IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Migrant Birds in Sri Lanka

20151218-bird-01

20151218-bird-02

සාමාන්‍යයෙන් විදේශයන්හි ජීවත්වන පක්ෂීහු තමන් ස්වභාවයෙන් ජීවත්වන ස්ථානයට සිදුවන දේශගුණික බලපෑම් හේතුවෙ න් වසරේ එක් නිශ්චිත කාලයකදී එක් නිශ්චිත ස්ථානයකටසංක‍්‍රමණය කරති. එහිදී ඔවුන් ගමන් කරන ගමන් මාර්ගය සේ ම ඇතැම් විට විඩා හැරීමට භාවිත කරන ස්ථාන පවා නිශ්චිත ලෙ ස දැක් වේ. සාමාන්‍ය භාවිතයේදී සංචාරක පක්ෂීන් ලෙ ස නම් කළද, එක් නිශ්චිත ස්ථානයක පමණක් විසීමට පැමිණෙ න බැවින් මොවුන් පර්ය ටන පක්ෂීන් ලෙසින්
හැඳින්වීම වඩාත් සුදුසුය. සාමාන්‍ය‘යෙන් මෙ ම සංක‍්‍රමණය සිදුවන්නේ ශීත කාලයේදීය. ආහාර හිඟවීමත්, ජීවත් වීමට ඇති ස්ථාන අවම වීමත් නිසා මෙ ම පර්ය ටන ක‍්‍රියාවලිය සිදුවෙ යි. උතුරු ඉන්දියාව, මධ්‍යම රුසියාව, සයිබීරියාව වැනි රටවලින් ශ‍්‍රී ලංකාවට පක්ෂීන් පර්ය ටනය වන අතර, එයට ගතවන කාලය එක් එක් පක්ෂියාට ආවේ ණිකව සිද්ධ වෙ යි. මුහුදු ලිහිණියන් සහ උකුස්සන් වැනි පක්ෂීන් විවේ ක ගැනීමකින් තොරව එකවර පියඹා පැමිණියද, දිගු දුර පියෑඹීමට නොහැකි පක්ෂීහු කඩින්කඩ විවේක ගනිමින් සිය ගමන සිදුකරති.

දැනට මෙලෙස ශ්‍රී ලංකාවට පර්යටනය කරන කුරුලු විශේෂ ප්‍රමාණය ආසන්න වශයෙන් 115 – 120 ක් අතර අගයක් ගනී. 

 

අයාලයෝ 
20151218-bird-09 20151218-bird-10 20151218-bird-11 20151218-bird-12 20151218-bird-13පාර වැරදීම හෝ කුණාටු වැනි තත්ත්ව යන්ට මුහුණදීම හේතුවෙන් සිය නිශ්චිත සංක‍්‍රමණ ස්ථානය මගහැරී මෙ රටට පැමිණෙනපක්ෂීන් "අයාලයන්" යන නමින් හැඳින්වේ. 


ජීවන රටා 
ජීවන රටා යටතේ ප‍්‍රධාන වශයෙන් ලිංගිකව එක්වීම් ගතහොත් මෙම පක්ෂීහු තමන්ට හුරුපුරුදු  පෙදෙසෙහි එම කටයුතුවල නිරත වෙති. එබැවින් ඔවුන් පර්යටනය කළ පසු එවැන්නක් දැකගැනීම අපහසුය. ඔවුන් බොහෝ විට මෙහි පැමිණෙ න්නේ තම ශීත කාලය ආහාර හෝ  වාසස්ථාන හිඟයකින් තොරව ගත කිරීමටය.

 

ආහාර
ආහාර සම්බ න්ධයෙන් ගත් කල එය පර්යට නය කරන පක්ෂීන් මත වෙනස් වේ . කඳුකර පෙද සේ, වනාන්තර, තණබිම්, කලපු හෝ තෙත් බිම් වැනි විවිධ ප‍්‍රදේශවලින් පැමිණෙ න පක්ෂීන් මේ අතර සිටින බැවින් ඔවුන්ගේ ආහාර ක‍්‍රමද එකිනෙ කට වෙ නස් වනු ඇත. "දිය විදුව" නමින් හැඳින්වෙ න ජලය හා ගොඩ බිම අතරේ රැදෙන පක්ෂි විශේ ෂ ගන්නා ආහාර මෙ හිදී විශේ ෂයෙන් දැක්විය හැකිය. කිරලූ‍න් වැනි පක්ෂීන් මෙ ම ගණයට අයත් වන අතර, ඔවුහු මඩ
කඩිති තුළ සිටින කුඩා සතුන් ආහාරයට ගනිති. වනාන්තරවාසී කුරුල්ලන්  බොහෝ විට  කෘමි භක්ෂ ක පක්ෂීන් ලෙ ස දැක්විය හැකිය.

