IMG-LOGO

FB එකේ මගේ රසිකයන් තෝරලා වීඩියෝ සඳහා දායක කර ගන්නවා

2016-05-30-ent-41

"කාදලියේ", "ගයාලා වයලා" වැනි ගීත හරහා ප්‍රේක්ෂක සිත් වසඟයට පත් කර ගත් ඔහු නමින් සජාඩ් හසන්ය. ඔහුගේ නිර්මාණ පිළිබඳව සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව දැනගැනීමට අපත් සමග එක්වූ මොහොතකි මේ.

 

2016-05-30-ent-43කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

පසුගිය දවස්වල දයාසිරි ජයසේකරත් සමග අලුත් ගීතයක් කළානේ. ඒකේ විෂුවල් එක එන්න තියෙනවා.

 

ඒ කියන්නේ ගායනයට අමතරව ගීත නිෂ්පාදන කටයුතුත් කරනවාද?

මගේ ඕඩියෝ, වීඩියෝ ඇඩවර්ටයිසින් පැත්තෙන් ප්‍රඩක්ෂන් හවුස් එකක් යනවා. ඒ වැඩකටයුතුත් කරගෙන යනවා. ඊට අමතරව පවුලේ ව්‍යාපාර සඳහා දායකත්වය ලබාදෙනවා.

 

අලුත් ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවක් නැද්ද?

ලබන මාසේ වගේ අලුත් ගීතයක් එන්න තියෙනවා.

 

ඔබේ අනෙකුත් ගීත පිළිබඳව කතා කළොත්?

මගේ ළඟදී එළිදක්වපු ගීතයක් වන්නේ "එක රෑනේ" ගීතයයි. ඒ සඳහා හොඳ ප්‍රතිචාර හම්බුණා. ඊට අමතරව "සිහින හොරා" කියන ගීතයට ලැබුණු ප්‍රතිචාරත් ඉහළයි. "කාදලී" , "ගයනා වයනා", "මට කියන්න නම් එපා" මේ ගීත සඳහා බොහෝ ප්‍රතිචාර ලැබුණා.

 

ඉදිරියේදී එළිදැක්වීමට සූදානමින් සිටින ගීතය පිළිබඳව කතා කළොත්?

මේක විරහ ගීතයක්. මේකේ ඕඩියෝ එක අවුරුදු එකහමාරකට කලින් තමයි රෙකෝඩ් කළේ. ඊට පස්සේ වීඩියෝ එකේ ප්‍රඩක්ෂන් කරගන්න ලැබුණේ නැහැ. ඊට හේතුවුණේ මගේ පියාගේ අභාවය හා දයාසිරි ජයසේකරගේ ඡන්ද කටයුතු. ඒහේතු නිසා කරන්න හැකියාවක් නොලැබුණු ඒ වීඩියෝ එක දැන්තමයි එළියට එන්නේ.

 

ඔබත් මේ විරහ ගීත රැල්ලට යන කෙනෙක්ද?

එහෙම නම් නැහැ. මොකද මේ ගීතය නිෂ්පාදනය කරලා අවුරුදු එකහමාරක් විතර වෙනවානේ. වීඩියෝවක් නැතිව ගීතය එළිදක්වන්න හිත දුන්නේ නැහැ.

 

ඔබේ අනෙක් වැඩකටයුතු පිළිබඳව කතා කළොත්?

කරපු ගීත 09ක් විතර තියෙනවා. ඇත්තටම මම ඒවා එළිදැක්වූයේ නැත්තේ මේ දවස්වල ඒකාකාරීව යන රැල්ලට ගීත දාලා වැඩක් නැති නිසයි. ඒවත් එක්ක මේ ගීත වැළිලිලා යයි කියන ස්වභාවයක්නෙ තියෙන්නේ. ඒ නිසා තමයි පොඩිකාලයක් ඉඳලා හරි වෙලාවක් එනකන් ගීතයක් නිර්මාණය කරන්න බලාගෙන හිටියේ. මීට මාස 06කට කලින් එළිදක්වපු ගීතයක් වන "එක රූනේ" ගීතයෙන් කියන්නේ සාමය සහ අපි එක රටක් විදිහට ඉදිරියට යන්නේ කොහොමද කියන එකයි. ඒ හැඟීම මතු කරන්න තමයි මේ ගීතය එළිදැක්වූයේ. ඒ ගීතය පුංචි තිරයේ පවා ප්‍රචාරය වුණා. ඉතිං වෙනස් ආකාරයේ ගීත කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

 

ඔබේ රසිකයන්ට දීමට ඇති පණිවුඩය?

රසියන් මගේ නිර්මාණ සඳහා දායක කරගෙන තියෙනවා. ෆේස්බුක් එකේ ඉන්න මගේ රසිකයන් තෝරලා තමයි වීඩියෝ සඳහා දායක කරගන්නේ. ඒවගේම මගේ නිර්මාණ එළිදැක්වීමේ කලා පරාසයේ වැඩිවීමක් තියෙනවා. නමුත් මම හිතන්නේ පුළුවන් තරම් ඉක්මනට අලුත් අලුත් නිර්මාණ බිහිකරන්නයි. ඒ වෙනකන් මාත් එක්ක මගේ රසිකයන් රැඳී ඉඳීවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

2016-05-30-ent-41 2016-05-30-ent-40



අදහස් (0)

FB එකේ මගේ රසිකයන් තෝරලා වීඩියෝ සඳහා දායක කර ගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site