අපේ ඇස් කොච්චර දූෂිතයිද?
අපි මොනතරම් දේවල් දැකලා තියෙනවද?
මොනතරම් දේවල් අපිට දැකලා එපා වෙලා තියෙනවද?
ඒත් ඔබට හිතන්න පුළුවන්ද අනෙක් පස තත්ත්වය?
එකම දෙයක් වුනත් නොයෙක්වර දකින්නට ආසා මිනිසෙකුගේ මානසික මට්ටම?
දෙනෙත් නොපෙනෙන්නෙකුගේ සිතැඟි ඔබ තේරුම් ගත්තාද?
මේ කෙටි චිත්‍රපටයේ කතා කරන තේමාව එයයි. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකාව සහ අවසන මෙහි ගැයෙන ආලිංගනයේ ආශා නම් මනරම් ගීයේ පද රචිකාව මෙලෙස පවසයි.
“ඒකෙ රඟපාන මල්ලිගෙ අත්දැකීම් එක්කමයි මට ඔය ප්ලොට් එක හිතුනෙ. ඒ අතරට මම මගේ අත්දැකීම් එකතු කළා. අපි ගොඩක් දේවල් පෙනෙන නිසානෙ විඳින්නෙ. මේක ඇතුළෙ පොඩි සංඥා ටිකකුත් ගෙනල්ලා තියෙනවා. මේකෙ තියෙන ඹබරයක් කැරකෙන්න ගතවෙන කාලය වගේ දේවල් මිනිස්සුන්ට දරාගන්න අමාරුයි. ඒක මම දැම්මෙ අපිට කොච්චර දේවල් දැකලා එපාවෙලාද කියන දේ කියවන්න. ඔවුන් එකතු වෙන්නෙ නැහැ. නමුත් ඔවුන් එකතු විමේ හීනය දකිනවා. මම ඒක පෙන්නන්නයි ඕන වුනේ.”
රංගනය
- ප්‍රදීප් ජයවික්‍රම
- නිපුනි විතානගේ
- නිසිත නිර්මාල්
- අනුෂ්ක සෙනෙවිරත්න
අධ්‍යක්ෂණය/ තිර පිටපත/ ගී පද
- ඉෂාරා ධනසේකර
කැමරා අධ්‍යක්ෂණය
- ගයාන් රාජපක්ෂ
සංස්කරණය
- කල්ප රාජපක්ෂ
සංගීත අධ්‍යක්ෂණය
- එෂානි අබේසිංහ
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd