එස් ටී එෆ් යැයි කියාගන්නා පිරිසක් තමාගේ නිවස හා ඒ අවට ගැවසෙමින් සිටින අතර එමගින් තමාට ජීවිත තර්ජනයක් එල්ල වී ඇතැයි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා කියයි.
ඔහු මෑතකදී සන්ධානයෙන් ඉවත්වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට පැමිණි අයෙකි.
නොම්මර නැති ඩිෆෙන්ඩර් රථ කිහිපයක්ද සැරිසරන බවත් ඒ පිළිබඳව ආරක්ෂක ලේකම්ට සහ පොලිස් පතිට පැමිණිලි කළ බව ඔහු සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි ලංකාව බිහි කරලා තිබෙන දේශපාලන සංස්කෘතිය. මතයට එරෙහි වන පුද්ගලයට අත් වන්නේ 4 රියන. ඔබ පැමිණිලි කර තිබෙන්නේත් ඒවා මෙහෙයවන පද්දතියකටමයි.(නදී)
කාටවත් කියලා වැඩක් නැහැ කියලයි මම නම් කියන්නේ. 9 වෙනිදාටම බලමු (නි)
අපි නොදන්න "ලයිව්" (නදී)
අනේ මන්දා මේවා! (නි)
බලලා යන්න එන්න ඇති.(හේ)
බය කරන්න වෙන්න ඇති.(හේ)
මමත් කොටිකාවත්තේ. ඔබතුමා ගැන අපි දන්නවා (නි)
විකාර දොඩවනවා. (අ)
බන්දුල අයියා නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරපු ටෙලිය එලියට දාන්නේ කවදාද. (අ)
පරිස්සම් වෙන්න. කාට කියන්නද? නීතිය වල්වැදිලානේ. (නි)
බන්දුල පෙරේරා , එතකොට රතුපස්වල කෙරුවේ මොන ටෙලියද ? කොලොන්නාවේ බාරත ලක්ෂ්මන් මොන ටෙලියද ? කුඩු කොන්ටේනර ගණන් ගෙනාවේ මොන ටෙලියේද ? වතුර ඉල්ලපු මිනිසුන්ට පාසල් යන දරුවන්ට වෙඩි තියපු රටේ සෝලංග ආරචි ගැන කුමන කතාද මහත්තයෝ. ප්‍රසන්න මහත්තයෝ ප්‍රවේසම් වෙන්න යන යකා යන්නේ කොරහත් බිඳගෙන කියල කතාවක් තියෙනවනේ (නදී)
ඒවා මේ නිකන් එන්න ඇති (නි)
අපිට නම් හිතාගන්න පුලුවන් (නි)
බයවෙන්න එපා මල්ලි. (නි)
ඉවසාගෙන ඉන්න. මේ සියළු ප්‍රශ්න අපි විසඳනවා සත්තයි (නි)
ඕවා 1978 සිට අපි දැක්කා. (නි)
මේවා තමයි නවත්වන්න ඕනෑ (නි)
ඔය පැත්තේ සුදු වෑන් එකකුත් අල්ලාගත්තා නේද මෑතකදී? (නි)
බොරු මඩ කතා එපා. තම තමන්ගේ වැඩ ගැන විතරක් කතා කරන්න, කරුණාකරලා! (නි)
ගෙදරට සීසීටීවී සවිකරගන්න. එතකොට පුළුවන් ඔය වැඩ වල ඇත්ත නැත්ත හොයාගන්න. (නි)
අනේ ඉතින් කීදෙනෙක් පැන්නද? (නි)
අංක අවශ්‍ය නැතුව ඇති (නි)
අපරාධ 120% අඩුවුණා කියලා කියනවා නේද? සමහරවිට වෙන රටක් ගැන හිතලා එහෙම කියනවද දන්නේ නැහැ. (නි)
මට නම් මේ ගැන සැකයි. අපි බලමුකෝ (නි)
මේ ප්‍රකාශ ප්‍රසිද්ධියේ කරන්නට පෙළබීමෙන් පෙනෙන්නේ ඉදිරියට එන විපත් උවදුරු ගැන බරපතල අවදානමකි. (නි)
මේවා නම් බොහොම කැත වැඩ (නි)
