දේමුනි පූජනි හසන්ති ලංකාතිලක (08) දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන පුද්ගලයා මාදොළේ ගිලී මියගිය බව පොලිසිය කියයි. පොලීසියට ඇඳුම් වගයක් පෙන්වීමට යද්දී සැකකාර ගාමිණී කුමාර සමරවීර (27) මාදොළට පැන ඇතැයි ද ඔහු බේරාගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට ද ජලය පෙවී රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි. මේ සිද්ධිය වාර්තා වූයේ බ්‍රහස්පතින්දා රාත්‍රී අටට පමණය.
පොලිස සුනඛ රොනී සැකකරු අල්ලා ගැනීමට උපකාරී විය. ඉව ඔස්සේ ඔහුගේ නිවසේ ඇඳ ළඟටම රොනී ගිය බව පොලිසිය කියයි.
ඡායාරූපය සජීව විජේවීර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පුද්ගලික හැඟීම නම් මෙසේ මරණයට පත්වීම සුදුසු නොවන බවයි. මන්දයත් මෙය අප්‍රසිද්ධියේ සිදුවූ දෙයක් වීමය. ඉදිරියටත් ඔවැනි දේ කරන සහ කරන්නට සිතන සියලු අපරාධකරුවන් හට ආදර්ශයක් සලසමින් ප්‍රසිද්ධ ස්ථානයකදී මහජනයා ලවාම දඬුවම් කළ යුතුයි. (නි)
මේ දැරිය හරිම දුක්බර ජීවිතයක් තිබුන දැරියක්. දෙමාපියන් කුලී වැඩ සහ තේ දළු නෙලනවා. තනියම ගෙදර සිටියදීලු පැහැරගෙන ගිහින් තියෙන්නේ. දුවෙක් නැති එකට කනගාටු වුණ මම දැන් නම් පුතාලා විතරක් ලැබුන එකට සන්තෝෂ වෙනවා. මෙහෙම බලනකොට හදිසියකටවත් ගැහැණු දරුවෙක් ගෙදර තියලා යන්න බැරි රටක්නේ අපිට තියෙන්නේ. දැරියගේ ඡායාරූපයක් දැකලා මට කඳුළු ආවා. ඇයට නිවන් සුව ! (නි)
මිනීමැරුමකදී පොලිසිය නීතිය ක්‍රියාත්මක කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, සැකකරුට එරෙහි සාක්කි එකතු කිරීම සහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කිරීම කරනවා. මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ ඉන් පසුව මහාධිකරණයෙන් නඩු අසා දඬුවම් නියම කිරීම සිදුකරන අතර දඬුවම් කිරීම බන්ධනාගාරය විසින් සිදුකරනවා. ඒත් අද පොලිසිය පොලිසියේ කාර්යයට අමතරව විනිශ්චයකරුගේ කාර්යයත් කරනවා වගෙයි පෙනෙන්නේ. (නි)
මෙහෙම නරුමයින්, ආයුධ සහ ඇඳුම් නැතත් වෙන මොනවා හෝ පෙන්නන්න කියලාහරි රැගෙන යන්න ඕනෑ. (නි)
පොලීසියට මාගේත් ප්‍රණාමය. (නදී)
දඩුවම නම් මදි උල තියන්න ඕනෑ. (නදී)
මේ දේවල් වෙන්න ඕනෑ මෙහෙමම තමයි (නි)
මම චන්දා, චන්ද්‍ර නොවෙයි ඒ නමින් වෙන වෙනෙකු සිටියි කතු තුමනි මගේ නම චන්දා නමින් යොදන්න, ඔව් බන්දුල පෙරේරා මේ ක්‍රියාවලියත් ඔබේ අදහසේ ඉදිරි දිගුවක් පමණි. (නදී)
අනේ සකුන්තලා. මේක ඔයාගේ දුවට උනානම් ඔහොම කියන්නේ නැහැ නේද.? ඉක්මණින් ප්‍රශ්න විසඳමු සංකල්පය සමාජ ගත කිරීම මින් ගම්‍ය වන බව සිතා සැනසෙන්න. (නදී)
දඩුවම් දැඩි වන තරමට අපරාධ සිදුවන ප්‍රමාණය අඩුවන අතර ,දඩුවම් ලිහිල්වන තරමට අපරාධ සිදුවන ප්‍රමාණය වැඩිවේ.අප කෙතරම් කතාකළද ප්‍රායෝගිකව අද සිදුවෙමින් පවතින්නේ එයයි.අප අද භාවිතා කරන බටහිර නීතිය වෙනුවට අතීතයේ ශ්‍රි ලංකාවේ පැවති සිංහල රජ නීතිය ක්‍රියාත්මක කළ යුතුය. සුද්දන්ට බටහිර නීතිය,අරාබියට ෂරියා නීතිය නම් අපට හරියන්නේ සිංහල රාජ නිතියයි (නි)
එක අපරදකරයෙක් හරි ඉක්මනටම තොලොන්ච්චි වෙච්ච එක නම් හොඳයි. එ්ත් තවත් අයවලුන්ට නම් දුකයි නේද ? (නදී)
බන්දුල පෙරේරා කියන එක ඇත්ත.අද අපරාධ කරුවන්ට ආරක්ෂා වීමට ඇති එකම මාර්ගය තමයි ලංකාවේ පවතින නීතිය. අපරාධය කරලා ඇතුලට ගිහින් කාලා බීලා ඉඳලා ටික කලකින් එලියට එනවා. (නදී)
