙකට සැරයක් මේ වගේ අයහපත් කාලගුණයක් එනවා නම් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණන් වියදම් කරලා මත්තල වගේ අමතර ගුවන් තොටුපොළක් හැදුවට කමක්නැහැ. නමුත් ආයෝජිත ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභය ගැනිය නොහැකි තරම් නම් ඒවා නාස්තිකාර වියදම් වෙනවා. අපි අපේ සාක්කුවෙන් අරන් ආණ්ඩුව මේ කරපු සහ කරන නාස්තිකාර වියදම් වලට සුදුහුණු ගාන එක පුදුමසහගතයි. (නි)
අවුරුද්දට සැරයක් ගුවන් යානයක් බාන්න ගුවන් තොටුපළක් ඕනෑද? දමිත්ගේ සල්ලි වලින් තමා හදන්න වෙන්නේ. (නි)
මේ කාලගුණය අහයපත් නම් ඉතින් ඊළඟට නියඟයක් එන්න කියලා ප්‍රාර්ථනා කරමුද? (නි)
විකල්ප ජාත්‍යන්තර ගුවන් තොටුපළක වටිනාකම දැනෙන්නේ මෙවන් අවස්ථා වලදීය. (නි)
දැන් තියෙන්නේ හදපුව ගලවල කඩන කාලේ ඒ නිසා කරපු වැඩ වලට ගරහන්න එපා මිනිසුනි (අ)
දමිත් ඔබ හරි ඔබගේ අදහස සත්‍යක් (අ)
වැස්සට ගුවන් යානා ගොඩබාන්නත් හරිම අසීරු වෙන්න ඇති (නි)
අව්ව පායන කාලෙට අව්ව වැඩියි. වහිනකොට වැස්ස වැඩියි. අනතුරු වැඩියි. දුෂිතයෝ වැඩියි. දුප්පතුන් වැඩියි. මොනවායින් අඩුවක්ද....? (නි)
මත්තල ගුවන් තොටුපළ අවශ්‍ය බව කීම වරදක් නමුත් මේ ගුවන් තොටුපළ ස්ථානගත කර ඇති තැන වරදක් පළමුව කිවයුතුයි. ගුවන් තොටුපළවල් දෙක අතර පවතින දුර හා මෙවන් අවස්ථාවක ජනතාව පත්වන අපහසුතාව වැඩියි.මේ ගුවන් තොටුපළ බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයට කිට්ටුව ස්ථානගත කළා නම් ඉතාමත් වටිනා අතර අද අනුරාධපුර හෝ යාපනයට යන අයෙක් මත්තල සිට කොළඹට ඒමට කොපමණ වෙහෙසක් දැරිය යුතුද? මේ වෙනුවට රත්මලාන ගුවන් තොටුපළ නවීකරණය කළා නම් ඉහළ වටිනාකමක් ලැබෙනු ඇත (නි)
ගං වතුරට හේතුව විදිමත් කාණු පද්ධතියක් නැතිකමයි. (ර)
වහින වැස්සේ හැටියට මෙහෙම නොව්නානම් තමයි පුදුම. (ර)
ගං වතුර ගැලීම වැලක්වීමට පියවරක් ගත යුතුයි. (ර)
ලස්සන කොළඹට ගිය කලක්. (ර)