ඔරුගොඩවත්ත තෙල්ටැංකියක ගින්නට හේතුව අකුණක් ගැසීම බව අසල් වැසියෝ කියති.
අකුණක් සමග ගින්නක් හටගත් බවත්, කොළඹ නගර සභා ගිනි නිවන ඒකකය එහි ගිය බවත්, මාධ්‍ය වේදිනට ඇතුළට යෑමට ඉඩ නොදෙන බවත් වාර්තා වේ.
‘මහ වැස්සත් සමග අකුණක් වැදුණා. ඒ සමගම තෙල් ටැංකියකින් ගිනි දළු දැක්කා.‘ යැයි අසල් වැසියෙක් ‘එසැණ‘ට කීවේය.
ගින්න විනාඩි පහළොවකින් නිවා දැමිණි.
ගින්න හටගත්තේ බොර තෙල් ටැංකියක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේම ඉන්න බහුතරයක් ජනතාව හෙණ ඉල්ලලා තමයි යාඥා කරන්නේ. (නි)
මේක ආරම්භයක්.(නදී)
අද රටේ සිද්ධවෙන දේවල් දිහා බැලුවහම අකුණු සන්නායක වලට පින්සිද්ධ වෙන්න තමයි මෙහෙමවත් යහතින් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. (නි)
අද රටේ බඩු මිළ ඉහළ යන විදියට මම නම් උදේට නැගිටින්නේ අසාධාරනෙන් ජීවත් වෙන අයට බැන බැන.(නදී)
ඇයි මාධ්‍යයට තහනම්? (නි)
මිනිස්සු ඇයි මේ තරම් අසුභවාදීව හිතන්නේ. ඒකයි මේ අකුණු ගහන්නේ (ස)
අනේ මන්දා! අකුණූ සන්නායක නැද්ද? (නි)
අකුණ වැරදි ලිපිනයකටයි සෙන්ඩ් වෙලා තියෙන්නේ.... (ස)
ළගදිම තව තව තැන්වලට හෙණ ගහයි. (නි)
තාම පටන්ගත්ත විතරයි, ජනතාව විදින ගින්දරට. අපිට ඉතින් දෙවි පිහිට විතරයි! (නි)
ආරංචි විදියට ගිනි අරගෙන තියෙන්නේ අකුණූ ගහන්නත් ඉස්සරලු. (නි)
වැහි නැති හෙණ ගහන්න පටන් අරන් වගේ මිනිස්සුන්ව තලන තැලිල්ලට. (නි)
අකුණු සන්නායක නැතුවද තෙල් ගබඩා පවත්වාගෙන යන්නෙ ? (නි)
මම හිතන විදියට ගිනි නවන හමුදා කුඩා කණ්ඩායමක් මේ අහළ පහළක් ස්ථාපිත කළොත් හොදයි. (නි)
තෙල් ටැංකිවලට නෙමෙයි හෙන ගහන්න ඕනේ. ඇමතිතුමා කියයි මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක් කියයි.(නදී)
මාධ්‍යයට එන්න නොදුන්න එක වැරදියි. (නි)
මේ වගේ වෙලාවට අවශ්‍ය වන්නේ අන් කිසිවෙකුටත් වඩා ගිනි නිවන හමුදාවයි. (නි)
තාම හෙණ ගහන්න පටන් ගත්තේ නැහැ. මිනිසුන්ට කරන අසාදාරණ වලට ඉස්සරහට වැහි නැති හෙණ ගහන්න පටන්ගනීවි. (නි)
ඉදිරියෙදි අසාරධාරනයෙන්, අයුක්තියෙන් ජීවත් වෙන අය යන යන ගමනකදි අකුනු සන්නායකයක් අරගෙන තව කෙනෙකුට පිටුපසින් යන්න වෙයි.(නදී)
තෙල් ටැංකිවලට නෙමෙයි හෙණ ගහන්න ඕනෑ. අපරාදේ! (නි)
ඔය අකුණු වදින්ට පටන් ගත්තා පමණයි.(නදී)
තාම හෙන ගහන්න පටන් ගත්තේ නැහැ. මිනිසුන්ට කරන අසාදාරණ වලට ඉස්සරහට තව ගහයි.(නදී)
මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක් කියලා කියාවිද දන්නේ නැහැ.(නදී)
අකුනකට කල හැකිදේ අපමණයි (දී)
අකුනු වැදීමෙන් වලකින්න ආරක්ෂිත ක්‍රම භාවිතයක් නැද්ද?(නදී)
අයියෝ ඔය අකුණ වදින්න තිබුණේ ඔතනට නෙමෙයි නේද ?(ස)
මාධ්‍යයට යන්න නොදෙන්නේ ඇයි (ස)
පාඩුව මකාගන්න තව තෙල් මිල ඉහළට යයිද? (ස)
ඒකේ වන්දියත් අපිටද දන්නේ නෑ ගෙවන්න වෙන්නේ (ස)
කට්ටියගේ අදහස් හරිම වැරදියි. මේ අකුණ වැදිලා තියෙන්නේ අපේම දේපලකට නේද ? (ස)