බ්‍රිතාන්‍ය ආදරණීය සිනමා චරිතයක් වන නැනී මේරී පොපින්ස් නැවතත් නිළි එමිලි බ්ලන්ට් සහ නළු ලින් -මැනුවෙල් මිරැන්ඩා සමගින් පුළුල් තිරයට පැමිණෙන බව වාර්තා වේ. 1964 දී තිරගත වූ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් සංගීතමය ෆැන්ටසි සිනමාපටයක් වූ මේරී පොපින්ස් සිනමාපටයේ නව නිර්මාණය 2018 නත්තල් දිනයේදී එළිදැක්වීමට නියමිත බවද වාර්තා වේ. පෙර සිනමාපටයේදී නිළි ජුලී ඇනඩෘස් විසින් පණ පෙවූ මේරි පොපින්ස් ගේ චරිතය මෙවර එමිලි බ්ලන්ට් විසින් පණ පොවන අතර මේරි පොපින්ස් ගේ සමීපතම මිතුරා වන "බර්ට්" ගේ චරිතයට ලින් -මැනුවෙල් විසින් රංගන දායකත්වය ලබාදීමට නියමිත බවද වාර්තා වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd