කොළඹ 7 විජේරාම පාරේ අග විනිසුරු නිල නිවසට ඊයේ (27) රාත්‍රියේ අනවසරයෙන් ඇතුළු වී අග විනිසුරු මොහාන් පීරිස් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා ඇතුළු පිරිසක් ගැන පරීක්ෂණ ආරම්භ කොට ඇති බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
කිසියම් පිරිසක් සිය නිවසට පැමිණ තමන්ට බලපෑම් කරන බවට අග විනිසුරු කළ දැනුම්දීමක් මත පොලිස් කණ්ඩායමක් නිල නිවසට ගොස් අග විනිසුරුගේ පැමිණිල්ල සටහන් කරගත් බවත් කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර දෙල්ගහපිටිය මහතා පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දිනිදු කවදද ඔයාලට ඔලුව පෑදෙන්නේ දෙවියනේ (බ)
රට නැවත "ධර්මිෂ්ට"යුගයක් කරා.... (නි)
මම කියන්නේ අසාද් සාලිට අනිවාර්යෙන්ම දඬුවම් දියයුතුයි (නි)
අපේ රටේ එහෙම තමයි. ප්‍රජාතන්ත්‍රවාදය පිරුණු යහපාලනයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. (නි)
වැරදිකරුවන්ට නුදුරු අනාගතයේදීම දඬුවම් ලැබේවි . (නි)
නීතියට ඇඟිලි ගහන එක හොඳ නැහැ. (නි)
ජාතිය මොකක් වුණත් මේවා කැත වැඩ (නි)
දිනිදු ඔබ වෙනි අය තමා ජාතිවාදය සහ ආගම් බේද වපුරන්නේ ,මොලයට වස්තියක් කර ගන්න , මොලේ පෑදෙන්න (අ)
ජාතිවාදය සහ ආගම්බේද වපුරන්නේ කවුද කියලා ඔයාලට තේරුන දවසට පෙරහර ගිහිල්ලා ඉවරයි කියන එකත් මතක තියාගන්න (නි)
දිනිදු ඔයාගේ මොලේ හරි දිලිදුයි. මෙතන ජාති වාදයක්ද තියෙන්නේ. ඔයාල වගේ අය නිසා තමා අවු. 30 රට විනාස උනේ. (නදී)
උපාලි, සල්ගාදු මහත්වරුනි, දිනිදුගේ කතාව ඔයතරම් උපහාසයෙන් බැහැර කරන්න හේතුව මොකක්ද? බොදු බල සේනාව දේශපාලනික වශයෙන් මොන ස්ථාවරයේ හිටියත් රට ජාතියට වෙන්න යන විපත ගැන ඔවුන්ගේ හෙළිදරව් සුළුකොට තැකිය නොහැකියි නේද? අනික ජාතිවාදය වපුරන්නේ කව්ද කියල හොදට හොයල බලල කතා කරන්න. මුලින්ම අන්තවාදය නවත්වන්න කටයුතු කරන එක නේද කරන්න ඕනේ? (නදී)
කොයිතරම් කියෙව්වත් ජාතී වාදය නෑ කිව්වත් සමහර වෙලාවට වැඩ කරන්න ගියාම ඒ දේවල් මතුවෙන අවස්ථා අපි දැකලා තියෙනවා (දිල්)
