මිනුවන්ගොඩ කලවානේ 20 හැවිරිදි තරුණයකු මගුල් ගෙදරක යාමට ඇඳ පැළඳගෙන ක්‍රියාත්මක කර තිබූ පරිගණකය ළඟට ගොස් සිටියදී පොද වැස්සත් සමග අකුණක් වැදී බිම වැටී රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.

අසල නිවසක කතක වැස්සේ දුරකථන ඇමතුමක් ගනිද්දී එම අකුණු සැරෙන්ම බිම වැටී ඇතත් ඇගේ ජීවිතය බේරී ඇත.