නියම දඩුවම තමයි ලැබිලා තියෙන්නේ. මෙහෙම වෙලා මදි තිරිසන් වැඩ කරනවට (නි)
මෙවැනි දේට අදහස් ඉදිරිපත් කලාට කව්රුත් එකතු වෙලා මේවට පිලියම් යොදන්න නිලධාරීන් නැති එකයි දුක. (නදී)
පුතාල දෙන්නාට පස්සේ, ගැහැණු දරුවෙක් ලැබෙන්න කියලා අපේ නෝනා රට වටේ භාර වෙනවා. මම කිව්වා වහාම ඒවා නවත්වන්න කියලා. ලැබුන වගේ නෙමෙයි. කසාද බන්දලා දෙනතුරු පරිස්සම් කරන්න දවස ගානේ භාරවෙන්න වේවි. (නි)
අපරාද කරුවෙකුට නියම දඬුවම ලැබී ඇත. (නදී)
පොලිසියට වතුර පෙවුණ එකනම් සම්පුර්ණ ඇත්ත (නදී)
එල්ලුම් ගහ නීතියෙන්වත් ක්‍රියාත්මක වෙන්නේ නැත්තනම් මෙහෙම පුද්ගලයන්ට දෙන මරණ දඩුවම මේ ආකාරයට වුණාට වරදක් නැහැ.(අ)
අද ලංකාවේ වෙන දේවල් දිහා බැලුවම සරියා නීතිය මදි මේ අයට දඩුවම් කරන්න (නදී)
නියමයි, ආයුධ, ඇඳුම් පෙන්නන්න හැම අපරාධ කාරයෙක්ම ගෙනියන්න. එතකොට අපරාධ අඩුවේවි. නැත්නම් මුන් අපේ බදු සල්ලි වලින් හිරේ ඉඳන් ආතල් ගන්නවා. පොලිසියට මගේ ප්‍රණාමය. (නදී)
අපේ පොලිසිය අපරාධ විසදන්න දක්‍ෂයි. ඒක ගැන විවාදයක් නෑ. නමුත් කාලකන්නි දේශපාලනය පොලිස් රාජකාරි වලට ඇඟිලි ගැසිම නිසා පොලිසියට රාජකාරි කරන්න සුදුසු පරිසරයක් අද නෑ. මේ මිණිමරුවටත් දේශපාලන රැකවරණ තිබුණා නම් ඔහු අද නිදැල්ලේ. ඕකයි ලංකාවේ නීතිය. (නදී)
නියමයි.. මු පීනන්න දන්නේ නෑ කියල පොලිසිය දැන ගත්තේ එකයි පුදුමේ.. (දිල්)
මාගේ උත්තමාචාරය (දිල්)
බන්දුල පෙරේරා ඔය කියන්නේ තංගල්ලේ සිද්දිය ගැනද? (නදී)
සකුන්තලා පිස්සුද ? (නදී)
එතකොට පිස්සු බල්ලෝ වගේ වාහන එලවල අහිංසක ජිවිත මල් කැකුළු වන් දරු පැටවුන් ඇතුළු මරාදමන ප්‍රයිවෙට් බස් කාරයන්ව උසාවි දාන්න ගියාම, බස් ගැමුණුල පොලිසියට විරුද්දව උසාවි යනවා. ඒ මිනීමරුවන්ටත් මේකම කලානම් නිතිය මෙහෙම නිහඩව ඉදීවිද? (නදී)
හරියටම මේ මැරුනේ වැරදි කරු නම් හොදායි. රෑ අටට සැක කරුවෙක් අත් අඩංගුවට ගැනීමට යාම නීතියෙන් නොකළ යුතු දෙයක්. මොකද රෑ කාලයේ පොලිසියෙන් එනවා කීවාම මොන මිනිහා උනත් බලන්නේ දුවලා ගිහින් හැන්ගෙන්නයි. මොකද පොලිසියේ "රෑට ගෝඩා බීල ඉන්න" මාමලාගෙන් ලැබෙන්නේ ඔක්කොම 12 හේ පහරවල් නිසා. මොහු නියම වැරදිකරුනම් අපේ බදු මුදලෙන් මම නම් කන්න දෙන්නේ නැහැ. (නදී)
මොන අපරාධ කරුවෙකුට වුනත් මෙවැනි දේ සිදුවීම කණගාටුදායකයි. ජනතාව මෙවැනි දේට ප්‍රණාමය පළකරන්නේ නීතිය යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම ගැන අවිශ්වාස නිසා. එසේනම් වියයුත්තේ එම යාන්ත්‍රනය යාවත් කාලීන කිරීම නොවේද ? ජපානයේ කාන්තාවන්ට එවැනි ගරුත්වයක් හා ආරක්ෂාවල් ලැබෙන්නේ මොකද කියලත් දන්නවා නම් ඔබේ ප්‍රශ්නෙට උත්තරෙත් තිබෙනවා මධුභාෂිනී. නිවැරදි කිරීමක් කලයුතුයි, ඉල්ලීමක් නොකලොත් ජපානයේ කිසිවෙක් කිසිවෙකුට උදව් කරන්නේ නැහැ. උදව් ඉල්ලීමක් කලොත් කිසි විටෙකත් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. (නදී)
මම නම් කියන්නේ ඔය වගේ තිරිසන්නුන්ට කරන්න ඕන ඔය වැඩේ තමා පොලිසිය කරපු වැඩේ නියමයි......(අ)
මේවගේ අය ස්භාවිකවවත් නොමරුණේත් අනෙක් අයත් පාඩමක් ඉගෙනගනී වැරදි නොකර ජිවත් ව ඉන්න සමාජයේ.දෙයියන්ට ස්තුතියි . (අ)
තමන් කරන අපරාධ වලට දඩුවම් මේ ලෝකයේදීම ලැබෙනවා කියන්නේ ඕකයි. (නදී)
වැරදිකාරය නිවැරදි කාරය තීරණය කරන්න නෙමේ පොලීසිය ඉන්නෙ (අ)
