(අංජුල මහික වීරරත්න)
අක්කර දෙකක් වගා කරන ගොවීන්ටත් වන සතුන්ගෙන් වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දීමට නීති සංශෝධනය කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ වන විට පතොරම් තුවක්කු ලබා දෙන්නේ අක්කර පහකට වැඩියෙන් වගා කරන ගොවීන් සඳහා පමණි.
මොරගොල්ලාගම, කටුපිටිගම, මූණමලේ වැව, බළල්ල ,බොරවැව, නියඳගම හා නිකවැව ප්‍රදේශ ගණනාවක ගොවි ගැටලු සාකච්ඡා කිරීමට පැමිණි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කීය.
මෙහිදී ගොවි ජනතාව අමාත්‍යවරයාට පැවැසූයේ රිලව්, වල් ඌරන්, දඩු ලේනුන්ගේ හානිය නිසා වගා අත් හරින තැනට පැමිණ ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමා, ඔය වැඩේ දැම්මම කරන්න එපා... ජෙප්පෝ තවත් සංදර්ශනක් දමන්න සූදානම් බව දැනෙනවා. 1971,1989 ගෙවල් වල තිබුණු තුවක්කු ගත්තා මතකද? ත්‍රස්ත මර්ධනයට ඔබලාට ශ්‍රීමත් ප්‍රේමදාස මහතාට තිබුණු හැකියාව නොතිබුණු බව අපි දැක්කා. එහෙම පුළුවන් කමක් තිබුණා නම් අරගලය ලෙහෙසියෙන්ම මැඩ පවත් වන්න තිබුණා...
තව ටික දවසකින් පර්චස් දෙකක් තියෙන අයටත් පතරොම් තුවක්කු දෙනවා කියයි. මරු අමරේ...!!
ගොවියෙක්ගෙන් වෙඩි කාලා මැරෙන්න තියන ආසාවේ හැටි ?