මට නම් දැනෙන්නේ වේදිකා නාට්‍යයක් බලනවා වගේ.... (නි)
ඉවසලා බලාගෙන ඉන්නකෝ (නි)
අපි මේ විදියේ ටෙලි නාට්‍ය හැම මතිවරනේකදිම දකිනවනේ. මේවා ඡන්ද කාලෙට නිපදවන ෂෝට් ඇන්ඩ් ස්වීට් ටෙලි නාට්‍ය. නළුවත් එයා..අධ්‍යක්ෂකත් එයා..නිෂ්පාදකත් එයා.. බලන්නෙත් එයාම තමයි. (නදී)
අනේ අම්මපා මෙහෙමත් සත්තු ජාතියක් (නදී)
මේවා කැත වැඩ (නි)
මෙයාගෙම වාහනද දන්නේ නැහැ ගේ වටේ තියෙන්නේ (නදී)
මේ රටේ නීතියක් නැහැ. දුෂණය භීෂණය හොරකම සියල්ල වසාගෙන. (නි)
ටිකිරිබණ්ඩා ජනවාරි 09 වැනිදායින් පස්සේ අවමංගල කටයුතු ව්‍යාපාරයක් අරඹන්න හිතාගෙනලු ඉන්නේ. (නි)
මේකට වෙන්න ඇති කියලා තියෙන්නේ යහපාලනය කියලා. (නි)
බන්දුල පෙරේරාගේ කතාව ඇත්ත. දෙපැත්තේම කට්ටිය ගරිල්ලා මාර්කටින්ග් තමා කරන්නේ. ඕක නොදැන අපේ හරක් මරාගන්නවා ඉතින්. (බ)
රට තවමත් නිදහස් කරගෙන නැහැ. පොඩ්ඩක් ඉවසල ඉන්න (බ).
අංක නැති ඩිෆෙන්ඩර් තවම වැඩ පටන් ගත්තේ නැහැ. චන්දයට කලින් වැදලා හරි ලෝකයේ මානව හිමිකම් කාර්යාලයක් ඉස්තාපිත කර නොගත්තොත් ඉදිරි මාසයේදී ලංකාව මිනි කන්නගේ දේශයක් වෙනවා. (බ)
දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
ඔච්චර බයනම් මොකටද බැරි වැඩ කළේ. නිකන් බොරුවට තමන්ට ආකර්ශනයක් ඇති කරගන්න කියන කතා ඕවා. පුද්ගලික තරහා කාරයෝ වෙන්න ඇති. (බ)
ආගම දහම තියෙන්න ඕනේ හදවතේ.විරුද්ධවාදියව මරන්නම්, කොටන්නම්, ගහල දාන්නම් කියන අය මැරුන දවසට රටම සතුටු වෙනවා. (බ)
සමහරවිට වෙන උවමනාවකට එන්න ඇති (නි)
මොකෝ නීතියක් කියල දෙයක් තියෙන රටක් කියලද? (බ)
අනිත් හැම වෙලාවේම මම බන්දුල පෙරේරාට එකඟ නොවුණාට මේ කතාවේදී නම් එකඟයි (නි)
මේ මැර දේශපාලනයේ ප්‍රතිඵල නොවේද? (නි)
දැන් වාහන වලට අංක අවශ්‍ය නැතුව ඇති. (නි)
අලුත් මෙගා නාට්‍යයක් වගේ. (නි)
ඩිෆෙන්ඩරයක් දැක්ක පළියට බයවෙන කෙනෙක් නොවෙයි අපේ මහත්තයා. ඒත් මේක නම් ටිකක් හොයලා බලන්න ඕනෑ දෙයක්. (නි)
ඇයි එයාට විතරක් මෙහෙම එන්නේ? (නි)
බොරු සෝභන එපා සෝලංග. නැති භීෂණයක් පෙන්වා ජාත්‍යන්තර අවශ්‍යතා ඉටුකරන්න එන්.ජී.ඕ. කොපමණ මුදලක් ගෙව්වද? (නදී)
බලමු අපි මොකද වෙන්නේ කියලා.මෙච්චර කරලත් ලංකාවේ මිනිස්සු තාම හිතන්නේ මේක ගල් යුගය කියලා. අනේ මන්දා ලංකවේ මෙච්චර නීති කඩවෙනකොට අපිට බලා ඉන්න පුලුවන්ද? (නි)