සනත් එක්ක මම එකගයි. අඩුම තරමේ සතියක්වත් බන්ධනාගාරෙට යවන්න තිබුනේ. එහෙ අයගේ දඬුවම් හරියටම ගැලපෙනවා මෙයා වගේ අයට. (නදී)
සකුන්තලගේ දුවෙකුට ඕක උනා නම් මෙහෙම කියාවිද (නදී)
මේ පණිවිඩය මේ වගේ අපරාද කරන අය දකින්නේ නැහැ. මොකද ඔවුන් පත්තර බලන්නේ නැහැ (නදී)
මේ මිනිහ කොහොම මැරුණත් කමක් නැහැ.මට දුක අර අහිංසක දැරිවිය කොයි තරම් බයක්,වේදනාවක් විඳින්න ඇතිද. ලස්සන ජීවිතයක් අකාලයේ නැති වී ගියා. (නදී)
මෙවෙනි දෙයක් තමන්ටම උනාම ඕනෙම කෙනෙක් පොලිසියට උත්තමාචාර කරයි. මෙය ඉතාමත් සාදාරන මරණයක්. අහිංසක දියණියක් වෙනුවෙන්. (නදී)
මෙන්න මේකට නම් පොලිසියට ස්තුතිකරන්න ඕනා (නදී)
පොලිස් බල්ලා ඉව කර ගියේ සැකකාර ගෙදරටයි. . ඌ ඇඟිල්ල දික්කරලා මේ මිහාව පෙන්නලා නැහැ. උසාවියේදී සැකයකින් තොරව ඔප්පු කරන කම් සැම මිනිහෙක්ම නිවරදි කාරයෙක්. පොලිස් බාරයේ හිටිය මිනිහෙක්ගේ ජිවිතේ නැති වුනහම පොලීසිය ඊට වගකිව යුතුයි. (නදී)
අපරාද වලට දෙන දඩුවන් කොතරම් දරුණු කරත් ඒ වගේ අඩුවක් නම් මට පෙන්නේ නැ. මට නම් පේන්නේ අපරාදකරුවන් බිහිවෙන තැන වැඩි වෙලා. වැලක්වන්න පුළුවන් තැන් වැහිලා. අපිට ජීවත් වෙන්න අත්‍යවශ්‍යම වෙන හැගීම් පාලනය, මිනිස් වටිනාකම් හදුනාගැනීම වගේ දේවල් අධ්‍යාපනයෙන් වත් ආගමෙන් වත් මිනිසුන් තුලට යන්නේ නැති වෙලා. (නදී)
මේ පුද්ගලයාට මරණ දඬුවම ලබා දිය යුතුයි. නමුත් එය සිදු විය යුත්තේ පොලිසියේ තීන්දුව අනුව නොවේ. පොලිසියට තීන්දු දීමට බලයක් නැහැ. ආණ්ඩුවට 3න් 2 බලයක් තිබිලත් විධායකය තිබිලත් කාර්යක්ෂම නීතියක් සකස් කරනවා වෙනුවට කැලෑ නීතියක් ආරම්භ කිරීම මේකත් ගෝත්‍රික රටක් බවට පත්කිරීමක්. මේවා නොතේරෙන මෙතන කමෙන්ට් දාල තියෙන බුද්ධිමත් ඡන්දදායකයො ගැන කතා කර වැඩක් නැත. ඔවුන් තමන් ඡන්දය දෙන්නේ කුමන හේතුවකටද කියාවත් නොදනිති. (නදී)
ඔය වගේ අයට ඔහොම වෙලා මදි. හම ගහන්න ඕනේ (නදී)
සමීරට බන්දුල ගේ අදහස් හොඳින් තේරුම් ගන්න බැරි හැටි. ඒ මිනීමරුවා නැවත ඇවිත් ඔයාගේ දරුවෙක් මරන කල්ද ඉන්නේ මේවා වටහා ගන්න (නදී)
අවුරුදු 2600 ක අයිතිහාසික ආගමකින් පෝෂණය වෙන ධර්මද්වීපයක වෙන දේවල් සහ ඒ ධර්මයෙන් පෝෂණය වුන ඇත්තන්ගේ අදහස් අහෝ ..බුදු හිමියනි (නදී)
පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් හංගන ලද ආයුධ පෙන්වන්න රැගෙන ගිය විට වෙඩි කා මැරෙනවා. මේ සැකකරු ඇඳුම් පෙන්වන්න ගොස් දියේ ගිලී මිය ගිහින්. නියම වැඩේ කියලා ජනතාව සතුටින් ඉපිලෙනවා. සැකකරුවන් වැරදි කරුවන් බව අධිකරණයට සාක්කි මගින් ඔප්පු කර තීන්දු ලබා දඩුවම් ලබා දීම ගැන මෙරට පොලිසියටවත් විශ්වාසයක් නැති බව පෙනෙනවා. මේවා පිරිහෙන රටක ලකුණු (ස)
සකුන්තලා බලාගෙන මොළය උඩ වාඩිවෙලා ඉන්නෙ? දුක ගැහැණියක් වෙලත් කියපු දේ ගැන.(ස)
මෙහෙම දෙයක් නොවෙන්න ඉදිරියේදී වෙන්නේ මොකක්ද? අපරාද කාරයට දඬුවමක් ලැබෙන්න කලින්, එකම දඬුවමක් ගත්ත. හැබැයි මේක නෙමයි අපිට ඕන, අපේ නීතිය, අපේ ජනාධිපති මෙවැනි වැරදි කාරයන්ට දෙන දඬුවම ප්‍රකාශ කිරීම. එතකොටි අයෙත් අසරණ ළමයි මෙහෙම නරුමයන්ට බිලි නොවේ. නැත්නම් රටේ ඉන්න අම්මල තාත්තල උද්ඝෝෂණයකට යන්න තමා වෙන්නේ. (ස)
අනේ හොඳයි. ඕක නම් ඇත්තම වරද කරු කොහොම මලත් හොඳයි මහජන මුදල් ඉතුරුයි. අනේ අනික් උන්ටත් එසේම වෙිවා. (ස)
ලංකාවේ නීතියේ දුප්පත් කම තමයි මේකෙන් පෙනෙන්නේ. සිද්දවූ දේ අපි කාටත් පැහැදිලියි. මෙවැනි අපරාද කරුවන්ට දෙන දඩුවම් ප්‍රමාණවත් නොවන නිසාත්, ඔවුන්ට නීතියෙන් ගැලවී යාමට ඇති අවස්ථා බහුල නිසාත් සිදුවූ දෙය සම්බන්ද විරුද්දත්වයක් මගේ නැහැ. එත් රටේ නීති පද්ධතිය ශක්තිමත් කිරීමත්, නඩු තීන්දු කඩිනමින් ලබා දීමත්, අපරාද කරුවන්ට දෙන දඩුවම් වැඩි කිරීමත් වහාම කල යුතු බව මගේ අදහසයි. (ස)
සකුන්තලා, ඔයා දණ්ඩ නීති සංග්‍රහය කියා දෙන්න යනවා. මේක වෙලා තියෙන්නේ ලංකාව කියන නිතිය සුරකින රටේ. එහේ තියෙන්නේ ක්ෂණික විසදුම්. අනේ, අර පොලිසියේ වතුර පෙවුණු දෙන්නව හොදට බලාගන්න. (ස)
අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත්කර තුට්ටු දෙකක් ගෙවා නැවත එළියට පැමිණ තවත් මෙවන් අපරාධයක් කිරීමට ඉඩ හරිනවාට වඩා මේ අයුරින් නීතිය ක්‍රියාත්මක කරන පොලිසියට මගේ ප්‍රනාමය. (ස)
මෙය මෙසේ විසදුනු එක හොඳයි. එසේ නොවී මෙයා උසාවි දැම්මා නම් මෙයාට කතාකරන ලෝයර්ලටත් ගුටිකන්න වෙනවා නව ක්‍රමයට (නදී)
අනේ අපේ සිංහල බෞද්ධ රට. (නදී)
මන් නම් කියන්නේ මේ වගේ අයව ප්‍රසිද්දියේ එල්ලලා මරන්න ඕනේ. (නදී)
රත්තරන් දූ පැටියෝ. මතු ඉපදෙන කිසිම ආත්මයක ඔයාට මෙවැනි විපතක් නොම වේවා! ඔයා දැනටමත් දෙව් ලොවක ඉපදී ඇති. ඔයාට දෙව් ලොව සිට දහම් අසා නිවන් දකින්නට වාසනා වේවා! (නදී)
අක්මීමන පොලිසියට අපගේ ප්‍රණාමය! (නදී)
පොලීසියට අපේ ප්‍රණාමය ...! ආයුධ පාවිචි කරපු නැති අයව, ඇඳුම් වත් පෙන්නන එක්කගෙන යන එක හොඳයි.. (අ)
නීතිය වෙනස් වෙනකම් මේ වගේ ක්‍රම හොඳයි කියලා දැනට සැනසෙන්න පුළුවන්. (අ)
ආයුධ පෙන්වන්න වෙනුවට ඇඳුම් පෙන්වන්න ගිහින් දියේගිලී මියයාම හරිම අපුරුයි.කෙසේ වුණත් අපේ පොලිසියට මගේ ප්‍රණාමය! (නි)
සකුන්තලා ඔලුව අතගාල බලන්න වෙනසක් සිද්ධ වෙලාද කියල .අද රටේ මෙහෙම අපේම සල්ලි වලින් හිර බත් කව කව මුන් වගේ අයව පෝෂණය කරන්න ඕන නෑ. පොලීසියට මගේ උත්තමාචාරය ...(අ)
සාමාන්‍ය මිනිස්සු තියා පොලිසියටවත් නීතිය ගැන විශ්වාසයක් නැහැ. ඒකයි මේ වගේ සිදුවීම් වලට ප්‍රධාන හේතුව. (නි)
ඔය මිනිහාට ලැබුණ දඩුවම ඉක්මන් වැඩියි. තව ටිකක් විඳවලා මැරෙන්න දෙන්න තිබුනේ (නි)
සකුන්තලට පිස්සුද කොහෙද මොනවද මේ දොඩවන්නේ ? (අ)
මේ වගේ වරදකරුවන් මරා දැමීම වෙනුවට නීත්‍යානුකූලව මරණ දඬුවම් දෙනවනම් ගොඩක් වටිනවා. නමුත් අපරාධකාරයට අත් වුනු ඉරණම ගැන නම් සතුටුයි. මිනිස්සු නීතියට බය නැහැ දැන්. ඒ නීතිය තිබුනට දඬුවම ක්‍රියාත්මක නොවන නිසා . (අ)
සකුන්තලා ත් අපරාධකාරයාට ගොඩක් ආදරෙයි වගේ. අනේ අම්මපල්ලා මේ ගෑණුන්ට හිතක් නැතිව ඇති.බලමුකෝ මෙයාලත් දුවලා ආරක්ෂා කරන විදිය.(අ)
අරාජික රටේ අරාජික දඩුවම් (නදී)
පොලිසිය ඉන්නේ වැරදිකරු නිවැරදිකරු තීරණය කරන්න නොවෙන බව ඇත්ත. සැකකරු අල්ලන වැඩේ ඒ ගොල්ලන්ගේ රාජකාරිය. ඒක, අදාළ අයව හුරතල් කර කර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මම මෙතන පොලිසියට නම් දොස් කියන්නේ නැහැ. (නි)
අපරදකරුවන්ට දඩුවම් දෙන්න පොලිසියට බැහැ.මේ විදියට දඩුවම් දුන්නොත් රටක නීතියෙන් වැඩක් තියෙනවද? නිවැරදි අධිකරණ ක්‍රියාමාර්ගයකින් දියයුතු දඩුවම දිය යුතුය. (නි)
බන්දුල ,ගණන් ගන්න එපා , චන්ද්‍ර වගේ තණකොළ කන අය තව ඉන්න පුළුවන් .(අ)
ලංකාවේ නීතියක් තියෙනවා සැකකරුවෙක් මාංචු දාලා ගෙනෙයන්න, ලංකාවේ පොලිසියට බාරදීලානේ තියෙන්නේ අලුගෝසුවාගේ රාජකාරිය.(අ)
පොලිසිට තියෙන්නේ ඔය විදිහට හැම සැකකරුවටම වැව පෙන්නන්න බොහොම හොදයි .(අ)
පොලිසියට අපේ ප්‍රණාමය (අ)
මෙහෙම අය මැරෙන්නම ඕනේ... කවදා හරි මැරෙනවානෙ... ඒක නෙවෙයි පුරස්නේ... හුඟක් අපරාදකාරයෝ මැරෙන්නෙම පොලිසියට ඔය එක එක දේවල් පෙන්නන්න ගිහිල්ලමයි... ඕකේ මුල් මරනේ සිද්ධ වුනේ 1989 දී - පොලිසියට ආයුධ පෙන්නන්ට ගිහිං හේරත් කෙනෙක් විජේවීරට වෙඩි තිබ්බා. විජේවීර බේරාගන්න පොලිසිය හේරත්ට වෙඩි තිබ්බා. අන්තිමට විජේවීරත් එලොව... හේරතුත් එලොව... අනේ මන්දා...(අ)
බන්දුල පෙරේරා, පිස්සු කියවන්නේ නැතිව ඉන්න.ඔබ තුමාටත් ඇප අරන් දුන්නේ ඔය කියන ' කළු කෝට් ' කාරයන් ම නේද ? (ස)
අනේ හොදයි ආයුධ වෙනුවට ඇදුම් පෙන්නන්න ගිය එක.(අ)
බන්දුල පෙරේරා මහත්තයට මගේ ප්‍රණාමය. මා මේ විස්තරය දැක්ක ගමන් මගේ ඇග ගල් වෙලා ගියා. මගේ ඇසෙන් කදුළු ගලන්න ගත්ත මට මගේ පොඩි ඒකිව මතක් උනා. මොන තරම් හුරතල් වයසේ උඩ පැන පැන ඉන්න පොඩි එකීයක්ද මේ නරුමය විසින් විනාස කරේ. මේ දුන්න දඩුවම ලිහිල් වැඩියි ඇසිඩ් වතුරට දාන්න තිබ්බේ. අනේ රත්තරන් දුවේ නුඹට මතු ඉපදෙන කිසිම අාත්මයක මෙවන් විපතක් නොමවේවා. නුඹට නිවන් සුව අත්වේවා (නදී)
මම හිතන්නේ වෙනස් විදියකට, මිනීමැරුමකදී පොලිසිය නීතිය ක්‍රියාත්මක කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, සැකකරුට එරෙහි සාක්කි එකතු කිරීම සහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කිරීම කරනවා. මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ ඉන් පසුව මහාධිකරණයෙන් නඩු අසා දඬුවම් නියම කිරීම සිදුකරන අතර දඬුවම් කිරීම බන්ධනාගාරය විසින් සිදුකරනවා. ඒක හරි. ඒත් මෙහෙම දෙයක් වෙනව නේද, දඩුවම් නියම කිරීමට බන්ධනාගාර ගත කල විට ඒ පව්කාරයටත්/අපරාධකාරයටත් කන්නදෙන්න වෙන්නේ ඒ අයුක්තිය ඉටු වෙච්ච දරුවගේ අම්මටත් තාත්තටමයි. පොඩ්ඩක් හිතල බලන්න. මොහුට දඩුවම් දීමට ගත්තු කාලය වැඩියි. මෙයට වඩා හොද නැද්ද බන්ධනාගාර ගත කරල මෙයාගෙන් තවදුරටත් ප්‍රශ්ණ කරල මේ වගේ දෙයක් කරන්න හිතදුන් හේතු තවදුරටත් සොයා දීල, බද්ධනාගාරයෙන් පැන ගිහින් වතුරේ ගිලිලා වගේ නිවුස් එකක් දැක්ක නම් නේද හොද. එතකොට සමාජයේ ඉන්න මේ වගේ තිරිසන් අය දැනගනීවි.(අ)
අපේ සුචරිත වාදියෝ පොලිසියට හුරේ දමනවා. ඇයි එහෙනම් මේ පොලිසිය අකුරැස්සේ කෙනා ඔය විදියට අරන්ගියේ නැත්තේ? ඔය මහා ලොකු පොලිස් නීතියත් කට්ටියකට විතරයි. (ස)
ආයුධ පෙන්වීමට යාම. දැන් ඇදුම් පෙන්වීමට යාම. මොනවා පෙන්වුවත් මේ වෙන්නේ සමාජයට හොඳක් (නදී)
මේ ඔක්කොටම වගකියන්න ඕනේ අපේ මිනිස්සු දේශපාලුවෝ නොවෙයි. මොකද ඒ අයව පත් කෙරුවේ අපි. බලමු ඌවේ මොකද වෙන්නේ කියලා (නදී)
ආයුධ වෙනුවට ඇදුම් පෙන්නන්න ගිය එක හොඳයි වගේ (නදී)
චන්ද්‍රා, ඔබගේ ඥාතීන් කීදෙනෙක් ස්ත්‍රී දූෂකයෝ ද? (නදී)
මේ මරණය සාප වදී කියලයි මගේ අදහස. (අ)
සකුන්තලා, ඒ දූෂණය කරලා මරල දැම්මේ ඔයා පුංචි කාලේ වගේ හරි ඔයාගේ දුව වගේ හරි කෙනෙක්ව! ඔහොම කතා කරයිද එහෙම වුනානම් ඔයාට? ප්‍රායෝගික විදිහට හිතන්න!(අ)
හිරේදැම්මොත් ජනතාවගේ සල්ලි වලින් කන්නදෙන්නත් වෙන්නේ . තවත් රටටම බරක්. මෙහෙම වෙනකොට කාටත් හොඳා. (අ)
සැකකරු ඔහුමද? තව පරික්ෂණ කරොත් නරකද ? (නදී)
මොන ඇඳුම් පෙන්වන්නද එක්කගෙන ගියේ? (නි)
ප්‍රසිද්ධියේ ගල් ගසා මරන්න ඕනෑ (නි)
දැන් නම් ලංකාව හරියට "චිකාගෝ" වගේ. (නි)
අපොන්සු, මේ මනුස්සයා වරද කළා කියලා පාපොච්චාරණය කරලා තියනවනේ (නි)
මේ සිදුවීම ගැන මට සතුටුයි (නි)
චන්ද්‍රා ,මානව හිමිකම් කියමින් ලිබියාව, ඉරාකය, සිරියාව යන රටවල සිදුවන විනාශයට සමාන තත්වයක් අප රට තුළද ඇතිකරලිය හැකි බව දැන අවදියෙන් සිටින්න. (නි)
ලංකාවේ හරියට වරදට දඩුවම් කරනවා නම් ඔයවගේ වැරදි වෙන්නේ නැහැ. (නි)
ශ්‍රී ලංකා පොලිසියට අපේ ආචාරය! (නි)
අනේ! මට නම් ලොකු සතුටක් දැනෙනවා ඇදුම් පෙන්වන්න අරගෙන ගිය එක ගැන (නි)
සකුන්තලා , ඇයි ඔයාට මොකක්ද ඔයාට තිබෙන ප්‍රශ්නය? (නි)
ඔය චන්ද්‍ර කියන කියන කෙනාගේ නීතියට අනුව එයාගේ දුවටත් මේක වුණා නම් එයා මොනවා කියයිද? (නි)
මේ මරණය මොහුට හොඳ වැඩි බවයි මම නම් කියන්නේ (නි)
සමීර, ගණන් ගන්න එපා ඕවා (නි)
උසාවි දාලා නඩු ඇහුවා නම් දඬුවම විදියට අවුරුදු දෙකක් විතර හිරේ ඉඳලා රුපියල් දෙදහසක් විතර දඩ ලැබෙයි. නැවත එළියට ඇවිල්ලා ඕකම කරනවා. (නි)
ලක්විදු, පොලිසිය පිළිබඳව ඔය කියන කතාව හරි. ඒත් පුළුවන් වෙලාවට හරි කරන එකත් ලොකු දෙයක්නේ (නි)
පොලිසියට සුබ පැතුම්! (නි)
මේ අපරාධකරු කළ සාහසික අපරාධයට පොලිසිය දඩුවම් දීමට යාම තුළින් වෙන්නේ තව අතකින් අනෙකුත් අපරාධකරුවන් තවත් දරුණු ක්‍රමයන්ට යොමුවීමට පෙළඹීමයි (නි)
මොහු අවීචි මහා නරකාදියේ ඉපදෙන්න කියා පතමි. පොලීසියේ මහත්වරුන් කවදා හෝ දෙව්ලොව ඉපදෙන්න කියාත් පතමි. මියගිය චූටි දුව හොඳ ආත්මයක ඉපදෙන්න කියා පින් පෙත් පතමි. (නි)
බොහොම සුළු පිරිසක් ඉන්නවා අපරාධකාරයාගේ පැත්තට කතා කරන. මේ අය තමයි ඉදිරියට කලුකෝට් දාගෙන උසාවිවල පොල් පැලෙන බොරු කිය කියා එදා වෙලා හොයාගන්නේ. මුන්ව හිරගෙවල් වල තියාගෙන අවුරුදු 10 ක් විතර නඩු අහලා අපේ බදු මුදල් වලින් කන්න දෙනවට වැඩියේ ලෙකු දෙයක් එක පාරින්ම ඉවර කරපු එක.(නදී)
ආ... දියේ ගිලිලාද මැරිලා තියෙන්නේ (දී)
මට නම් කියන්න තියෙන්නේ අනේ හොඳයි කියලා තමයි (නි)
කාමය නමැති ගින්න පාලනය කර ගැනීමට නොහැකිකමෙන් තමාගේත්, අන් අයෙගේත් ජිවිත හානි වී අවසානයේ සතෙක් වී කල්ප ගණන් දුක්වීමට සිදුවනු ඇත.අඩුම තරමේ පන්සිල් පද 5 වත් ආරක්ෂා කරන්න. ඉදලා හිටලාවත් බණ පදයක් අහන්න පුරුදු වෙමු! (නි)
පොලිසියට අපේ ප්‍රණාමය! (නි)
සැකකරුවන්ට අනුකම්පා කරන අය ඒගොල්ලන්ව ගෙවල් වලට ගෙනිහින් හුරතල් කරන්න. පොලිස් බල්ලා ඉව කරලා අල්ලාගෙනත් තවත් සුද්ධ කරනවා. අල්ලගත්ත මිනිස්සු තමයි දැන් වැරදිකාරයෝ. (නි)
පුද්ගලයා එයාම බව නිසැක නම් ආයුධ වෙනුවට ඇඳුම් පෙන්වන්න එක්කගෙන ගියාට අපිට කමක් නැහැ. (නි)
මෙතන ආවේග වලට වහල් නොවී පුළුල්ව හිතා අදහස් දාන්නේ බන්දු අයියා විතරයි. (නි)
ඇත්තම අපරාද කාරයද එහෙම නැත්නම් අහිංසකයෙක්ද ? දෙවැනි එක පොලිසියෙන් ගහනකොට මිනිස්සු නොකළ වැරදිත් පිලිගන්නවා. අදිකරණයක් හරහා මිස දඩුවම් කරන්න බැහැ (නදී)
සාමාන්‍යයෙන් ලංකාවේ සැකකාරයින් වතුරට පනින එක ලොකු දෙයක් නෙමෙයි (නි)
ඇඳුම් වෙනුවට කුඩු පෙන්නන්න එක්කන් යන්නේ නැති එකටයි මට දුක. මොකද ඒ පිටිපස්සේ ලොක්කෝ ඉන්නවා ... මේ වගේ සොක්කොන්ව විතරයි ඇඳුම් පෙන්නන්න , ආයුධ පෙන්නන්න ගෙනියන්නේ.... පහු ගිය කාලේ එකෙක් ගෙනිච්චද තව කුඩු පෙන්නන්න කියල.... ලංකාවේ පොලිසියට එහෙම ගෙනියන්න බැරි කමක් නැහැනේ.. මේ වගේ උන්වත් ගෙනියන්න ඕන... නමුත් මුලින් අරන් යන්න ඕන කුඩු ගෙන්වන උන්. (ස)
