( එස්.ජී.උබේපාල)
මැදවච්චිය කිරි ගල්වැව ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටී ගොවි මහතෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය,අංක 72 කිරිගල්වැව තුලානේ , අමුනේවත්ත ලිපිනයේ පදිංචි අප්පුහාමිගේ ජයසුන්දර නැමැති 69 හැවිරිදි අයෙකි.
මැදවච්චිය ප්‍රදේශයට ලැබුණු ධාරාණිපාත වර්ෂාවෙන් පතිත වූ අකුණු සැරක් මෙම ගෙවි මහතා වැඩ කරමින් සිටි ආසන්නයට වැදීමෙන් ගොවිමහතා කුඹුරේම ඇදවැටී ඇත.
ඔහු නිවසට පැමිණීමේ ප්‍රමාදය හේතුවෙන් නිවසේ සිටි ගොවි මහතාගේ පුතා සහ දියණිය මෙම ගොවි මහතා පිළිබඳ සොයා බැලීමට කුඹුරට ගිය අවස්ථාවේ ඔහු බිම වැටී සිටිනු දැක මැදවච්චිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, රෝහල වෙත රැගෙන එන විටත් ඔහු මියගොස් සිට ඇතැයි වෛද්‍යවරු සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කනගාටුයි මේ අකුණුත් වැදින්නෙත් අහිංසක ගොවීන්ට.