
(යොහාන් භාසුර)
තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් දින දෙකක් අක්‍රීයව පැවැති කෙරවලපිටිය බටහිර වෙරළ විදුලි බලාගාරය සහ සොජිට්ස් විදුලි බලාගාරය අද (14) පස්වරුවේ යථා තත්වයට පත්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරයෙන් මෙගාවොට් 270 ක් සහ නිෂ්පාදනය කරන සහ සොජිට්ස් බලාගාරයෙන් මෙගාවොට් 130 ක් නිෂ්පාදනය කරන බවත් එම බලාගාර අක්‍රීය වීමෙන් අහිමිවූ මෙගාවොට් 400 ප්‍රමාණය අද පස්වරුවේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු වූ බවත් එරංග කුඩාහේවා මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනෙන් ගෙනාපු කසිකබල් යන්ත්‍ර, සූත්‍ර, යොදාගෙන පස්වැනි වරටත් අක්‍රීය වෙච්චි මේ බලාගාරයේ මත තවමත් යැපෙන්නේ... ගල්අඟුරුවලින් ගහගන්න කොමිස් එක රැකගන්න කියලා බයියෝ දන්නේ නැහැ. ලැජ්ජා නැති කම තමයි.