මොහුව එරෙහිව නිතිය ක්‍රියාත්මක කළේ නම් මොහු නින්දාවට හා අපහාසයට පත්වෙනවා. එසේ නම් තමන් කළ අපරාධය ගැන කරුණු එකින් එක හෙළිදරව් වන විට මොහු සදා විඳවනවා. මරණය යනු මොහු මෙයින් ගැළවී ගියා වගේ තමයි. (නි)
ආරංචියට ආඩම්බරයි. (නි)
කෙසේ නමුත් අපරාධකරුට අත්වූ ඉරණම ගැන මට නම් දුකක් නැහැ (නි)
නීතිය බල්ලාට... යුක්තිය දෙපසට.... විශ්වාසය අඳුරට... රට වළ පල්ලට.... (නි)
විසෙන් විස නසන්න වගේ මේ ක්‍රමයට මම කැමතියි (නි)
සුනඛයට තිබෙන දැනීම වෙන කාටවත් නැහැ. (නි)
මට ඇති ගැටලුව මෙම සිදුවීම නොවේ. මෙවැනි සිදුවීම් අතීතයේ සිට නැවත නැවත සිදුවුණත්, එසේ නොවුණ අවස්ථා වල බන්ධනාගාර තුළ මොවුන්ට විවිධ ගැටළු ඇතිවුණත් මෙම අපරාධ වල අඩුවක් නොමැතිවීමයි. මගේ අදහස නම් මෙම අපරාධකරුවන්ගේ මානව හිමිකම් නොව ඒවාට ගොදුරු වන අහිංසකයන්ගේ මානව හිමිකම් ගැන හිතා රජය මොවුන්ට ප්‍රසිද්ධියේ මරණ දඩුවම දියයුතුය යන්නයි. සියලු වැඩිහිටියන්ට ඒවා පෙන්විය යුතුය. (නි)
ගුටි කනවට වැඩිය මේක හොඳයි මට නම් (නි)
මොහුට සකුන්තලා කලින්ම හමුවුණා නම්... (නි)
ඔය අපරාධකරුට දස වධ දෙන්න තිබුණේ.අනේ අර අහිංසක දුප්පත් පොඩි බබා! පුංචි එකීට නිවන් සැප ලැබේවා! ලංකාවේ නීති තව තද කරන්න ඕනෑ (නි)
අපේ පොලිසිය හරි අසරණයි (නි)
ඔය වගේ තව අය ඉන්නවා. මීට වැඩිය දරුණු අයත් ඉන්නවා. ඒත් ඔවුන් නීතියේ රැහැනින් පළායනවා (නි)
කළ කළ දේ පළ පළ දේ. (නි)
මේ ක්‍රියාවලිය බැලු බැල්මට හොඳක් ලෙස අනුමත කර සතුටුවන්නන් සිටියත්,අපරාධ වැළැක්වීමට හෝ යුක්තිය පසිඳලීමට කිසිසේත් ඉවහල් නොවන බව මගේ හැඟීමයි. නීතිය යුක්තියට ගරුකිරීම අඩපණ වීම නිසා අපරාධ වඩා දරුණු වෙනු පෙනේවි නොබෝ කලකින්ම. (නි)
ඔය මරණය ඔය අපරාධකරුට හොඳ වැඩියි (නි)
පොලිසියට මගේ ප්‍රණාමය! (නි)
සමහරු හිතන්නේ පොලිස් බල්ලා ඉව කර සැකකාරයාව අල්ලාගත්තට පසුව සැකකරුව දෝලාවෙන් වඩමවාගෙන ගිහින් හුරතල් කරන්න ඕනෑ කියලා. (නි)
වතුර පොවරන්න තිබුනේ ඇතිවෙන්න ප්‍රසිද්ධියේම, අනිත් අයටත් පාඩමක් ඉගෙනගන්න (නි)
කසුන් ධර්මවංශ, මේ වගේ වැඩ වලින් වෙන්නේ දේශ පාලන රැකවරණය තියෙන අපරාධ කරුවන්ට තවත් පන්නරය ලැබීම පමණයි. (නදී)
මොහුට ලැබුණ දඩුවම මදි. උණු වතුර නාවන්නයි තියෙන්නේ මෙහෙම මිනිසුන්ට. පොලිසියට අපගේ උපහාරය! (නි)
බුදු දහම ගැන හිතලා එල්ලා මැරීම නතර කරලා. මේ අසරණ කිරිසප්පයින්ට කරන දේවලට මොන දහම ගැන හිතුවත් හිත හදා ගන්න බෑ. කාටත් දැනෙන හොද දඩුවමක් මේ වගේ අයට දෙන්න ඕනේ. (නදී)
පොලිසියේ අයටත් වතුර පෙවිලලු නේද? (නි)
මෙවැනි කුරිරු මිනිසුන්ට නීතියේ පිළිසරණක් නොදී අරාබියේ මෙන් ගල්ගසා මරාදැමිය යුතුය. ලංකාවේ මෙවැනි දැරියන් මේ අන්දමට මියගිය පළමු අවස්ථාව මෙය නොවේ. ගුරුවරු සහ මව්පියන් එක්ව පාසලේ එවැනි අන්තරායකාරී ලෙස තනිවම යන දැරියන් ගැන විමර්ශනයක් කර සුදුසු පියවරක් ගන්නේ නම් හොඳයි කියා සිතේ (නි)
මේ විදියට නෙමෙයි මරන්න ඕනේ. ප්‍රසිද්ධියේ ගල් ගහලා (නදී)
අනේ! අන්තිමට වතුර ටිකකුත් බීලම මියගිය එක ගැන සතුටුයි (නි)
කාලෙකට පස්සේ සුබදායක පුවතක්! (නි)
දිට්ට දැම්ම වේදනීය කර්මය ඔය පටන්ගත්තා විතරයි. ඉතුරු ටික ඊලග ආත්මෙට. (නදී)
