(ප්‍රසාද් රුක්මල්)
ඇල්ල දොඩම්ගොල්ල උඩවැඩිය ප්‍රදේශයේ 82 හැවිරිදි නවදරු මව රැකබලා ගැනීමට නොහැකි හෙයින් අනාථ නිවාසයකට බාරදෙන ලෙස ඉල්ලා ඇගේ පුතකු විසින් ඔහුගේ මව ඇල්ල පොලිසියට ගෙනවිත් බාරදෙනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
ඇගේ සැමියා මීට වසර 30කට පෙරදී මියගොස් ඇති බවත් ඇය ගරා වැටුන නිවසක තනිව ජීවත් වී ඇතැයි ද පොලිසිය කියයි.
එසේ තනිව ජීවත් වන අතරේ ඇගේ දරුවන්ගේ නිවෙස්වලද විටින් විට වාසය කර ඇතැයි පොලිසිය පවසයි.මීට පෙරද ඇගේ දියණියක විසින් ඇයව රැකබලාගැනීමට නොහැකි බව කියමින් ඇය පොලිසියට ගෙනවිත් බාරදුන් බවද කියැවේ.
ඇය රෝගී තත්ත්වයෙන් සිටින බවද පොලිසිය කියයි.එම මවගේ දරුවන් සියලු දෙනා කැඳවා අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂඛ එල්.ඩී කරුණාරත්න මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතර වටේට බණ ඇහෙන, සුදුවතින් ගොස් බෝගස් පමණක් නාවන, ලෝකයේ උතුම්ම රට කියා පොඩි පන්තිවල උගන්වන, නිර්මල බුදුදහම පවතින එකම රට යයි උදම් අනන මේ රටේ මෙහෙම දේවලුත් වෙනවද? බලාගෙන ගියාම වැඩි හරියක් ඉන්නේ පව්කාරයෝනේ.
සාරධර්ම පිරිහෙච්ච රටක වෙන දේවල්වලට මොනවා ලියන්නද.
රටේ පුජකයෝ දේශපාලනේ හා ව්‍යාපාරවල, මිනිස්සුන්ට ධර්මතා උගන්වන්න කෙනෙක් නැ, මිනිස්සු අරාජික වෙලා ධර්ම ද්වීපය හදවතේ තෙතමනයක් නැති මුරුගයන්ගේ රටක් වෙලා.
මේ ළමුන්ද , නව දෙනෙකුට බැරිද අම්මව බලා ගන්න
සිංහල බෞද්ධ ජාතියේ පරම්පරා ගති පැවතුම්
බුද්ධ කාලයේත් ඔහොමවුන අවස්ථාවක බුදුහිමියන්ගේ ඉගෙන්වීමක් අනුව එම පියා සැනසිල්ලක් ලැබුවා කියල සඳහන් වෙනවා
විවාහයෙන් පසු බෑනා හෝ ලේලිය ගෙන් එන ප්‍රතිරෝධය වගේම දේපොළ සමව දරුවන් අතරේ බෙදා නොදීම සහ අපි විතරක් මොකටද සලකන්නේ තවත් දරුවෝ ඉන්නවනේ කියන දේවල් නිසා වයසක දෙමව්පියෝ අසරණ වෙනවා. මහගෙදර ඉන්න කෙනා අනෙක් දරුවන්ගේත් උදව් අරගෙන දෙමව්පියන්ට සලකන එක තමයි වෙන්න ඕනේ. දෙමව්පියෝ වැඩිපුර කැමති මහගෙදර ඉන්න.