IMG-LOGO

.X-Men : Apocalypse' දිවයින පුරා සිනමාහල්වල

2016-05-27-ent-20බ්‍රයන් සිගර් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද "X-Men : Apocalypse" 20th Century Fox සමාගමේ බෙදාහැරීමක් ලෙස ලොව වටා ප්‍රදර්ශනයට සමගාමීව ස්කයිලයින් එන්ටටේන්ට්මන්ට් සහ කන්සල්ටන්සි ඉදිරිපත් කිරීමක් ලෙස මැයි 27 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.

මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට දෙවි කෙනෙකු ලෙස පිදුම් ලැබූ අමරණීය ඇපොකැලිප්ස් ලොව පළමු සහ බලගතුම මියුටන්ට්වරයා බවට පත්වෙයි. ශතවර්ෂ ගණනාවක දැඩි නින්දකින් පසු අවදිවන ඇපොකැලිප්ස්, මැග්නීටෝ සහ අනෙකුත් මියුටන්ට්වරුන් තම හමුදාවට බඳවාගන්නේ නව ලොවක් ඇති කිරීමේ අභිලාශයෙනි. විශ්වයේ ඉරණම තම අත රැඳී තිබෙන මොහොතක මහාචාර්ය - සහ රේවන් තරුණ මියුටන්ට් හමුදාවක් රැගෙන මෙහෙයුමක් දියත් කරන්නේ මෙම බලවත් සතුරා මිනිස් සංහතිය විනාශ කිරීම නැවැත්වීමේ අරමුණෙනි.

ජේම්ස් මැක්වොයි, මයිකල් ෆාස්බෙන්ඩර්, ජෙනිෆර් ලෝරන්ස්, නිකොලස් හෝල්ට්, ඔස්කාර් අයිසැක්, රෝස් බ්‍රයන් X-Men :Apocalypse හි මෙහි රංගනයෙන් දායක වෙති. මීට පෙර නිර්මාණය වූ " X-Men" චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ පොවූ හියු ජැක්මන් මෙම චිත්‍රපටයේ සුළු දර්ශනයක හෝ දකින්නට නොලැබීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, 2017 වසරේදී එළිදැක්වීමට නියමිත " X-Men : Wolverine" චිත්‍රපටයේ නැවතත් ඔහු ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණීමට නියමිතය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 234ක අතිදැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙම "X-Men :Apocalypse" චිත්‍රපටය මේ වනවිටද ඇමෙරිකාවේ පමණක් ප්‍රදර්ශනය වෙමින් ඇමෙරිකානු ඩොලර් 100කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙන බව වාර්තා වෙයි. මෙම චිත්‍රපටය මේ වසරේ තිරගත වූ "බැට්මෑන් වස් සුපර්මෑන්" චිත්‍රපටයට පසුව වැඩිම නිෂ්පාදිත මුදලක් වැය කළ චිත්‍රපටය ලෙස හොලිවුඩ් සිනමා ඉතිහාසයටද එක්විය.

 



අදහස් (0)

.X-Men : Apocalypse' දිවයින පුරා සිනමාහල්වල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 467 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site