දශක 4ක කාලයක් තුළ මෙරට සංගීත ක්ෂේත්‍රය සුපෝෂණය කරන්නට සිය හඬ මාධූර්යෙන් සේම සංගීත අධ්‍යෂණයෙන් හා ගී පද රචනයෙන් දායක වූ සුවිශේෂී නිර්මාණකරුවෙකු වන රූකාන්ත ගුණතිලකයන්ගේ පළමු ඒකපුද්ගල ප්‍රසංගය වන 'Roo Live On Stage' ප්‍රසංගය දෙසැම්බර් 17දා රාත්‍රී 7.00ට BMICH හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
"70 දශකයේ අග භාගයෙන් ඇරඹුණු මගේ සංගීත දිවියේ ප්‍රථම ඒකපුද්ගල ප්‍රසංගය මෙයයි. අතීතයේ මා ඉදිරිපත් කල සාමූහික ප්‍රසංග වලින් මිදී මගේ 40 වසරක සංගීත දිවිය සැමරීම සදහා මේ ඒක පුද්ගල ප්‍රසංග මාලාව යොදාගැනීම වඩාත් සුදුසුයියැයි මට හැඟුණා" යැයි 'Roo Live On Stage' ප්‍රසංගය සම්බන්ධව අදහස් දක්වමින් රූකාන්ත ගුණතිලකයන් පවසා සිටී.
'Roo Live On Stage' ප්‍රසංගයේ සංගීත අධ්‍යෂණය උපුල් මධුසංඛ විසින් සිදුකරන අතර, ප්‍රවේශපත් Tickets.lk, සදීපා පොත්හල (බොරුල්ල), සරසවි පොත්හල (මහරගම, නුගේගොඩ), වනපෙත පොත්හල (දෙහිවල), යමහා මියුසික් සෙන්ටර්, රන්ෆීර් ටී ෂොප් - කොල්ලුපිටිය සහ අබාන්ස් ප්‍රධාන ශාඛාව - කොල්ලුපිටිය යන ස්ථානවලින් ලබාගත හැක.
වැඩි විස්තර 0774274527 මගින් රසිත අමතා ලබාගත හැක.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd