අග විනිසුරු මොහාන් පීරිස් ඉවත්වන තුරු හෙට (28) සිට අලුත්කඩේ උසාවි සංකීර්ණයේ උද්ඝෝෂණය කරන බව නීතිඥ සංගම් කියයි. ඒ සඳහා මහජනයාද කැඳවා ඇතැයි ඔවුහු කියති.
මාදුළුවාවේ සෝභිත හිමියන්ද මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජනපතිවරණ ප්‍රතිඵල නිකුත්වන අවස්ථාවේ අග විනිසුරුවරයා අරලිය ගහ මන්දිරයේ සිටි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසූ බවත් එය අග විනිසුරුවරයාගේ නිලයට නොගැලපෙන්නක් බවත් ඒ හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවන්ට නමස්කාරය. රට ගැන හිතන මේ වගේ හාමුදුරුවන්ට මව්බිමේ නමස්කාරය (නදී)
සෙසු අයගේ සහාය නැතුව වැඩ කරන්නේ කොහොමද? දේශපාලන පත්වීමක් නිසා ගියාට කමක් නැහැ (නි)
ව්‍යස්ථාවෙන් පැහැදිලිව අගවිනිසුරු ඉවත්කරන්න අවශ්‍ය ක්‍රමවේද සළසා තිබියදී මෙහෙම කරන එක යහපාලනයේ අංගයක් වෙන්න ඇති නේද? (නි)
අගවිනිසුරු ඉවත් කරන්න දෝෂාභියෝගයක් ගෙනාවොත් කළින් අය කළදේම කළා වෙනවා.ජනතාව කලින් ක්‍රමය ප්‍රතික්ෂේප කළ නිසා කලින් පත්වීම් ගත් අයත් ගෞරවනීය ලෙස ඉවත්වුණා නම් ඉවරයි. (නි)
අරලිය ගහ මන්දිරයට ඡන්දය අහන්න ගිය එක හරිද දහම්, විජේදාස? (නි)
ව්‍යවස්ථාවෙන් පැහැදිලිව අගවිනිසුරු ඉවත්කරන්න අවශ්‍ය ක්‍රමවේද සළස්වා තිබියදී මෙහෙම කරන එක හරිද? (නි)
අන්න හරි. ඕක තමයි නියම මෛත්‍රී පාලනය. අධිකරණයේ ස්වාදීනත්වය ඇති කරන්න නම් තමන් අකමැති නඩු කාරයන්ව පන්නන්න ඕනා. යන්නෙම නැත්නම් ගෙදරට ගලක් දෙකක් ගැහුවත් කමක් නෑ අපි අතීතයේ කරපුවා නේ. (නදී)
මෙහිදී වැදගත් වන්නේ යහපාලන ප්‍රතිපත්තිය අනුගමනය කර ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ඔහු ඉවත් කිරීමයි. එයට පිටින් ක්‍රියාමාර්ග ගැනීම යහපාලනය නොවේ. (නි)
මේ රටේ චෝදනා එල්ලවෙන කිසිකෙනෙක් ඉල්ලා අස්වෙන සිරිතක් නැහැ. අගමැති පත්කළ විදිහත් ව්‍යවස්ථාවට විරුද්ධයි නේද? උද්ඝෝෂණ කිරීම යහපාලනයද? නීතියට අනුව ඉවත්කරන එක නේද හරි හාමුදුරුවනේ? (නි)
ඉස්සර හිටපු අග විනිසුරු ඉවත්කළේ එදා රජය කැමති නැති නිසානේ. දැන් මේ අගවිනිසුරුට කැමති නැති නිසා එතුමා ඉල්ලා අස්වෙලා ගෙදර යන්න ඕනෑ. එයාලා හිතාගෙන ඉන්නේ රටේ ඔක්කොම නිළධාරීන් වැඩ කරන්න ඕනෑ එයාලා කියන විදියට කියලද? (නි)
එහෙම පුලුවන්ද නීතියට පටහැනිව උද්ඝෝෂණයකින් ඉවත්කරන්න? (නි)
ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණය වන්නේ අධිකරණය දේශපාලනයෙන් වෙන්වීමයි. දහම් සහ හෙට්ටිආරච්චි තවමත් මෙය තේරුම් කරගෙන නැතිකම ගැන කණගාටු වෙමි. (නි)
අග විනිසුරු ඉවත්කිරීමේ ක්‍රමවේදයට එරෙහිවත් උද්ඝෝෂණයක් කරමුද? (නි)
අග විනිසුරු ඉවත්කිරීමට අපි එකඟයි. නමුත් හරි ක්‍රමවේදයක් තිබිය යුතුයි. (නි)
මට සිතෙන්නේ නම් තිබුණ ආණ්ඩුව හා නව ආණ්ඩුව අතර ඇත්තේ ඔළුගෙඩි මාරුවීමක් මිස ප්‍රතිපත්ති මාරුවීමක් නොවේ කියායි (නි)
විධායක බලතල වලින් ඉවත් කිරීමට බැරිද? (නි)
ලැජ්ජා නැති උදවියට ලැජ්ජා නැහැම තමයි! (නි)
ඔහුගේ නිවාසය ඉදිරිපිටත් උපවාස කරන්න වෙයිද දන්නෙ නැහැ මෙහෙම ගියොත් (නි)