තරිඳු ජයවර්ධන
අග්නිදිග සරසවියේ තාක්ෂණික පීඨයේ සිසුන් 17 දෙනකුගේ පන්ති තහනම් කිරීමටත් හතර දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමටත් එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.
විශ්ව විද්‍යාලයේ නිසි බලධාරිනිය වන උමා කුමාරස්වාමි මහත්මිය ලිඛිතව දැනුම් දී ඇත්තේ අග්නදිග සරසවියේ කවුන්සිලයේ 214 වැනි රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි. මෙම කවුන්සිල රැස්වීම පසුගිය සෙනසුරාදා (14) පැවැති බව එම විශ්ව විද්‍යාලයේ ආරංචි මාර්ග කියයි.
පසුගිය බදාදා (11) එම විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේදී එහි පළමු වසරේ සිසුන්ට නවක වදය දුන්නේයැයි කියමින් සිසුන්ට මෙම විනය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් සිසුන් ප්‍රකාශ කළේ තමන් පළමු වසර සිසුන්ට නවක වදය නොදු බවයි. මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවා නොතියා පාලනාධිකාරිය මෙම විනය පියවර ගෙන ඇති බව ද ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් පැවසීය.
තාක්ෂණ පීඨයේ පන්ති තහනම් කළ සිසුන් 17 දෙනා සහ ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන් හතර දෙනා අද (16) සවස 6ට පෙර විශ්ව විද්‍යාල නේවාසිකාගාරයෙන් පිට විය යුතු බව ද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දන්වා තිබේ.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට තාක්ෂණ පීඨයේ සිසුන් සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැති අතර මීට පෙරද සිසුන් පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනිනි. එම සරසවියේ පරිපාලන අර්බුදය විසඳීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශ්ව විද්‍යාලයට නිසි බලධාරිනියක් ද පත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්නනම් මෙවැනි දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි....... එක හොඳ වැඩක්.
රට හදන්න මේ ළමයිව ගෙදර යවන එක හරිද බන්..රට හදන්න ගෙදර යවන්න උන් ඕන තරම් ඉන්නවා..මන් දන්න තරමින් මේ ප්‍රශ්නෙ සාදාරනයි..මොන්ටිසෝරි මානසිකත්වයෙන් සරසවි සිසුවා හිර කරන තත්වයක් මෙකෙ තියෙන්නෙ
රට හදන්න පියවර මේ ලෙසට ගත යුතු නැත.......සිසු ජීවිත වලින් පලිගෙන රට සෑදිය නොහැක. රට සෑදීමට පෙර තමන් සෑදී සිටීමට කටයුතු කරන ලෙස දන්වා සිටින අතර,නොයෙක් බාදක කම්කටොලු මැද නන්නාදුනන ප්‍රදේශයක ඉගෙනුමට ඔබ ඔබේ දරුවාව ඇතුලත් කල පසු ඔහුට හෝ ඇයට අකටයුතුකම් සිදු අන්නේනම් සිසුන් ලෙස කුමක් කල යුතු ද..??සියල්ලන්ම අස් වී ගෙදර පැමිණිය යුතුද..??ජනතාවනි මේ ඔබේ අවදානය සදහායි...මෙසේ පලිගත්තේ ඔබේ දරුවාගෙන් විය හැකි
වැරදි කරලා තියෙනවනම් ඒ දේ ඔප්පු කරලා ,හරියට හොයලා බලලා ක්‍රියාමාර්ග ගන්න ඕනේ..මෙහම කිසිදෙයක් හොයන්නේ බලන්නේ නැතුව ගොන් හරක් වගේ ලමයිගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්නේ...තව ළමයින්ගේ පංති තහනම් කරන්නේ අමන නින්දිත පරිපාලනයක්...
