බර්මින්හැම් මහා විහාරයේ නව ගොඩනැඟිලි අරමුදලට ආධාර පිණිස "අකුරු මැකී නෑ" සහ "මාරම්බරී" නමින් සංගීත ප්‍රසංග දෙකක් සංවිධානය කර ඇතැයි විහාරස්ත දායක සභාව සහ ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානය කියයි.
ගායක දෙපළක් වන විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී එම ප්‍රසංගයන්හි ගී ගයති.
ප්‍රසංගයේ පළමුවැන්න මැයි මස 16 වැනි සෙනසුරාදා ලන්ඩනයේ වෙම්බ්ලි හි ඕකින්ටන් මැනර් පාසල් ශ්‍රවනාගාරයේදීත් දෙවැන්න මැයි 17 වැනි ඉරිදා බර්මින්හැම් ඇස්ටෝන්හි "ද ඩ්‍රම්" ශාලාවේදීත් පැවැත්වීමට නියමිතය.
විහාරස්ත දායක සභාව සහ ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානය විසිනි.
මෙම සංචාරයේදී සංගීතය සැපයීමට එඩ්වඩ් චරිතා යුවල සමග ශ්‍රී ලංකාවෙන් දක්ෂ ශිල්පීන් කිහිප දෙනෙකුම එංගලන්තයට පැමිණීමට නියමිතය.
බ්‍රිතාන්‍යයේ මුල්වතාවට ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය විදහා දැක්වෙන අන්දමේ සුවිසල් විහාර මන්ධිරයක් ගොඩනැඟීමට විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක විතාරන්දෙණියේ කස්සප නාහිමියන්ගේ මුලිකත්වයෙන් කටයුතු ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd