(යොහාන් භාසුර)
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට සැකකරන බවත් සිද්ධිය පිළිබඳව ආයතන මටට්ටමින් පළමු පෙළ ජේලර්වරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
මෙම මරණය යම් පහරදීමක් හේතුවෙන් සිදුවූවක් යැයි අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන්ව ඇති බව ද එම මහතා සඳහන් කළේය.
වැඩිදුර විමර්ශනය සදහා වීරවිල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා යොදවා ඇති බවත් අගුණුකොළපැලැස්ස පොලීසිය ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ මහතා කීය.
අගුණුකොළපැලැස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරිය අදාල ස්ථානීය පරීක්ෂණය කළ බව ඔහු සඳහන් කළේය.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඇඹිලිපිටිය, නව නගරයේ පදිංචි 46 හැවිරිදි ජේ. ඒ. අසංක ඉදුනිල් යන මරණයට පත්වූ පුද්ගලයා එම බන්ධනාගාරයට පසුගිය 30 වැනිදා යොමුකළ බවත් නවක රැදවියන් රදවනු ලබන වාට්ටුවක රදවා සිටියදී ඔහුගේ කලහකාරී හැසිරිම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ අනුව බන්ධනාගාර රෝහලේ වාට්ටුවකට ඇතුළත් කර පසුව තනිව රැදවීමට කටයුතු කළ බවත් ඒ මහතා කීය.
මෙම රැදවියා මෙසේ රදවා සිටි වාට්ටුවේ බිම ඇදවැටී සිටියදී බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වෛද්‍යවරයාගේ නිර්දේශයට අනුව අගුණුකොළපැලැස්ස මූලික රෝහල වෙත ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කළ බව කී දිසානායක මහතා හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම රැදවියා මියගිය බවත් ඒ මහතා සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අගුණකොළේ බන්ධනාගාරයේ රැඳවියා මැරුවාදැයි සැකයක්
ගුණරත්න Tuesday, 06 May 2025 12:54 PM
අධිකරණයට කරපු අපහාසය තමයි අධිකරණයේදී දුරකථනය නාද වීම, එකට මේ මනුස්සයා ජීවිතෙන් වන්දි ගෙව්වා