යම් සිසුවෙක් ශිෂ්‍යයෙක් විදිහට සිටීම විනය පරීක්ෂණ තියන්න බාධාවක් නම් ශිෂ්‍යභාවය අහෝසි කරලා තමයි පරීක්ෂණ කරන්නේ. ඒ වගේම නවක සිසුන්ට කැන්ටින් වල නවක වධය දෙන එක තමයි දැන් අලුත්ම ප්‍රවණතාව. ඒක අහුවෙනවට නවක සිසුන්ට තර්ජනය කරලා තියෙන්නේ අයියලා අපිව අඳුනගන්න ආවා කියලා. පුදුම වැඩේ කියන්නේ මේ අඳුනා ගැනීමට අසභ්‍ය වදන් නැතුවම බෑ.
අපේ විශ්වවිද්‍යාල වලින් නවක වදය සම්පූර්ණයෙන්ම අතුගා දැමිය යුතුයි කියලයි මං හිතන්නේ. අපි විශ්වවිද්‍යාලයට ඇතුල්වුන අවධියේ තිබුන නවක වදය දරාගැනීමට අමාරු නොවුනත් ඒ වදක මාසය තුල අප ජීවත්වුණේ මරණයට කැපවුන මුවපොව්වන් වගේ බයකිනුයි. මගේ දරුවා ඉංජිනේරු පාඨමාලාව අතහැර දැම්මෙත් අමානුෂික නවක වදය ඉවසා ගැනීමට නොහැකිවූ නිසයි. අනික් දරුවාත් ඉංජිනේරු පිඨයට තේරුනත් අයියට නවක වදයෙන් වුන පාඩුව ඔහුටත් සිදුවේයයි සිතා පිටරට විශ්වවිද්‍යාලයකට ඇතුලත්වුනා. මේ හේතුව නිසා මට නිකරුනේ මිලියන් ගණනාවක් වියදම් කරන්න සිද්ධ වුනා. මේවගේ ළමයි දෙතුසීයක් නවක වදය නිසා අවුරුදුපතා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැරලා දමනවා.
විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක් සිරකරුවෙකු විය යුතු නැත. එසේම විශ්වවිද්‍යාල ශිෂ්‍යා විසින් අලුතෙන් එන සිසුන් සිරකරුවන් කොට නවකවදය දිය යුතුද නැත. නවක වදය නවක වදය යනුවෙන් කෑගසන ඇතැම් පිරිස් කිසි දිනෙක එවන්නක් දැක් තිබෙනවාද යන ප්‍රශ්නයක්ද පවතී. කෙසේ වෙතත් නවක වදය තිබුනා හෝ නොතිබුණා නිසි පියවරෙන් පියවර ගත යුතු ක්‍රියා පටිපාටීන් තිබියදී සිසු ජීවිත විනාස කොට දමමින් එක්වරම පන්ති තහනම් පැනවීම හා ශිෂ්‍ය භාවය අහෝසි කොට දැමීම ඉතාමත් බැරෑරුම් ලෙස සිතිය යුතු සුලුවෙන් තැකිය නොහැකි අකටයුත්තකි. ඊටත් වඩා විශ්වවිද්‍යාල සිසුන් පරිපාලනය කරන පරිපාලනය මුවහත් කරගත් කතුරු පොලු මුගුරු රැගෙන එමින් සිසුන් වටකොට බිය වද්දා සිසුන්ගේ අනන්‍යතා පත්‍ර විසි කරමින් අලුගෝසුවන් සේ හැසිරීම ඉතාම භයානක තත්වයකි. අප මූලිකවම එයට විරුද්ද විය යුතුමය. මේ ආකාරයේ පාතාල කල්ලි සාමාජිකයන් ලෙස හැසිරෙන පාලනාධිකාරියකින් සිසුන්ට සහ සිසුන්ගේ අධ්‍යාපනයට කවර ආකාරයේ පහසුකම් ලැබෙන්නේදැයි සැකයකි. එමෙන්ම අනාගතය බාර ගැනීමට සිටින වසර දහතුනක් පමණ ප්‍රමාණයක් හොද අධ්‍යාපනයක් ලැබූ සිසුවෙක් ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම රටට කරන අපරාදයක් මෙන්ම සුලුවෙන් තැකිය නොහැකි සමාජ ව්‍යසනයකි.