මෙය මොහුට ලැබුන දඬුවමක් වුවත් වියයුත්තේ මෙවැනි දෙයක් නොවෙයි. අපරාධකරුගේ මනස හඳුනාගෙන එවැනි පුද්ගලයන් සොයාගෙන මෙවැනි අපරාධ වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කළයුතුයි (නි)
අපරාධකාරයෙක් මැරුනා කිව්වම අපිට නම් සතුටක් ඇති වෙනවා. නමුත් සමහර දේශපාලන පක්‍ෂ වලට කඩේ යන කොටසක් ඉන්නවා ඒකත් විකුනගෙන රටට අපහාස කරන. (නදී)
චන්ද්‍රගේ ඔය සර්ව සාධාරණ, රට වලපල්ලට නොයවන නීතිය මේ රටේ තිබුනා නම් ඒ නීතියෙන් මේ දැරියට සාධාරණයක් ඉටු වේවි කියලා හිතනවද? නීතිය අනුව ගියානම් මොහු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කළු කෝට්කාරයින් පොරකාවි.මානව හිමිකම් සංවිධාන මොහුගේ දුක සැප ගැන දෙමව්පියන් දරුවෙක් ගැන බලනවා වගේ සොයාබලාවි.මොහුට සමහරවිට කෙටි කාලයකදී ඇපත් ලැබෙයි. තවදරුවන් කීපදෙනෙක් මොහුට බිලිවේවි. මරණ දඩුවම හිමිවුණොත් ජීවිත කාලයම මහජන බදු මුදලින් නඩත්තු කරන්න සිදුවේවි. ඉතින් තවත් මොනවා කියන්නද මහත්තයෝ? (නි)
කව්රු මොන අපබ්‍රංශය දෙඩෙව්වත් වැරදිකරු හරියටම අදුනාගන්න හැකි නම් මේ ක්‍රමයේ වරදක් නැහැ. මොකද වරදට දඩුවම (නදී)
කරුණාකර ලිපිනය එවන්න. අපිට පුළුවන් හැටියට ඒ පවුලට උදව් කරන්න (නි)
කාරිය හරියට කෙරෙනවා නම් අනෙක් අයට අතගැසීමක් කරන්න වෙන්න නැහැනේ. සකුන්තලා හොඳට නිවී සැනසිල්ලේ හිතා බලන්න. මේ දැරියගේ මරණ මොහොතේදී ඇයට මොනවා හිතෙන්නේ ඇද්ද ? සිද්ධ වුණ අපරාධයට වඩා කුමන වැඩේ කා අතින් කෙරෙන්න ඕනෑද කියලා ලතවෙන නැන්දලාත් මේ ලෝකයේ ඉන්නවා දුවේ. (නි)
අපරාදේ! රිමාන්ඩ් එකෙයි,හිර ගෙදරයි අඩුම ගානෙ සතියක්වත් ඉන්න තිබුනානෙ. දැන් ඉතින් කළ පහත් වැඩේට අපාගත වෙලාම සදාකල් විඳවන්න ලැබේවා! (නි)
මේ මරණය මොහුට හොඳ වැඩියි. මොහුට මරන දඩුවම දෙන්න තිබුනේ අල්පෙනිති වලින් ඇනලා (නි)
බන්දුල පෙරේරා පිස්සු කියවනවා (නි)
මේ වගේ අපරාධකරුවන්ට උණුවතුරේ ගිල්ලවනවා වගේ දඬුවමක් දෙන්න තිබුනේ. (නි)
අයියෝ! ශරියා නීතියට අනුව දඩුවම් දෙන්න ඕනෑ මෙහෙම අපරාධකරුවන්ට (නි)
වතුරේ ගිලිලා මැරුනේ අපරාදේ. මොහුට රජ කාලේ දඩුවම් දීලා විඳවලා මියයන්න දෙන්නයි තිබුනේ (නි)
ජපානයේ පිරිමි ළමුන් ගැහැණු ළමුන්ට හිරිහැර කරන්නේ නැහැ. හැකි සෑම අවස්ථාවකදීම උදවු කරනවා. ඔවුන් වැඩිහිටියන් වූ විටත් ඒ විදිහටමයි සළකන්නේ. ජපානයේ රාත්‍රී කාලයේ ස්ත්‍රියක් සේවය අවසන් වී නිවසට යාම නිරුපද්‍රිතව බියකින් තොරව සිදුවෙනවා. උසස් සංස්කෘතියක් තිබෙනවා යයි කියන අපේ රටේ, සංස්කෘතික ඇමතිලාත් ඉන්න අපේ රටේ මේ ජුගුප්සාජනක සංස්කෘතිය වෙනස් කිරීමට ජාතික වැඩපිළිවෙලක් නැත්තේ ඇයි? (නි)
කවුරු මොන දේ කිවුවත් මේ සිදුවුණ දේ ගැන මගේ නම් විරුද්ධත්වයක් නැහැ. අර කියනවා වගේ මේ මරණය මොහුට හොඳ වැඩියි (නි)
නීතිය කියන තරම් අගාධයට ගිහින් නැහැ වගෙයි (නි)
මේ මරණය ගැන මට දුක නැහැ (නි)
කාලෙකට පස්සේ හොඳ දෙයක් අහන්න ලැබුනා.අහිංසක පොඩි දුවට නිවන් සුව! (නි)
මෙහෙම මිනිස්සු ගැන සමාජය අවධානයෙන් සිටිය යුතුයි. තමන්ගේ අහිංසක දරුවන් ගැන මීට වඩා සැළකිළිමත් වුවා නම් මෙවැනි ඛේදවාචකයක් සිදුනොවෙන්න තිබුණා. (නි)
මෙවැනි කටු අකුල් සමාජයෙන් වෙන්වීම හොඳයි. නමුත් මේකට ලැබුන දඩුවම නම් අනිත් අයට රිදෙන්න මදි කියා හිතෙනවා. දඬුවමක් කියන්නේ අනිත් අයට පාඩමක් වෙන්න ඕනෑ දෙයක්. උල තියන්න හෝ හම ගහන්න ඕනෑ ඔය වගේ අයව (නි)