 

රටට ඇතුළු වීම
ලංකාවට සාමාන්‍යයෙන් පර්යට න පක්ෂීන් පැමිණෙන මාර්ග තුනක් විශේෂ කොට දැක්විය හැක. ඉන්දියානු බටහිර වෙ රළ තීරය ඔස්සේ පැමිණ කල්පිටිය ආශ‍්‍රිත ප‍්‍රදේශවලින් රටට ඇතුළු වන පිරිසක්ද , ඉන්දියාවේ නැගෙ නහිර වෙරළ තීරය ඔස්සේ පැමිණ යාපනය, මන්නාරම ආශ‍්‍රිත ප‍්‍රදේශවලින් රට තුළට ඇතුළු වන පිරිසක්ද, අන්දමන් දුපත් හරහා පියඹා පැමිණ යාපනයත්, ත‍්‍රිකුණාමලයත් අතර ප‍්‍රදේශයෙන් රටට ඇතුළු වන පිරිසක්ද එම කාණ්ඩ තුනට අයත්ය.

 

ව්‍යාප්තිය 
තෙත් බිම්වා සී කුරුල්ලන් ඒ පැමිණෙන මං ඔස්සේ ම සුදුසු වෙ රළක් සොයා ගන්නා අතර, වනා න්තරවාසී කුරුල්ලන් ගං ඉවුරු දිගේ ඉහළට ගොස් වනාන්තර සොයාගෙන ජීවත් වනු දැකිය හැකිය. මන්නාරම, වෙ ඩිතලතිවු, වංකාලෙ යි, යාපනය චෙන්ඩිකුලම්, අලිමංකඩ ආදී කලපු ප‍්‍රදේශවල ඉතා විශාල ප‍්‍රමාණවලින් මෙම පක්ෂීන් දැකිය හැක. ඊට අමතරව ගිනිකොන දිග  දිග බූන්දල, කලමැටිය, යාල, කුමන වැනි ප‍්‍රදේශවල තෙ ත් බිම්, විල්ලූ‍ සහ කලපුවලද වැඩි වශයෙන් පර්යටන පක්ෂීන් දැකිය හැකිය. ඒ හැරුණු විට බොහෝ විට අනෙකුත් පක්ෂීන් රට පුරාම දක්නට ලැබේ.

 

දේශීය පක්ෂීන් සහ පර්යටන පක්ෂීන්
ඇතැම් දේශීය පක්ෂීහු පර්යතන කාලසමයේ කූඩු (වාසස්ථාන) සෑදීම මත නිරත නොවෙති . එබැවින් ආහාර සෙ වීමේ දී සහ කූඩු සැකසීමට සුදුසු ස්ථාන සෙවීමෙන් හිඟයක් ඇති නොවේ  නමුත් පර්යටන සමයේ කූඩු තනන දේශීය පක්ෂීන්ද සුළු වශයෙන් දැකිය හැකිය. අගෝස්තු  මස සිට නොවැම්බර් තෙක් කාලපරාසයේ එක් එක් විශේෂවල පක්ෂීන් ලංකාවට පැමිණීම සිදුවන අතර, අප් ල් මස අග වනවිට ඔවුහු ආපසු පිටව යති. 

බොහොමයක් පක්ෂීන් මාස 6 ක් පමණ ලංකාව තුළ ගත කළද, ඇතැම් පක්ෂීන් මාස අටක පමණකාලයක් රැඳී සිටින අවස්ථාද දැකිය හැකිය.

 

හානි සහ අර්බුද
පර්යටන කුරුල්ලන් සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂත්වය නම් ඔවුන් සෑම වරකම එක් නිශ්චිත ස්ථානයකට පැමිණීමය. එබැවින් එම ස්ථාන විනාශ වීම එම
කුරුල්ලන්ට ඇති වන දැඩි අර්බුදයකි. එසේ ම කුඩා පක්ෂීන් පර්යටන කිරීමේ දී විවේකය සඳහා ඇතැම් ස්ථානවල නවතිනු දැකිය හැකිය. එලෙ සගිමන් හරින්නා වූ යම් නිශ්චිත ස්ථානයක් විනාශ වී තිබුණහහොත් එම පක්ෂීහු නොනැවතී පියාසර කරති. එබැවින් ගිමන් හැරීමක් සිදුනො වන අතර, අධික වෙහෙස හේතුවෙන් එම පක්ෂීන් මියයාමේ ඉඩකඩක් පවතී. ලංකාවේ එතරම් ප‍්‍රචලිතව සිදුනො වුණද ඉතා විශාල ප‍්‍රමාණවලින් පැමිණෙන්නා වූ පර්යටන පක්ෂීන් මස් පිණිස දඩයම් කිරීමද තර්ජනයක්ව තිබේ.

