මහනුවර අංකුඹුර මුස්ලිම් පල්ලියක් අසලදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය වන අවස්ථාවේ ඔවුන් දෙදෙනා පල්ලිය අසල පාර අයිනට වී සිටි බවත් තුවාල ලැබූ පුද්ගලයා මහනුවර මහ රෝහලට ඇතුළු කරනු ලැබූ බවත් කියති.
වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට ටී 56 ගිනි අවියක් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි. ඔහු පැමිණි බව කියන මෝටර් රිය ද පූජාපිටිය ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මොකක් හරි අපරාධයක් රටේ අහන්න ලැබෙනවා. පාලනය යහ වුනාට පමණක් මදි, රටත් යහ වෙන්න ඕනෑ (බ)
රටකට වුන අපරාදයක් වෙනස නරක වුණා (බ)
ජනිත මොන ලෝකෙද ඉන්නේ. මොන රටේද අපරාද නැත්තේ. මොන කාලේද අපරාද නොතිබුනේ. හොඳ මිනිස්සු අතරේ මේ වගේ පවු කාරයෝ කීපදෙනෙකුත් ඉන්නවා. (බ)
පෞද්ගලික පළිගැනීම් සදහා අද ආගම ගාවගන්නවා..(බ)
ඔවු ජනිත ඔබ හරි. ඒත්, ඔය වගේ වැජඹෙන්න තවත් හේතුවක් තමයි, පළාතේ දේශපාලන සහ පොලිස් හස්ත වක්‍රව හෝ ඔවුන්ට සහය දීම. (බ)
චමල්, මීට අවුරුදු දෙකකට කලින් අපරාධ අහන්න ලැබුන නම් ලැබුනේ, අපරාධකාරයෙකුගේ මරණයක් ගැන විතරය්... එ්කයි වෙනස (බ)
අයිඑස්අයිඑස් (බ)
සාමාන්‍ය වැසියන්ට ගිනි අවි කොහෙන්ද (බ)
ඔව් චමිල් හැම රටේම වගේම අපේ රටෙත් අපරාධ තියෙනවා.හැබැයි පහුගිය කාලේ ඕව ඔක්කොම දැම්මේ ගෝටා ගේ ගිණුමට.දැන් ඒවා දාන්නේ ඔටෝ අපරාධ කාරයෝ කියලා. (බ)
අපි චමල් සමග කඩේ යනවා ගෙදර මොකුත් නැහැ මුට්ටිය පමණි ඉතුරු වුණේ (බ)
පුද්ගලික කෝන්තර වලට කොච්චරනම් මිනි මරා ගන්නවද. (හේ)
මේ රට දැන් චිකාගෝවක් වෙලා ඉවරයි (නි)
පාතල සිද්ධි තමයි.(හේ)
දැන් ආයේ අපරාධ වැඩිවෙලා.(හේ)
අංකුඹුරේ මිට ටික දිනකට පෙරත් ගැටුමක් වුණා නේද? (නි)