ජාතිවාදය කියන දෙය දැන් මිනිස්සුන්ගේ හිත්වල ගැඹුරින් තැන්පත් වෙලා.කව්රු බලයට ආවත් දැන් එක නැති කරන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්.ඉස්සර අපි පන්තියේ එක බත් පාර්සලයක් ගෙනල්ල තුන් හතර දෙනෙක් කනවා. අපි එතකොට ජාතිය ආගම බැලුවේ නෑ.එත් අද ඒ තත්වය නැති වී ගෙන යනවා.දිනිදු සහෝදරයා මම මේක ඔබටම කියල කියන්නේ නෑ.දෙපැත්තේම වැරදි තියෙනවා.එනිසා ඔබත් අපිත් සියලුදෙනාම තමන්ගේ වැරදි හදාගෙන නව රජයත් සමග අත්වැල් බැඳගෙන ශ්‍රී ලාංකිකයෝ හැටියට සාර්ථක ලංකාවක් ගොඩනගමු.(දිල්)
සල්ගාදු යන්නේ කොහෙද මල්ලේ පොල්. යහ පාලනය ගැන කතා කරනකොට ජාති බේදය ගැන කතා කරනවා. අනේ සල්ගාදුගේ ටිකිරි මොලේ. (නදී)
පාලකයිනි, අගවිනිසුරුතුමා ඉවත්කිරීමට අවශ්‍ය නම් රටේ උත්තරීතර නීතිය අනුව කටයුතු කරන්න. ත්‍රස්තවාදයෙන් මුදාගත් මේ මව්බිමේ ජනාධිපතිතුමාටවත් නැති මෙවැනි විධායක බලතල රට අස්ථාවර කරන්න කටයුතු කරන බලවේග වලට අතට ගන්න ඉඩදෙන්න එපා. මෙහෙම ගියොත් රට අරාජික වේවි (නි)
එතුමා කියන විදියට යම් දෙයක් සිදු වෙලා තිබෙනවා නම් එය පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා , රට නීතියක් කියලා දෙයක් තිබෙනවා , මේ සඳහා අපක්ෂපාති පරීක්ෂණයක් කරලා අසාද් සාලිට උවත් දඩුවම් කළ යුතු වෙනවා , එසේ වුණේ නැති නම් ශ්‍රී ලංකාවට කවදාවත් යහ පාලනයක් ඇති කරන්න ලැබෙන්නේ නැහැ,(දිල්)
සල්ගාදු, මුලින් ඔයා වස්තියක් කරගන්න (නි)
සල්ගාදු, පහුගිය දවස්වල පැරිසියේ වුණ දේවල් අමතක වුණාද? (නි)
සල්ගාදු ප්‍රංශය, උපාලි, ඔයාලා කියන්නෙ එතකොට අසාද් සාලි කළ ඒවා හරි කියලද? ඔයාලයි මොළයට වස්තියක් කරගන්න ඕනෑ. (නි)
ව්‍යවස්ථානුකූලව ඉවත් කරන්න එයාව ව්‍යවස්ථානුකූලව පත්කර නැහැ නේද? කෙසේවෙතත් අසාද් සාලි තර්ජනය කළා නම් ඒක වැරදියි. අසාද් සාලිට බලයක් නැහැ තර්ජනය කරන්න. (නි)
මට පෙනෙන්නේ නීතිය තිබුණාටත් වැඩිය අවනීතිය වන හැඩයි. ශිරාණි ඉවත්කළේ පිළිගත් ක්‍රමවේදයකට. (ඇය වැරදි හෝ නිවැරදි වුවත්) මොහාන්ගෙත් වරදි තිබේ නම් වැරදි ආදර්ශ නොදී බලපෑම් නොකර නිවැරදි ක්‍රමවේදයට ඉවත්කළොත් තමා හොඳ. අපි බලාපොරොත්තු වුණේ මෙහෙම සේවකයින් මාරුකරන යහපාලනයක් නම් නොවේ (නි)
මෙයාද මේ රටේ ජනාධිපති? (නදී)
යහ පාලනයද ...යම පාලනයද?ඔහොම යමුකෝ..(නදී)
ඉදිරියේදීත් අනාගතයේදීත් අසාද් සාලිලා කියන විදිහට වැඩකරමු අපි එහෙනම් (නි)
අධිකරණ කටයුතු වලට බලපෑම් කරන්න කාට හෝ බලයක් තිබෙනවාද? (නි)
අයියෝ, යහපාලනය. එහෙනම් අසාද් සාලිලා කෙරුම්කාරයෝ වෙලා (නදී)
