IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අග්ගලා විස වී එකම පවුලේ තුනක් රෝහලේ

( නිශාන්ත කුමාර )

වියලන ලද බත් වලින් සකස් කරන ලද අග්ගලා ආහාරයට ගත් මීගහකිවුල කණුගොල්ල ගම්මානයේ එකම පවුලක තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මීගහකිවුල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කෝමරික කණුගොල්ල ගම්මානයේ පදිංචි අවුරුදු 14, 34, හා 28 යන වයස්වල පසුවන තිදෙනෙකි.

සවස තේ පානය කිරීම සඳහා වියලන ලද බත් පොල්, සීනි ආදිය එක් කොට සකස් කරන ලද අග්ගලා අනුභව කොට තේ පානය කිරීමෙන් පසුව හට ගත් අධික වමනය හේතුවෙන් මොවුන් මෙලෙස රෝහල්ගත කර ඇත.



අදහස් (1)

අග්ගලා විස වී එකම පවුලේ තුනක් රෝහලේ

ධම්මිකා Monday, 18 March 2024 02:47 PM

නියමාකාරයෙන් හදන අග්ගලා කිසිදාක විස වෙන්නෙ නැහැ. ඒවා හදන්නෙ සහල් පිටි වලින් තමයි ඉතිරිවෙන බත් වේලා හදන්නෙ නියම අග්ගලා නොවෙයි ඔය බත් වේලෙන්න අව්වේ දැමුවාම සුළගට හෝ සතෙක් නිසා යම් විෂක් එකතුවෙන්න ඇති , ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන් අග්ගලා කන්ඩෝන් පුතා හෙලේ නගින්ඩෝං පුතා කිව්වෙ අග්ගලා නිසා තමයි එකමත් එක කාලෙක අග්ගලා මල්ල නිසා ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී කතාවක් තිබුණා අපි අග්ගලා හදන මිශ්‍රණය දැන් අලුවා හදන මිශ්‍රණය හා සමානයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site