ජනාධිපති කාර්යයාලයය සහ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන් විසින් සකස් කර ඇති ‘වස විස නැති රටක් - තුන් අවුරුදු සැලැස්ම' ට අනූව මෙවර යල කන්නයේ කුඹුරු අක්කර එක්ලක්ෂ පනස්දහසක් වස විස නැතිව වගා කිරීම ආරම්භ කොට තිබේ.
මෙම යල කන්නයේ ධාර්මික ගොවි සමාජය වෙනුවෙන් රසායනික පොහොර හා පළිබෝධනාශකවලට වස විස නැති විකල්ප හඳුන්වාදීම සිදුකිරීම සඳහා පැවැත් වූ මාධ්‍ය හමුවක් අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් උපායමාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ දී (සෙමා) අද (17) පැවැත්විණි.
ඊට කාබනික පෙහොර සහ වස විස නැති ගොවිතැනට අවශ්‍ය කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් පිරිසක් ද සහභාගී විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයහපත් දෙයට විරුද්ධ වෙනවා වගේ, යහපත් දෙයක් කරනකොට එ්ක අගය කරන්න. අපේ මිනිසුන්ටත් පරණ කුණු අවුස්සනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. (නි)
රටක් ගොඩනගන්න ජනතාවගේ සහය ඕනේ එක වලකන වැඩ නොකරන්න ජනතාව තේරුම් ගන්න ඕනේ... (ර)
කලින් පටන්ගත් මෙම කටයුත්ත ඉදිරියට ගෙනයාම ගැන සතුටුයි.පාර්ලිමේන්තු ඇවිදින මං තීරුව ලග වෙල්යායේ දේශීය වී වගා කළා. හොද අස්වැන්නකුත් තිබුනා. (ර)
ලංකාවේ මිනිස්සු හොර වැඩ වලට හපන්නු නිසා වස විස නැහැ කියලා කාටත් හොරෙන් පලිබෝධනාශක සහ රසායනික පොහොරත් දාලා අස්වැන්නත් වැඩිකරගෙන වැඩි මිලකුත් ලබාගනියිද දන්නෙ නැහැ. අඹ වලටත් කාබයිට් දමන රටේ මේවායේ විශ්වාසය තහවුරු කරන්නේ කොහොමද? (නි)
ඉතාම සතුටුයි. තව තවත් මේ ප්‍රමාණය වැඩිකරන්න (නි)
මම මේ ආණ්ඩුව ප්‍රභලව විවේචනය කරන කෙනෙක්. නමුත් මේ කටයුත්ත නම් ගොඩාක් හොඳ දෙයක්. (බ)
ඒ කියන්නේ මෙච්චර කාලයක් (මේ ගොල්ලොත් බලයේ ඉන්න කාලේ) මේ අක්කර එක්ලක්ෂ පනස්දාහ වස විස සහිත රසායනික පොහොර යොදාගෙනයි වගාකරලා තියෙන්නේ. වෙනසකට නිමිත්තක් තියෙන්නත් එපායැ. (නි)