අපි කියන්නෙත් මේ යන ක්‍රමය අනාගතයට බොහොම භයානකයි. ඒ නිසා පාට,පක්ෂ,ආගම බේදයෙන් තොරව රටම එකමුතු වෙලා මේ යන ක්‍රමය අනිවාර්යෙන්ම වෙනස් කල යුතුමයි. වෙනස් කර ගත යුතුමයි. ඒ සදහා ලැබිල තිබෙන අවසානම අවස්ථාවත් මෙය විය හැකියි. (නදී)
බන්දුල පෙරේරාගේ 'ඩිෆෙන්ඩර් බලකාය ', ටෙලි නාට්‍ය හැම මැතිවරණයකදීම ප්‍රදර්ශනය කරනවා. ඒකේ ප්‍රධාන නළුවන් සියල්ලම කුමන පක්ෂයේ නියෝජිතයන්ද හා ඔවුන්ගේ ආධාරකරුවන්ද යන වග පසුගියදා සිදු වූ සිදුවීම් වලදීත් පැහැදිලි වූ අතර බන්දුල පෙරේරා ඇතුළු අනෙකුත් පාක්ෂිකයන් මෙම ටෙලිනාට්‍ය තලු මරමින් රසවිඳින බව ඉතා පැහැදිලියි. (නි)
සල්ලි වලට නැමෙන්නේ නැති අයව බය කරලා ගන්නයි හදන්නේ. (නදී)
දැන්නම් හිතෙනවා මිනීමරු ප්‍රබකරන්ගේ කාලයත්, දැනුත් අතර එතරම් වෙනසක් නැහැ කියල. එදත් අපි බියේ හිටියේ. අදත් අපිට බියේ සිටින්නැයි සිද්ද වෙලා තියෙන්නේ. (නදී)
මෙහෙම ගියොත් මෛත්‍රී ට සහයෝගය දෙන අයට වෙනම නිවසක් වෙන් කරගෙන "ලෝක සාම හමුදාවක" රැකවරණය යටතේ ඉදිරි මාසයේ ඉන්න වේවි වගේ. (නදී)
ටිකිරිබණ්ඩා ඉපදුනේ 2009 ත්‍රස්තවාදය පරාජය කළාට පස්සෙ දවසක වෙන්න ඇති. ඒකනෙ එයාට තැන තැන බෝම්බ පිපිරුණු, තැන තැන මළමිනී තිබුණු ත්‍රස්ත භීෂණ කාලය ගැන දැනුමක් නැත්තෙ. ඒ කාලෙට සාපේක්ෂව අද මිනීමැරුම් ඇත්තෙම නැතිතරම්. හැබැයි ඉතින් අවිගත්තෝ නම් කවදාහරි අවියෙන්ම නැසෙන එක වළක්වන්න බැහැ. ඒක සනාතන දහමක්. (නි)
මේවා සාක්ෂි ඇතිව කියන්න පුලුවන්නම් වීඩියෝ කරලා දාන්නකෝ. නිකන් බොරුවට කට වචනෙට සිමා නොකර (නදී)
මෙය රටේ ජනාධිපති තෝරන මැතිවරණයක් මිස වෙන යමක් නොවේ (නි)
මෙයාට පුද්ගලික තරහ තරහාකාරයෝ වැඩියි නේද ? (නදී)
කෙට් කතාවක්වත්ද ?ගිය පැත්තෙන් සලකල මදිද ? (නදී)
කොළොන්නාවේ ඕවා පුදුම නොවේ (නදී)
බලනකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියපු දේ හරිටම හරි. ඉස්සර වගේ දැන් "පාතාල නායකයෝ" හෝ "ගෝලයෝ" නැහැ (නි)
ලැ්ජජයි. මෙහෙමත් දේශපාලනයක්! හැබැයි එකක්. ඔය උදවිය අනුන්ට දෙන ගින්දර කවදාහරි තමන්ගේ දරුවන්ගෙන් හරි විඳලා තමයි මැරෙන්නේ. ඒක ස්ථිරයි. (නි)
පුජාසනයේ ඔබහිඳුවා, ඔබට පිදුම්දෙන ලෝකයමයි හෙට, ඔබට එරෙහි වී නැගිටින්නේ..... (නි)
ඕවා ඉතින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව සාමාන්‍ය දේවල් නේ. (නදී)
පිස්සු කියවන්නේ නැතිව ඉන්න අනේ. (නදී)
බන්දුල මහත්තයෝ,ඕවා නාට්‍ය වුණාට උන්හිටිගමන් වෙඩි තියන , මිනීමරන තත්වයටත් පත්වෙනවානේ. (නි)
ඔබලා වගේ අයට ඡන්දය දුන් ජනතාවටයි හරිනම් දඩුවම් ලැබිය යුත්තේ. (නදී)