පහේ ශිෂ්‍යත්ව සමතුන්ට මින් ඉදිරියට ජනප්‍රිය පාසල් වරම අහිමි කර ශිෂ්‍යාධාර පමණක් ලබා දෙන බවට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විසින් කළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව ලංකා ගුරු සංගමය කියයි.
නිදහස් අධ්‍යාපනයේ පියාගේ ගුණ සැමරුමේදි මෙවන් ප්‍රකාශයක් කිරිමත් අධ්‍යාපන විශේෂඥයින්ගෙන් නොවිමසා මෙවන් තීරණයක් ප්‍රසිද්ධ කිරීමත් විහිළුවක් බවද කියයි.
ළඟම පාසල හොදම පාසල විකල්ප යෝජනාව බිහි කරන්නට අධ්‍යාපන අමාත්‍යංශය උත්සහ නොගන්නා බවට එම සංගමය චෝදනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙළාදැක්කහම සියල්ල නිවැරදි වෙනවාද? (නි)
මධ්‍ය මහා විද්‍යාල මඟින් මෙය ආරම්භ කළේ කවුද කියලා ගුරු සංගමයට අමතකවෙලාද? (නි)
ඔය හැම ඇමතියම තමන්ගේ ආසනයේ හොඳ අංගසම්පුර්ණ පාසැල බැගින් කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැනේ. සල්ලි වලින් සේරම කරගන්න පුළුවන් කියලා හිතන ඇමතිලා ගැන රටම ලැජ්ජා වියයුතුයි. (නි)
හොඳ තීරණයක්, (හේ)
ප්‍රධාන පෙලේ පාසල් වල වියදම් තමා විසින්ම දරා ගත හැකිවන සේ වැඩ පිළිවෙලක් සකස් කරන්න යනවා කියලා අරංචියි.(හේ)
ආදායම් මාර්ගයක් වැහෙන නිසා දුක ඇති (හේ)
හොඳ වැඩක් (නි)
නුඹලා ඔක්කොමල යහපාලන ජරා වලට පැන්නෙ ඕකටනේ දැන් ඉතින් විදපල්ලා ලොකු පාසල් දීපල්ලා ලොකු ලොකු හොරුන්ට (අ)
ගමේ කොල්ලෝ රෝයල් ආනන්ද නාලන්ද පැමිණ ඉගෙනගන්නේ මොන කුමටද? අර සමහර අය මේ ගැන නිහඩ මොකද? ඒගොල්ලන්ට කැක්කුම මාලබේ ගැන විතරද?පෙළපාලි යන්න ඕනෑ මේ වගේ දේවලට විරුද්ධවයි . (නි)
නමුත් ඇමති වරයාගේ තීරණය නිවැරදි බව කියනවා. මන්ද මේ රටේ කුඩා දරුවන්ට සෙල්ලම් කරන වයසේදී අනවශ්‍යම බරක් අම්මලා සහ ටියුෂන් ගුරුවරු පටවලා තියෙන්නේ.මේ නිසා දරු පරපුර හැම අතින්ම විනාශ වෙලා. ටියුෂන් කරන්නේ ඉස්කෝලෙම උගන්වන ගුරුවරයා. ඒ ළමයින්ට තියෙන ආදරේට නෙවෙයි. හුරාකෑමට. ඔවුන් අසරණ දෙමව්පියන් රවටලා අර ඉස්කෝලේ හොඳයි අරක නරකයි කියලා අන්දවනවා. (හේ)
හොඳ තීරණයක් (හේ)
පිස්සෙක් අධ්‍යාපන ඇමති වුණාම ඔහොම තමයි (අ)