ජනාවාස, අධිවේගී මාර්ග හා සංවර්ධන ව්‍යපෘති සඳහා මහා පරිමාණයෙන් කැලෑ එළිවෙමින් පවතින බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.
වව්නියාව මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රීක්කවලට අයත් රක්ෂිත හතක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාන්තර අක්කර 17,780 ක් එළිපෙහෙළි කරමින් අලූත් ජනාවාස පිහිටුවමින් සිටින බවත් උමා ඔය, මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතිය වෙනුවෙන් අක්කර 10,000 කට ආසන්න කැලෑ එළිවෙමින් පවතින බවත් පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා කීවේය.
එමෙන්ම ඉදිරියේදී යාන් ඔය, වයඹ ඇල, කුඹුක්කන් ඔය, හැඩ ඔය සහ නිල්වලා ගඟ යන ව්‍යාපෘති සඳහා ද විශාල ප්‍රමාණයක් වනාන්තර ප්‍රදේශ හෙළි පෙහෙළි වන බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මාධ්‍ය වලින් කියනකම් ඉන්න ඕනෑද? ඡන්දෙ දීලා මෙයාල පත්කරගන්නේ මේවා වළක්වන්න නේද? මෙයාලා කරන්නේ හම්බකරන එක විතරක් නේද? (නි)
වනචාරී තත්වයෙන් මිදුණු මනුස්සයන්ට කැලෑවල ජීවත්වෙන්න බැහැ. ජනගහණය වැඩිවීමත් සමඟ ගෙවල් වැඩිවීමත් කැලෑ අඩුවීමත් වතුර ආහාර මදිවීමත් ස්වභාවයෙන් සිදුවිය හැකි දේවල් කියා ආර්ථික පොත් වල කියා තියනවා. ලංකාවේ උදවිය ඒවා කියවන්නේ නැද්ද? කියවන්නේ භංගවේවා කියන පොත් විතරක්ද? (නි)
ඔය තිස්සලා වගේ අය හින්දා තමයි අපේ රටේ දැන් ඉන්නවා වගේ දේශපාලුවෝ රජ කරන්නේ. අර කවුද ඇහුවා වගේ මෙහෙම අපේ පාරම්පරික ඉඩම් භක්ෂණය කරන්න ඉඩ දීල ඉන්නේ කොහොමද? (නි)
ආර්ථික විද්‍යා පොත් වල තියන ඒවා කියවා බඩ පුරවා ගනිමු. ඒ පොත්වල තියෙන්නේ ආර්ථිකය කොහොමද ඵලදායි ලෙස හසුරුවන්නේ කියා මිසක් ආර්ථිකය විනාශ කරන හැටි නොවෙයි. සමහරු දේවල් කියන්නේ හරි අවබෝධයකින් නොවෙයි, ඔලුවෙන් හිටගෙන බවයි පෙනෙන්නේ. (නි)
මේ තිස්ස වගේ අය ඉන්නකන් ලංකාවට දෙවියන්ගේම පිහිටයි (නි)
මොරගහකන්ද, උමා ඔය, කළු ගඟ ව්‍යාපෘති ජනජීවිතයට අවශ්‍ය දේවල්. අනික් මහවැලි ව්‍යාපෘති වලිනුත් වනාන්තර යම් ප්‍රමාණයක් විනාශ වෙනවා. මේකට පිළියම තව ගස් විශාල ප්‍රමාණයක් කෘෂිකර්මය සඳහා භාවිතා නොවන ප්‍රදේශ වල වගා කිරීම මිසක් සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීම නෙවෙයි. පරිසර සංරක්ෂණ භාරයට තියෙන්නේ ආහාර නිෂ්පාදනය වගේ දේවලට භාවිතා නොවන රජයේ සහ පෞද්ගලික ඉඩම් වල ගස් වැවීම හරහා නැතිවන කැලෑ ප්‍රමාණය වගේ ප්‍රමාණයක් වගා කිරීමට ක්‍රියා කරන එක. (අ)
බෞද්ධ සිංහලයන් වනජිවියට ආදරය කල රැකබල ගත්ත.. අවුරුදු 2500ක් මේක ආරක්ෂා කල මේ අනය ආගමිකයෝ වටිනා කැළය කපමින් ලෝකේ විනාශ කරමින් ඉන්නවා, සිංහලුනේ දැන්වත් අපේ පාරම්පරික ඉදකම් රැකගනියව් ,,අඩු මුදලට අපේ ඉඩකඩම් විකුන්න එපා (අ)
තිස්ස නිකන් මෝඩ කතා කියන්න එපා ජිවත් වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙද්දී නේද මේ මන්නාරමේ රක්ෂිත කෙළේ එළිකරන්නේ? සිංහලයෝ රැකගත්තු කැලැ එළිකරන්න දෙන්න බැ (අ)
ලංකාවත් අරාබියක් කරන්න තමයි බලන්නේ. තියන ගස් වැල් සේරම විනාස කරලා.(හේ)
වැස්ස නැති කාලේදී බෝධි පුජා පැවත්තුවම වැස්ස වහිනවා .එහෙව් එකේ මොකටද වනාන්තර?අපේ රට ගැන නම් පුදුම දුකයි.(හේ)
සංවර්ධනය යනු රටම විනාස කිරීමක්ද ? පරිසරය පනමෙන් ආරක්ෂා කළ යුතුයි.(හේ)
වැඩි කල් යන්නේ නෑ ලංකාව කාන්තාරයක් වෙනවා.(හේ)
ඇයි එහෙම වන විනාශ නවත්තන්න බැරි.(හේ)
සාමාන්‍ය මිනිස්සු ගස් වල වල වටිනාකමක් දන්නේ නැහැ කියමුකෝ.එත් රට පාලනය කරන්න යවන අයවත් මේ ගැන දැනුවත් වෙන්න ඕනනේ.තිරිසන්නු රටම කාන්තාරයක් කරලා තමයි පස්ස බලන්නේ.(හේ)
සරත්, ඔබ කියපු විදිහට හරියටම එදාට වහිනවා නම් ඒ වැස්ස අනිත් ප්‍රදේශ වලටත් බෙදා හරින්න පුළුවන් වේවිනේ! (නි)
මේ යන විදිහට වතුරත් ආනයනය කරන්න වෙනවා නොඅනුමානයි. කාගේ උවමනාවට මේවා වෙනවද මන්දා? මේ සිදුවන වන විනාශය නිසා සතා සිවුපාවට මෙන්ම ජන ජීවිතයටත් වෙන හානිය කියලා නිම කළ නොහැකියි. මිනිසුන්ට පදිංචිවීමට තට්ටු නිවාස තනා දී භුමිය ඉතිරි කරගත යුතුයි. ජලාශ හදලා වන ගහනය වැඩි කිරීම අත්‍යවශ්‍ය කාලෙක ඇයි මේ වන විනාශය කරන්නේ. මේවා සහගහන අපරාධ තමයි. (නි)
ප්‍රතිපල දැම්ම ලැබිල තියෙන්නේ. කොච්චර මුඩුබිම් තියෙනවද මෙය වැඩේ කරන්න. ඔක්කොම වින්දවයි. (අ)
තිලක් දන්නේ නැති වුණාට මාගේ දැනුමට අනුව වසර 35ක් පමණ මා දන්නා අතීතෙක සිට මහනුවර දියකපන දවසට අනිවාර්යයෙන්ම නුවර පොද වැස්සක් හරි දළඳා මාළිගාව අවට වැටෙනවා. මේවා අත්දැකපු දේවල්, නැතුව විද්‍යාත්මකව ඔප්පු කරන්න මට බැහැ. ඒ වගේම තමයි වැහි පිරිත් කියනකොටත් පොද වැස්සක් හරි යනවා. (නි)
සමහරු හැම ආණ්ඩුවටම පැන පැන එයාලට ඕනෑ දේ කරනවා (නි)
සහගහලා මදි මේවා කරන අමනුස්සයින්ට. රටේ පරිසරය දරුණු සංහාරයක් වෙමින් යනවා ඒවා ගැන හොයන අයත් නිදි. (නි)
නිවැරදි දැක්මක් සහ සැළසුම් ඇතුව පරිසරය ආරක්ෂා කරගෙන මේ සියල්ල කරන්න පුළුවන්. බලය තියෙන කාටවත් ඕනෑකමක් නැහැ. රටේ ජනතාවගේ අවාසනාව. (නි)
මෙවන් ජාතික අපරාධ වලට වහා විසඳුම් නොදුන්නොත් රටම කාන්තාරයක් වෙන බව විශ්වාසයි. යහපාලකයිනි, අවදිවවු! (නි)
වන විනාශයේ ප්‍රතිඵල මේ දවස් වල කට්ටියට හොඳටම දැනෙනවා. තව තව කැලේ කපමු. වතුර ටිකත් රටින් ගේනකොට මොනතරම් ආඩම්බරද (නි)
තිස්ස වගේ උදවිය ඉන්නතුරු මේවා නවතින්නේ නැහැ (නි)
කොහෙද අපේ නිසි බලධාරීන්? (නි)