නන්දලාල්, අගවිනිසුරු ඉවත් කරන්න අවශ්‍ය නම් ඒකට ක්‍රම වේදයක් තියනවා. මහ රෑ ගෙදරට ගිහින් ඉවත් කරන ක්‍රම අසාද් සාලිල ගාව ඇති. ඒ වගේ අමන ක්‍රියාවලට වචනයකින් හෝ සහයෝගයක් දීම බරපතල අනුවන කමක්. හැඟීම්වලට වහල් නොවී බුද්ධියට ඉඩ දෙන්න. (නදී)
මට මේවා ගැන ලොකු දැනුමක් නැහැ එ්ත් කලින් හිටිය කෙනා ආණ්ඩුවෙන් වැරදි විදියට එලියට දැම්ම කිව්වනේ. දැන් එතකොට මේ අය මේ හරි විදියට දැන් ඉන්න කෙනා එලියට දාන්න හදන්නේ. උනුත් එකයි, මුනුත් එකයි කියල තමයි කියන්න තියෙන්නේ. (නදී)
අධිකරණයටත් ඉහළින් අසාද් සාලිට බලය තිබේද? (නි)
ඔය අදනේ. බලන්න හෙට දවසේ මොකක්ද වෙන්නේ කියලා (නි)
ඔන්න යහපාලනය... (නි)
එතකොට අගවිනිසුරුට ආරක්ෂකයෝ හිටියේ නැද්ද? (නි)
අපේ රටේ එහෙම තමයි. (නි)
අධිකරණයට අපහාස කළ අයට මේවා මහා ලොකු වැඩ නොවේ. (නි)
අසාර්, ඔබ සමඟ මම එකඟයි (නි)
කෝ ඉතින් යහපාලනය? (නි)
තව සෙල්ලම් ඉදිරියට. (නි)
මේකද යහපාලනය? (නි)
අධි කරණයේ ගරුත්වය මේ දේශපාලකයෝ කෙළසනවා. එක්කෙනෙක් අධි කරණයට ගල්ගහනවා , තව කෙනෙක් අග විනුසුරුට යන්න කියනවා. අපි මේවා බලාගෙන නීතියට ගරු කරනවා. (නදී)
තෙවරප්පෙරුමට එක පාලනයක්, අසාත් සාලිට යහපාලනයක් වුණොත් නම් අපි විරුද්ධයි. මේ සිද්ධියෙන්ම පෙනෙනවා මේක පිටුපසින් ඉන්න බලවේග කවුද කියලා.... (නි)
කලින් ආණ්ඩුව ,ශිරාණි බණ්ඩාරනායකව මේ තනතුරෙන් යවපු විදිය වැරදියි. (නි)
ඒක බලපෑමක් නොවේ. සාමාන්‍ය ඉල්ලීමක් විතරයි. ඒ අය සාධාරණ ඉල්ලීමක් කරපු නිසා මේ "මහත්තය" එ්කට එකගවෙලා, මේපාර "ඉස්සරහදොරින්" පිටවෙලා යන්න තීරණය කරාලු. ඉතින් ඕකට පොලිසියේ නිලධාරීන්ට මහ රෑ කරදර කරන්න ඕනද ? (බ)
මේකම වෙනත් කෙනෙක් කළොත් මොනවා කියයිද? නසාර් කියපු දේ හරි. (නි)
යහපාලනය කියන්නේ මේවා නොවෙයි. අගවිනිසුරු ඉවත් කිරීමට ව්‍යවස්ථානුකූල ක්‍රියාපටිපාටියෙන් බැහැරව මේ කරන්නේ අධිකරණයට තර්ජනය කිරීමක් ඉතාමත් භයානක අනාගත ප්‍රවනතාවයක්. (බ)
පාර්ලිමේන්තුවට අයත් වැඩ අනෙක් අය කිරීම හොඳද මන්දා? (නි)
මෙයාලට ගිය කල , තව හරි බලයක් තිබුන නම් අපි හැමෝටම වෙන්නේ මුහුදට පනින්නයි , මම එ්කයි බොදු බල සේනාව කියන දේවල් එක්ක 100-100ක් එකග , ඔවුන් දුර දක්නා නුවණිනින්මයි අපට ඉදිරියට වෙන දේ වටහාදෙන්නේ. (බ)