(ක්‍රිෂාන් ජිවක ජයරක්, සුජීව සමරක්කොඩි සහ එන්.කේ.ඉන්ද්‍රවංශ)
අකුරැස්ස කියාඩුව මහ වංගුවේ දී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් අද (19) මුහුණට මුහුණලා ගැටීමෙන් මගීන් 52 දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි.
තුවාල ලැබුවන් අතර පිරිමි පුද්ගලයින් විසි එක් දෙනෙකු හා කාන්තාවන් තිස් එක් දෙනෙකු සිටින බව පොලිස් නිලධාරියකු පැවසීය.
ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සදහා අකුරැස්ස රජයේ රෝහල වෙත ඇතුළත් කළ බවත් බරපතල තත්වයේ පසු වන හය දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත මාරු කර එවන ලදි.
වැලිගම සිට හොරගොඩ හරහා අකුරැස්ස බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බසයක් හා අකුරැස්ස සිට කොලඹ බලා ධාවනය වෙමින් තිබු ලංගම බසයක් මෙම අනතුරට ලක්ව තිබුණි.
තුවාලකරුවන් අතර කුඩා දරුවන් කිහිප දෙනෙකු ද සිටි බව පොලීසිය සදහන් කරයි.
(ඡායාරූප - අයි.කේ.ඉන්ද්‍රවංශ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd