කොස්ලන්ද මීරියබැද්ද තේ වත්තේ අක්කර 200ක් පමණ නාය ගොස් ඇත.මළසිරුරු දාහතරක් මීට මද වේලාවකට පෙර සොයාගත් බව සහන සේවකයෝ කියති.
යුද හමුදාව, පොලීසිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ,ආපදා කළමණාකරණ නිලධාරීන් හා සහන සේවකයෝ එහි පැමිණෙමින් සිටිති. මළ සිරුරු සෙවීම ඉතා අසීරු බව ඔවුහු කියති.නාය යන ප්‍රදේශ බැලීමට නොයන ලෙසත් එය ඉතා අනතුරු දායක ලෙසත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම, මං ඔය පහතින් දාලා තියන ලින්ක් එක අරන් බලන්න කලින් අනතුරු අගවලද නැද්ද කියල. ඒ ලින්ක් එකේ කියල තියන හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තමා කොස්ලන්ද මිරියබැදද තියෙන්නෙ. http://www.lankadeepa.lk/index.php/articles/271349 (ර)
තෙරුවන් සරණින් කිසිවෙකුටවත් කරදරයක් නොවේවා.(හේ)
සෙනරත්, කාටද වන්දි දෙන්නේ පවුල් පිටින්ම මුළු ගමක්ම මහ පස් කන්දකට යටවෙලා ඉද්දි?(අ)
ස්තුතියි රුවන්. ඒත් මගේ තුන්වැනි ප්‍රශ්නයට මට පිළිතුරු හොයා ගන්න බැරි වුණා. (අ)
විපතට පත් සෑම දෙනාටම මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.(දිල්)
තුන්වෙනි ප්‍රශ්නයට ටිකක් රෑ වෙයි (නදී)
ගුණසේකර, ඔව් එ්ක තමයි ඇත්ත. දැන් වත් අසරණ මිනිස්සු ගැන හිතුවොත් (නදී)
මියගිය සියලුම දෙනාට අමා මහ නිවන්සුව ලැබේවා.! දිවි ගලවාගත් අයට ඉක්මසුවය ලැබෙවා.! (ර)
හදිසි සේවා සපයන අයට කරන ලොකුම උදව්ව නම් ඔවුන් කියන විදියට එම පළාතට නොයන එකයි (ර)
මියගිය අයට නිවන් සුව ලැබේවා...! (ර)
පවු..! අහිංසක මිනිස්සු. වන්දියක් වත් දෙන්න කටයුතු යොදන්න. (ර)
හරිම කනගාටුයි . ඉක්මනින් සහනය සැලසේවා. (නදී)
මෙවන් විපතක් කාටවත් සිදු නොවේවා.(හේ)
හැම පැත්තෙන්ම තැලෙන්නේ අසරණ මිනිසුන් විතරයි.(හේ).
විපතට පත් සැමට මාගේ කණගාටුව.(හේ)
ඒවාට පුරුදු පුහුණු වුණු සහන සේවකයන්ට යන්න පුළුවන්නේ..පණ බේරාගත් මිනිසුන් ඉන්න පුල්ලුවන්‍ෙ.(හේ)
ආපදා කළමණාකරණය කියන්නේ ව්‍යසනයක් වුනාම මිනී ගණන් කරන්න යන එකටද? මේ ගැන මේ වැසියන්ට පූර්ව දැනුම් දීමක් කර තිබුනාද. වතු පාලක මගින් මේ මිනිසුන් අවදානම් ප්‍රදේශයෙන් ඉවත් කර තියන්න තිබුනා නේද?(හේ)
කාලගුණ දෙපාර්තුමේන්තුවේ සහ ආපදා කළමනාකරකරණ ආයතනයේ නිලදාරීන්ගේ අවදානම සම්බන්ද මෙතෙන ප්‍රශ්නයක් තියනවා. යටිතල පහසුකම් නැති ඉතා දුෂ්කර අන්ත්‍ර සහිත ප්‍රදේශවල ජීවත් වන දුප්පත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව කඩිනම් පියවරක් ගත යුතුයි. පීඩාවට පත්ව සිටින සියලු දෙනාට අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා. (නදී)
මේ තැන අනතුරුදායක තැනක් කියලා කලින් දැනුම්දීලා තිබුනානම් මෙහෙම ජීවිත නැතිවෙන්නේ නැහැනේ. (නදී)
ඉතුරු කැලෑ ටිකත් කපලා අපි හදමු ගොල්ෆ් පිට්ටනි. (නදී)
පව් දුප්පත් අසරණ අපිටයි හැම කරදරයක්ම. (නදී)
දම්ම, දැන් අපිට වෙලා තියෙන්නේ තම ආරක්ෂාව තමා සතුයි කියල වැඩ කරන්න. ජනතාව ගැන හිතන මිනිස්සු නැහැ දැන් , පව් අඩුම තරමේ බේරුණු ජනතාව වෙනුවෙන් හරි යමක් කල හැකි නම් ලොකු දෙයක් (නදී)
ධම්ම ලංකාවේ පවතින තාක්ෂනය අනුව සමහර නායයාම් වලට පෙර පුර්ව දැනුම් දීම කරන්න පුළුවන් එසේ කල හැක්කේ ප්‍රදේශයේ භෞතික ලක්ෂණ නිරීක්ෂණයෙන්. සමහර නායයාම් පසට අධික ලෙස ජලය උරාගැනීමත් සමග ක්ෂණිකව සිදුවෙනවා. නමුත් අපිට නායයාම් අවධානම් කලාප නම්කළ හැක. එසේ කරනවිට විශේෂයෙන් කෑගල්ල, නුවර, නුවරඑළිය, බදුල්ල වැනි බොහෝ දිස්ත්රික්ක වල ජනයා ඉවත් කිරීමට සිදුවනවා (නදී)
දුක්බර සිදුවීමක් (නදී)
මේ ජීවිතය කදුළු ගංගාවක්. සුළු මොහොතකින් මරණය (නදී)