රාත‍්‍රී කාලයේ පර්යටනය කරන කුරුල්ලන් බොහෝ විට තරු ඇසුරෙන් තම ගමන් මාර්ගය සොයා ගත්තද, නගරබදව ඇති විශාල විදුලි බුබුළු ප‍්‍රමාණය නිසා ඔවුහු ව් යාකූලත්වයකට පත්වෙති. එසේ ම වීදුරු භාවිත කර තැනූ උස් ගොඩනැගිලිවල හැපීමෙන්ද පර්යටන පක්ෂීන් ගේ ජීවිතවලට හානි සිදුවන අවස්ථා පවතී. දින ගණන් පියාසර කිරීමෙන් වෙහෙ සට පත්වී සිටින පක්ෂීන් වීදුරුවකින් එන ප‍්‍රතිබිම්බය සාමාන්‍ය අහස ලෙස වටහාගෙන පියඹා යෑම හේතුවෙන් මෙසේ
එම වීදුරුවල ගැටී මියයාම සිදුවනු ඇත. 

 


වාසි
විදේශීය සංචාරක ව්‍යාපාරයට පර්යටන පක්ෂීන් වෙ තින් විශේෂ වාසි අත්නොවූවද, දේශීය සංචාරක  ව්‍යාපාරයට මෙම පක්ෂීන්ගේ පැමිණීම වඩා සුබදායී වනු
ඇත. 

 

මිනිසුන්ගෙන් 
පක්ෂීන් නැරඹීමේ දී පක්ෂීන් ගේ පැවැත්මට හානියක් නොවන ලෙස එම කටයුතු සිදුකිරීම පර්යතන පක්ෂීන්ට සේ ම සෑම කුරුලූ‍ කාණ්ඩයකටම වැදගත් වේ.

Flemingo කුරුලූ‍ විශේෂය ඉතාමත් අලංකාර සහ රංචු වශයෙන් පියාඹන බැවින් ඇතැම් ඡායාරූප ශිල්පීහු එම පක්ෂීන් නිදහසේ සිටින අවස්ථාවල කලබල
කරවන්න ට උත්සාහ කරති. එවැනි දේ එම පක්ෂීන්ට අහිතකර තත්ත්වයකි.

 

පර්යේෂණ
20151218-bird-15පර්යටන කුරුල්ලන් පිළිබඳ ලංකාව තුළ සිදුකෙරනෙ පර්යේෂණ  සම්භන්ධයෙන් සඳහන් කළ යුතුය. ශ‍්‍රී ලංකා පක්ෂිකවය සහ ශ‍්‍රී ලංකා ක් ත‍්‍ර පක්ෂි විද්‍යාත්මකව එහිදී මුල්තැනක් ගනී. ඔවුහු පක්ෂි ගහනය සහ ඒවායේ වෙ නස්වීම් වලට හේතු සම්බන්ධ පර්යේෂණ සිදුකරති. එසේ ම මහාචාර්ය සරත් කොටගමගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකා කෙෂ්ත‍්‍ර පක්ෂි විද්‍යාත්මකව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව බූන්දල ජාතික වනෝද්‍යානය මූලික කරගෙන සිදුකරන ජාතික පක්ෂි මුදු දැමීමේ වැඩසටහන ශ‍්‍රී ලංකාවට පැමිණෙ න පර්යටන පක්ෂීන් සම්බන්ධව සිදු කෙර නෙ ඉතා වැදගත් පර්යේෂණ වැඩසටහනකි. මෙ හිදී පක්ෂීන්ට අවම හානියක් වන පරිදි මුදුවක් දැමීම මගින් ඔවුන් සලකුණු කෙර නෙ අතර , මෙලෙස සලකුනු කළ පක්ෂියෙකු ලොව වෙනත් ප‍්‍රදේශයක පක්ෂි මුදු දැමීමේ වැඩසටහනකදී නැවත හසුවීම මගින් එම ස්ථාන අතර පක්ෂි පර්යටනයක් සිදුවන බවට සාක්ෂි සපයයි. එමෙන්ම ශ‍්‍රී ලංකාවට පර්යටනය කරන ගෝලීය මට්ටමින් තර්ජනයට ලක්වූ පක්ෂීන් පිළිබඳව යම් පර්යේෂණ කටයුතු සිදු කෙරෙමින් පවතියි.

 

20151218-bird-03

20151218-bird-04

20151218-bird-05

20151218-bird-06

20151218-bird-07

20151218-bird-08

20151218-bird-16

20151218-bird-14-new

 



අදහස් (0)

Migrant Birds in Sri Lanka

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site